ශ්‍රී බු.ව. 2550 වෙසක් සදහම් මංගල්‍යය සහ ශ්‍රී බු.ව. 2551 වෙසක් සදහම් මංගල්‍යය මහමෙව්නාව භාවනා අසපුව විසින් පවත්වන ලද්දේ කොළඹදී ය. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සහ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් එම සදහම් වැඩසටහන් ඉතා සාර්ථකව සිදු කරන ලද්දේ කොළඹ බුදු සුවඳ පදනම මගිනි. බුද්ධ වන්දනා, සූත්‍ර දේශනා විස්තර කරමින් පවත්වන ලද ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් රැසක් මෙම සීල භාවනා වැඩසටහනේදී පවත්වන්නට යෙදුණි.

ශ්‍රී බු.ව. 2550 වෙසක් වැඩසටහන

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද ශ්‍රි බු.ව. 2550 බුදු සුවඳ වෙසක් සීල භාවනා වැඩසටහන

ශ්‍රී බු.ව. 2551 වෙසක් වැඩසටහන

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද ශ්‍රි බු.ව. 2551 බුදු සුවඳ වෙසක් සීල භාවනා වැඩසටහන