අපේ ආච්චිගේ ලස්සන බණ කථා

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 30

2019-03-07T16:24:30+05:30March 7th, 2019|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

බෝධි පූජාව මේං මෙහෙම කරන්ට. ඉස්සෙල්ලා ම අද මං කොළා වාගේ මලසුන් ගෙවල්වල පරමල් අස් කොරන්ට ඕනෑ. ඊට පස්සේ මලසුන් සෝදන්ට ඕනෑ. ඊට පස්සේ මළුව අමදින්ට ඕනෑ. ඊට පස්සේ තමුන් කැමති නම් බෝධීන් වහන්සේව පැන් කළයෙන් පැන් පහසු කොරවන්ට ඕනෑ. ඊට පස්සේ....

Comments Off on අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 30

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 28

2019-02-20T09:18:37+05:30February 20th, 2019|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

බල්ලාට තේරුනා අද නං තමන්ගේ ස්වාමියා ව මරන්ට ම යි මේකා යන්නේ කියලා. බල්ලාගේ හිතේ වාවාගන්ට බැරි ශෝක දුකක් හටගත්තා. ඌ පැනපු ගමන් අර මිනිහාගේ දෙපා හපාගෙන හපාගෙන ගියා. මිනිහා වැටුනා. එතකොට මුහුණට පැනලා හපන්ට පටන් ගත්තා. මිනිහා අසරණව වැටිලා හිටියා.....

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 27

2019-02-16T13:12:48+05:30February 16th, 2019|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

සෑම පුරපක්ෂයක හෝ අවපක්ෂයක අටවෙනිදා සතර වරම් දෙවිවරු මනුලොව බලනවා. පොළෝ තලේ හොඳින් විමසා බලනවා. යම් ගැහැණියක් හෝ පිරිමියෙක් හෝ අවංකව ම බුද්ධ රත්නය සරණ ගොහින් නම්, අවංකව ම ධර්ම රත්නය සරණ ගොහින් නම්, අවංකව ම සංඝ රත්නය සරණ ගොහින් නම්....

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 26

2019-02-11T09:15:08+05:30February 11th, 2019|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

කුමාරයා පොකුණට බැස්සා. හිස සෝධා නාගත්තා. දිය යට කිමිද බඩ පුරා මඩ කෑවා. පැන් බීවා. පොකුණෙන් ගොඩට ආවා. කඩුව අතට ගත්තා. විදුලියක් වගේ හිස වටා කැරකෙව්වා. මහජනයා පුදුමයෙන් බලා සිටිද්දී ගුරුළු පැටියෙක් වගේ අසූ අට රියනක් අහසට පැන නැංගා. හැට රියනක් උසට තිබුණු උණදඬු මිටිය.....

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 25

2019-02-07T22:25:53+05:30February 7th, 2019|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

“නිදකිං විතරක්!... මෙච්චර මස් තියෙන ගෙයි මට කන්ට මස් නැද්ද?” කියා මන්නයක් අරං ගේ පිටිපස්සට ගියා. තණකොළ කන වස්සාගේ දිව ඇදලා කැපුවා. “මේං මේක උයලා දිපිය” කියා මායියාට දුන්නා. උන්දැ භය වෙලා හනිකට උයලා දුන්නා. වියදියා බත් කෑවා විතරයි මුළු ශරීරය ම ගින්නෙන් පුළුස්සනවා වාගේ....

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 24

2019-02-04T18:07:37+05:30February 4th, 2019|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

වෙසක් පොහෝ දවසක හැන්දෑ ජාමේ අපේ භාග්‍යවතුන් වහන්සේ නේරංජරා නදිය අසබඩ ජය සිරි මහබෝ සෙවනේ වජිරාසනය මත වාඩිවුනා නොවැ. මහා අධිෂ්ඨානයක් ගත්තා. නිවන් අවබෝධ නොකොට නැගිටින්නේ ම නෑ කියා සිතට ගත්තා. ආන්න එතකොටයි මාරයා ගැස්සුනේ. උන්දෑ කලබල වුනා....

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 23

2019-02-02T14:17:27+05:30February 2nd, 2019|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

මං ඉතාම ආදර ගෞරවයෙන් බණ අසද්දී මේ නාගරජ්ජුරුවෝ මගේ සිත රාගයට පොළඹවා ගන්ට නොයේක් කරුණු කීවා. නමුත් මං මයෙ සිත කය වචනය යන තුන්දොර ම මෙයැයිගේ සරාගී කතාවට යොමු නොකොට, ආසා නොකොට ධර්මයට ම ආසා කළ බව සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන්.....

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 22

2018-12-23T15:12:54+05:30December 23rd, 2018|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට වේවා, පසේ බුදුරජාණන් වහන්සේ නමකට වේවා, අර්හත් උතුමෙකුට වේවා පුදන ලද දානයේ විපාක ගැන නම් දෙවි වූ අපටවත් කියන්ට බැරිතරම් මහා අනුහස් බලයෙන් යුක්තයි. නමුත් තමුන්නාන්සේගේ කලින් ආත්මේ කළ ඉතාම ස්වල්ප පිනක් මට පේනවා......

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 21

2018-12-11T21:35:15+05:30December 11th, 2018|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

ඉතින් පුතේ, මේ කතාව වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට පහදා දුන්නේ මාරයාගේ බන්ධනය ඔයිටත් වඩා ගොඩාක් සියුම් කියලයි. මේ කාලේ රහත් උනා ය, මගඵල ලැබුවා ය, ධ්‍යාන සමාපත්ති ඉපදුවා ය, බුදුරජාණන් වහන්සේ මෙහේ උපන්නා ය, මෙහෙ බුදු උනා ය,.....

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 20

2020-04-14T19:50:39+05:30November 18th, 2018|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

ලෝකය කිව්වාම ඉන් අදහස් කරන්නේ මේ පෘථුවිය විතරක් නෙමේ. පහළ අපාගත ලෝකත් ආභස්සර බඹතලේ දක්වා ඇති සියලු ලෝක හොඳේ.... ඉතින් ලෝක විනාශයේදී ඒ විනාශය තුන් අයුරකින් වෙනවා. ගින්නෙන් විනාශ වෙනවා. ජලයෙන් විනාශ වෙනවා. සුළඟින් විනාශ වෙනවා.

Go to Top