“මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු” යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන පසුගිය ඉරිදා දින (2016-08-21 වන දින) පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේදී ලේ දන්දීමේ පින්කමක් පැවැත්වුනා. මෙහි දී රුධිරදායකයන් 201 දෙනෙක් තම රුධිරය පරිත්‍යාග කළා.

අසරණ රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම පිණිස තම රුධිරය පරිත්‍යාග කළ ඒ සියලු දෙනාටත් මේ පින්කම සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා ලබාදුන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ආහාරපානාදියෙන් සංග්‍රහ කළ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතුවාසනා වේවා!