පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 පෙබරවාරි මස 19 වෙනි දින නෙළුම් පොකුණ රඟහලේදී තරුණ දූ දරුවන් වෙනුවෙන්ම පවත්වන්නට යෙදුණු යොවුන් දහම් සක්මන ධර්ම දේශනය.

පින්වත් දරුවනේ,

ද අපි මේ යොවුන් දහම් සක්මන පවත්වන්ට කල්පනා කළේ යෞවනේ නාමයෙන් මහ විනාශයකට බඳුන් වෙවී යන මේ තරුණ දරුවන්ට යහපතක් උදා කර දීමේ අදහසින්. මේ දරුවන් දන්නවා මේ මාසේ පෙබරවාරි මාසේ දාහතර වෙනිදා වැලන්ටයින් දිනය කියලා දිනයක් මෑත කාළයේ අපට අසන්නට ලැබුණා. සමහරු ඒක පෙම්වතුන්ගේ දිනය කියල හදුන්වා ගත්තා. සාමන්‍යයෙන් මං හිතන්නේ අපට ඔය වැලන්ටයින් දිනය ගැන අසන්ට ලැබුනේ මීට අවුරුදු පහළොවකට, දහ අටකට විතර කළින්. අපි පුංචි කාළේ අහලා නෑ. අපි තරුණ කාළෙත් අහලා නෑ. එක්දාස් නමසිය අනූ අටේ, අනූ නමයේ අවුරුද්දේ ඒ කාළේ ඉදලා තමයි මේක ප්‍රචාරය වෙලා ගියේ. මං එහෙම කිව්ව, නැත්නම් මේ දරුවන් හිතයි මේක ගොඩාක් පරණ, පරම්පරාගත ඇදහීමක් කියලා. මේ වෙද්දි මේ වැලන්ටයන් දිනය වෙනුවෙන්, මං දැක්කා ලිපියක් තියෙනවා. මේ දිනය වාණිජකරණයට ලක් වීම නිසා ඩොලර් කෝටි අටසීයක, නමසීයක ආදායමක් ලබන මේක වාණිජ රැල්ලක්. මේ රැල්ලට ගොදුරු කරගන්නේ තරුණ පුතුන් සහ තරුණ දියණියන්.

ඉතින් මේ නිසා මට හිතුනා මේ වැලන්ටයින් දිනය මොකක්ද කියලා සොයලා බලන්න.

මොකද අපිවත් ඉස්සර මේ ගැන අහල තිබුණේ නෑ. මේවා යම් යම් මාධ්‍ය විසින් අපේ ඔලුවට දාපු දේවල්. මේ වෙද්දි ඒක සමාජය තුල මේ ළමයින්ව වසඟ කරවන, මුලාවට පත් කරන දෙයක් බවට පත් වෙලා. ඒ නිසා විශාල හානි අපට වෙලා තියෙනවා. ඉතින් මේ වැලන්ටයින් දිනය ගැන පාදක වුන තොරතුරු අන්තර්ජාලයේත් තියෙනවා.

දරුවනේ අතීතයේ රෝම රාජ්‍යයේ උත්සවයක් තිබිලා තියෙනවා පෙබරවාරි මාසේ දහතුන, දාහතර, පහලොව කියන දවස් තුනේ. මේ දිනය තිබිලා තියෙන්නේ වෘක දේවතාවක් සමරන්න. ඒකට හේතුව තමයි ඔය රටවල් වල විශ්වාසයක් තිබිලා තියෙනවා අනාථ වෙච්ච පුංචි දරු දෙන්නෙක්ව වෘක දේනුවක් කිරි පොවලා හැදුවා කියලා. ඒ වෘක ධේනුව හදාපු දරු පරපුරෙන් තමයි ඔය යුරෝපේ වර්ගයා බෝ වෙලා ගියේ කියලා. මේ උත්සවේ අරමුණු දෙකක් තියෙනවා. ඒ තමයි යුරෝපයට එනවා තද සීතලක්. සීත ඍතුව ඉවර වෙලා එනවා වසන්ත සෘතුව. වසන්ත සෘතුව එනකොට ඒ මිනිස්සු සීත සෘතුවට අහුවෙලා බොහෝම සෞඛයෙන් දුර්වල වෙලා. ඒ කාළේ ලයිට් නෑ එච්චර පහසුකම් තිබ්බේ නෑ. ඉතින් ඒ මිනිස්සන්ට බයක් තිබුනා නපුරු භූතයන්ගෙන් ඒ මිනිස්සුන්ට කරදර වෙනවා කියලා. එතකොට භූතයෝ පලවා හරින්නත්, තමන්ගේ සෞඛය සංවර්ධනය පිනිසත් තමයි මේ උත්සවය පැවැත්වුනේ…..