ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම රහතන් වහන්සේලා සැට නම, ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් සංදේශය රැගෙන, බරණැස ඉසිපතන මිගදායේ සිට ගම් දනව් සිසාරා වැඩමකොට වදාලේ පින්බර ඉල් පුන් පොහෝ දිනයේදී ය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාක කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 14 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය පින්බර ඉල් පුන් පොහෝ දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි…

මෙම උතුම් ධර්ම දානමය පුන්‍යකර්මයෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයන්, පොත් කට්ටල් බෙදා දීම සඳහා මහත් ශ්‍රද්ධාවෙන් යතුව පරිත්‍යාගයන් ලබා දුන් සියලු පින්වතුන්ටත්, පින් කැමති සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා…!

ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ පින්බර ඉල් පුන් පොහෝ දින (06 දින) සදහම් පොත් කට්ටලයන් ලද ආයතනයන්

  • 01. පූජ්‍ය එළුවාපිටියේ මහින්ද ස්වාමීන් වහන්සේ, ගරු ලේඛකාධිකාරී, හලාවත ප්‍රාදේශීය සංඝ සභාව, රතනසෙවණ දහම් පාසල, වීරකුමන්දළුව, බංගදෙණිය.
  • 02. පින්වත් විමලරතන ස්වාමීන් වහන්සේ, ඉසිපතනාව ධම්මසෝභා විවේකාශ්‍රමය, ඇල්ල, බටුගම්මන, මොණරාගල
  • 03. පින්වත් නෙලිවැවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ, ශ්‍රී පියරතන දහම් පාසල, ඉලුකේවල, වෑඋඩ.
  • 04. පින්වත් කුරුණෑගල සුමේධ ස්වාමීන් වහන්සේ, ශ්‍රී බෝධිරුක්ඛාරාම දහම් පාසල, සෙනරත්ගම, මහගල්කඩවල.
  • 05. පින්වත් මහගම සුධම්ම ස්වාමීන් වහන්සේ, ශ්‍රී සුමන දහම් පාසල, ශ්‍රී සුමනාරාමය, ඇරූපෝරුව, අයගම, රත්නපුර.
  • 06. ගරු ප්‍රධානාචාර්ය, ශ්‍රී සුහද දහම් පාසල, ඇලබඩගම බටහිර, සුහද ජනපදය, ඇලබඩගම.
  • 07. ගරු පුස්තකාලයාධිපති, හතරලියද්ද මහජන පුස්තකාලය, වැලිගොඩපොල, තුම්පනේ, ගලගෙදර.
  • 08. ගරු ලේඛකාධිකාරී, කහටගස්දිගිලිය, ප්‍රදේශීය මහජන පුස්තකාලය, කහටගස්දිගිලිය.
  • 09. පින්වත් කඹුරාදෙණියේ ඤාණතිස්ස ස්වාමීන් වහන්සේ, ආලෝක රජමහා විහාරය, නෙළුවේගෙදර.
  • 10. ගරු විදුහල්පතිතුමා, කෑ/පින්දෙණිය විද්‍යාචක්‍රවර්තී මධ්‍ය මහා විද්‍යාලය, අටාල.
  • 11. ගරු විදුහල්පතිතුමා, කු/විදර්ශන විද්‍යාලය, හොඳැල්ල, මැටිකුඹුර, පොල්ගහවෙල.
  • 12. ගරු විදුහල්පති, බුරුසේගොඩ කණිෂ්ඨ විද්‍යාලය, මහරච්චිමුල්ල.
  • 13. ගරු විදුහල්පති, ගාමිණී මහා විද්‍යාලය, වරකාපොල.
  • 14. ගරු පුස්තකාලයාධිපති, මහජන පුස්තකාලය, නාරම්මල.