නුවණ වැඩෙන බෝසත් කථා

ජාතක පොත් වහන්සේ ඔබ කියවලා ඇති. කුඩා අවධියේත්, පාසලේදීත්, සරසවියේත්, පන්සලේ බණ මඩුවේත්, වෙසක් නාඩගමේත් අපි ජාතක කථා රස වින්දෙමු. නමුත් එහි සෑබෑ අරුත කුමක් දැයි තේරුම් ගන්නට අප සමත් වූ වගක් නම් නොපෙනේ.

‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුත් පළකරන ලද ජාතක කථා

10. උපායශීලීබව (දුම්මේධ ජාතකය)

ඇතැම් නුවණැති අය ඉතාමත් උපායශීලිව තමන්ගේ පිරිය යහමගට ගන්නවා. සමහර දරුවන් ඉතාම උපායශීලීව තම දෙමාපියන්ව යහමගට ගන්නවා. සමහර දෙමාපියන් ඒ වගේම තම දරුවන්ව යහමගට ගන්නවා. ඇතැම් ස්වාමිවරුන් තම භාර්යාවන්ව ඉතාම උපායශීලීව යහමගට ගන්නවා. බිරින්දෑවරුන් තම ස්වාමිවරුන්ව ඒ වගේම යහමගට ගන්නවා. මෙයත් එබඳු කථාවක්.

049. මගුල් කැඩූ නැකත ගැන කථාව(නක්ඛත්ත ජාතකය)

අද පවා බොහෝ දෙනෙක් තමන් කරන කටයුත්තේ වටිනාකම දන්නේ නෑ. ඒ නිසා ඔවුන් තමන්ගේ කටයුත්තට ප්‍රධානත්වය නොදී සුභ නැකතකට ප්‍රධානත්වය දෙනවා. නමුත් එතනදී වටින්නේ ....

047. වාරුණීදූසක ජාතකය

පින්වතුනේ, පින්වත් දරුවනේ, වගකීමක් දෙන්ට ඕනෑ යමක් තේරෙන කෙනෙකුටයි. මෝඩ අයට වගකීම් භාරදීමෙන් බොහෝ පාඩු සිදුවෙනවා. මෙයත් එබඳු කථාවක්. ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේ....

046. ආරාමදූසක ජාතකය

පින්වතුනේ, පින්වත් දරුවනේ, අනුවණයන්ට වැඩ භාරදීමෙන් නැති කරදර ඇතිවෙනවා. ඒ වගේම බොහෝ පාඩු සිදුවෙනවා. විසඳ ගන්ට බැරි ප්‍රශ්න ඇතිවෙනවා. ඒ අනුවණයන්ගේ කටයුතු නිසාමයි.

045. රෝහිණී ජාතකය

මේ කථාවෙන් කියවෙන්නේ අධික මෝඩකම ගැනයි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු අතින් මෝඩකම් කෙරෙනවා. ඒ මෝඩකම් නිසා පස්සේ පසුතැවෙන්නත් සිද්ධවෙනවා. මේ මෝඩකම් සාමාන්‍ය මෝඩකම්වලට වඩා භයානකයි.

044. මකස ජාතකය

අධික මෝඩකම ජීවිතයකට කොහෙමත්ම තිබිය යුතු නෑ. ඒ බලවත් මෝඩකම නිසා තමාත් නොයෙක් කරදරවලට ලක්වෙනවා. තමන් ඇසුරු කරන අයත් අමරුවේ වැටෙනවා. දැන් කියවෙන්නේ එබඳු කථාවක්.

417. කච්චානි ජාතකය- kachchane jatakaya

අනේ ස්වාමී... මට තවත් මේ දුක ඉවසගන්ට අමාරුයි. ඔයාට තේරෙන්නේ නැද්ද මේ කාලකණ්ණි මහ ගෑණි මට දෙන වද කන්දරාව. දැන් තියෙන්නේ එක උත්තරයයි. එක්කෝ මහගෑණිව මේ ගෙදර තියාගන්ට, මාව යවන්ට.

043. වේළුක ජාතකය(veluka jaatakaya)

අකීකරුකම කියන්නේ කෙනෙකුගේ ජීවිතයක ඇති ඉතාම අවාසනාවන්ත දෙයක්. මොනතරම් යහපත් අවවාදයක් කළත් ඒ තැනැත්තා එයට ඇහුම්කම් දෙන්නේ නෑ. තමන් හිතන දේ විතරක්ම කරනවා. එබඳු අකීකරු කෙනෙකු....

042. කපෝතක ජාතකය- kapothaka jaathakaya

කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල් බව හේතු.....

096. තේලපත්ත ජාතක කතාව -Thelapattha Jathakaya

ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා අසාර්ථක වෙනවා. එක්තරා කාලයක අපගේ භාග්‍යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි....