පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නය උදෙසා ඉදිවෙමින් පවතින අභිනව දාන ශාලාව සඳහා ආසන 250 ක් පූජා කිරීමේ මහඟු පින්කම පසුගිය ජනවාරි මස 31 වන දින සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේදී සිදු කෙරිනි. පිට්ටුගල මාලබේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයට සම්බන්ධ සැදැහැවත් දායක පින්වතුන් ගේ මෙන්ම කොළඹ බුදුසුවඳ සදහම් වැඩසටහනට සම්බන්ධ සැදැහැවත් උපාසක උපාසිකාවන්ගේ මූල්‍යමය දායකත්වයෙන් මේ ආසන සකස් කරන ලදී.

එම සැදැහැවතුන් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ද පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා ගේ ප්‍රධානත්වයෙන් ද එදින සවස සිරි ගෞතම බෝධි වන්දනාව පවත්වා ඉන් අනතුරුව ගෞරවණීය මහා සංඝ රත්නය එම ආසන වල වඩා හිඳුවා එම ආසන ස`ග සතු කොට පූජා කරන ලදී. එහිදී අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු උතුම් ධර්මානුශාසනාවෙන් පැමිණ සිටි සැදැහැවත් පිරිස අප්‍රමාණ ප්‍රීතියට පත්වුනි. ඉන්පසු මහා සංඝ රත්නය උදෙසා ගිලන්පස පූජා කොට රැස්කළ සියලු පින් දෙවියන්ටත් මියගිය ඤාතීන්ටත් අනුමෝදන් කොට සෙත් පිරිත් සජ්ඣායනාවකින් එම පින්කමේ කටයුතු නිමාවට පත්වුනි.

මේ උතුම් පුණය කර්මය සියල්ලෝම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

මේ උතුම් පින්කම සඳහා දායකත්වය දැරූ සියලු දෙනාටත් මේ උතුම් පින්කම සාර්ථක කරගැනීමට අනුග්‍රහය දැක්වූ සියලු පින්වතුන්ටත් දැක බලා අනුමෝදන් වූ සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම මේ සියලු පින් හේතු වාසනා වේවා!

සාදු! සාදු! සාදු!

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නය උදෙසා ඉදිවෙමින් පවතින අභිනව දාන ශාලාව සඳහා ආසන 250 ක් පූ…

Posted by Mahamevnawa Monastery on Feb 15, 2015