ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 15 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය වෙසක් මස 17 වන ඉරුදින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි. 

මෙම උතුම් ධර්ම දානමය පුන්‍යකර්මයෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයන්, පොත් කට්ටල් බෙදා දීම සඳහා මහත් ශ්‍රද්ධාවෙන් යතුව පරිත්‍යාගයන් ලබා දුන් සියලු පින්වතුන්ටත්, පින් කැමති සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා…!

ශ්‍රී බුද්ධ වර්ෂ 2559ක් වූ වෙසක් මස 17 වන දින සදහම් පොත් කට්ටලයන් ලද ආයතනයන්

  • 01. ඩී. එස්, සේනානායක මහා විද්‍යාලය, ඉගිනියාගල.
  • 02. අ/ගාමිණී මහා විද්‍යාලය, අම්පාර.
  • 03. පන්නල ජාතික පාසල, පන්නල.
  • 04. රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය, (ඉසුරු පාසල) හොරොව්පොතාන.
  • 05. කපුගොල්ලෑව මහා විද්‍යාලය, කපුගොල්ලෑව, හොරොව්පොතාන.
  • 06. මොරවැව විදුහල, මොරවැව, හොරොව්පොතාන.
  • 07. ව/පොපි/මඩහපොලකන්ද මහා විද්‍යාලය, මඩහපොල.
  • 08. ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, හොරොව්පොතාන.
  • 09. ශ්‍රී සීලරතන දහම් පාසල, මොරවැව, හොරොව්පොතාන.
  • 10. මහජන පුස්තකාලය, මහ නගර සභාව, අනුරාධපුර.
  • 11. අමාසයුර සදහම් පුස්තකාලය, පොලීසිය අසල, තඹුත්තේගම.
  • 12. ප්‍රගති කාන්තා සමිතිය, පරගහකැලේ, අම්පාර.
  • 13. වාසනා ගොවි කාන්තා සමිතිය, කොස්සපොල, අම්පාර.
  • 14. ඕවිලිකන්ද මහා විද්‍යාලය, ඕවිලිකන්ද, මාතලේ.
  • 15. ශ්‍රී ස්වර්ණගිරි ආරණ්‍ය සේනාසනය, වතුරවෙල, කොස්ගොඩ, බෙන්තර.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්ම…

Posted by Mahamevnawa Monastery on Tuesday, May 19, 2015