පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 පෙබරවාරි මස 10 වෙනි දින (නවම් පුන් පොහෝදා) සංයුත්ත නිකායේ (5-2) ගිලාන සූත්‍රය විස්තර කරමින් පවත්වන්නට යෙදුණු සුමධුර ධර්ම දේශනය…

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

ද අපි සාකච්ඡා කරන සූත්‍රය අන්තර්ගත වන්නේ සංයුත්ත නිකායට. මේ දේශණාවේ නම තමයි ගිලාන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ දේශණාව වදාළේ ශාක්‍ය ජනපදයේ කපිල වස්තු නගරයේ නිග්‍රෝධාරාමයේ වැඩ වසන කාළයේ. බුදුරජාණන් වහන්සේ වස් කාළය අවසන් වෙලා චාරිකාවේ වඩින්න සූදානම් වුනා. සිවුරු මහලා අවසන් කරලා, භික්ෂූන් වහන්සේලා සමග චාරිකාවේ වඩින්න සූදානම් වෙද්දි මහානාම ශාක්‍ය රජ්ජුරුවන්ට ආරංචි වුනා බුදුරජාණන් වහන්සේ දැන් ආපහු චාරිකාවේ වඩින්න යන්නේ කියලා. ඉතින් පින්වත්නි, ඒ කාළේ පොත් පත් නෑ. ධර්මය ඒ කාළේ පොත් පත් වලට ගත්තේ නෑ. සාමාන්‍යයෙන් මනුස්සයෝ අහන ධර්මයෙන් අහපු දෙයක් මතක තිබුණා පමණයි. මේ කාළේ අහන දේවල් මතක නැතුව යනවානේ වේගයෙන්.

දැන් මේ කාළේ ධර්මයක් ඇහුවාම ධර්මයේ හිත පිහිටුවනවා බොහෝ අඩුයි. සාමාන්‍යයෙන් වෙනත් ළාමක කුණු ගොඩක් ඇහුවාම අහපු ගමන් හිත පිහිටනවා. ඊලගට ඒ කාළේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන බොහෝ පිරිස් ඒ බැලූ පමණින් හිත පහදවා ගත්තා. මේ කාළේ ඒ හැකියාට මිනිස්සුන්ට නෑ. බෝධීන් වහන්සේ දිහා බලාගෙන බැලූ පමණින් හිත පහදවා ගත්තා. ධර්මය අහලා ඇසූ පමණින් හිත පහදවා ගත්තා. හිත පහදවා ගත්තට පස්සේ ඒක හිතේ පැළ පදියම් වෙනවා. ඒක හොදට හිතේ බැස ගන්නවා. මේ කාළේ ඒ හැකියාව මිනිස්සුන්ට නෑ. මේ කාළේ හිතේ පැළ පදියම් වෙන්නේ කුසල්ද? අකුසල්ද? අකුසල්.. ළාමක දේවල්. නිකන් හිතේ පැහැදීමක් ඇති වුනත් මට හිතේ ලොකු පැහැදීමක් තියෙනවා කිය කිය ඒක කියනවා අනිත් අයගෙන් ප්‍රශංසා ගන්න. ඒ කියන්නේ තමන්ට මොකක් හරි ගුණ ධර්මයක් ඇති වුනොත් ඒක කියවනවා. ඒකට කියන්නේ මොකක් කියලද? මහේච්ඡතාවය කියලා. මහේච්ඡතාවය කියලා කියන්නේ අන් අයගෙන් ප්‍රශංසා ලබන්න තියෙන ආශාව. කැපී පේන්න තියෙන ආසාව. ඒවා නිසා හරි හානී වෙලා තියෙනවා මිනිස්සුන්ට.

ඒ කාළේ එහෙම නෑ. එකනේ බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න කලින් බලනවා මොනවද? පස් මහ බැලුම්. ඒ මොනවද කාළය, දීපය, දේශය, කුළය, මව් කියන දේවල් බලනවා. ඒ සියලු දේවල් බලලා තමයි උපන්නේ. බුදුරජාණන් වහන්සේව ලගින් ඇසුරු කළා උන්වහන්සේගේ සහෝදරයෙක් වෙන මහානාම ශාක්‍ය රජ්ජුරුවෝ. ශාක්‍ය රජ්ජුරුවන්ට ආරංචි වුනා උන් වහන්සේ සිවුරු පිළියෙල කරලා දැන් ඔන්න චාරිකාවේ පිටත් වෙන්නයි හදන්නේ කියලා. මේ කාළේ නම් අපිට රූපවාහිනී තියෙනවා. පොත් පත් තියෙනවා. නොයෙක් දේවල් තියෙනවා. මේ කාලේ අහනවා අහනවා අපි කියනවා කියනවා ඒත් දියුණුවක් නෑ. ඒ කාළේ බොහෝම චුට්ටයි අහන්නේ. නමුත් අහපු දේවල් තුලින් මිනිස්සු දියුණුවකට යනවා.