පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-6-8 වන පොසොන් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී තිරෝකුඩ්ඪ සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනයකි.

කල්ප අනූ දෙකකට පෙර ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේ සංඝයා වෙනුවෙන් වෙන් කරන ලද භෝග සම්පත් හොරාකෑ පිරිසක් මරණින් මතු ප්‍රේත ලෝකයේ ඉපිද කල්ප අනූදෙකක් පුරා සාපිපාසාවෙන් දුක් විඳ බ්ම්බිසාර රජු බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය උදෙසා පිදූ දානයේ පින අනුමෝදන්ව සැපයට පත් වූ ආකාරය මෙම දේශනාවෙන් විස්තර වේ.

එමෙන්ම ධර්මාවබෝධය කරා යන උග්ඝටිතඤ්ඤූ, විපඤ්චිතඤ්ඤූ, නෙය්‍ය යන පුද්ගලයන් තුන් දෙනෙක් පිළිබඳවත් ධර්මය කොතරම් ඇසුවද ඒ ඇසූ පමණින්, ශ්‍රමණ ශ්‍රමණ මාත්‍රයෙන් පමණක් සතුටු වෙමින් සිටින පදපරම පුද්ගලයා ගැනත් මෙම දේශනය ආරම්භයේදී විස්තර වේ.