මනුලොවත් දෙව්ලොවත් බඹලොවත් යන මේ තුන්ලොවේම මෙතරම් වැඳුම් පිදුම් ලබනා පුද පූජාවන් ලබනා වෙනත් ශාස්තෘවරයෙක් මේ ලෝකයෙහි වෙන නැත.

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවම සම්බුදු රැසින් නහවමින් උතුම් සම්බුද්ධත්වයට පත්වන වේලේ විහිදුනු සවනක් ඝණ සම්බුද්ධ රශ්මි මාලාවන් සංකේතවත් කරමින් සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවෙහි වැඩසිටින ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරස වටා අලංකාර බුදුරැස් මාලාවක් නිර්මාණය කරන ලදී. ස්වර්ණ වර්ණ ආලේපිත, පිත්තල ලෝහයෙන් නිමවන ලද මනරම් කැටයමින් සුසැදි අඩි 9ක දිගින් හා අඩි 1.5 ක පළලින් යුතු මෙම බුදුරැස් මාලාව රැස් දහරා 21 කින් සමන්විත වේ. මෙම උතුම් පුණ්‍ය කර්මය සඳහා දෙස් විදෙස් බොහෝ සැදැහැවතුන් මුදල් ආධාර ලබාදෙන ලදී. මෙම මාහැඟි පුණ්‍යකර්මය සඳහා ශක්ති පමණින් ආධාර කරමින් දායකත්වය ලබාදුන් සැදැහැවත් සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ දුර්ලභ භාග්‍ය උදාවේවා !

සියලු දෙනා මේ අසිරිමත් පුණ්‍ය කර්මය දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අලංකාර බුදුරැස් මාලාව (මනුලොවත් දෙව්ලොවත් බඹලොවත් යන ම…

Posted by Siri Gauthama SambuddhaRaja Maligawa on Monday, April 20, 2015