පට දැනගන්න ලැබුණා හබරණ රෝහලේ ඇඳන් මත ඇති මෙට්ට රෝගීන්ට පරිහරණය සදහා නුසුදුසු මට්ටමේ ඇති බව. මේ පිළිබඳව Arpico ආයතනයට කළ ඉල්ලීමකට අනුව එම ආයතනය විසින් නොමිලේ මෙට්ට 42 ක් පිරිනමන ලදී. අනතුරුව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී (DMO) තුමා අප වෙත පවසා සිටියේ රෝහලේ පිරිමි වාට්ටුවේ එකදු වැසිකිලියක් වත් පරිහරණය කිරීමට නොහැකි නිසා මාස 8ක 9ක පමණ කාලයක් පරිහරණය නොකර වසා ඇති බවයි. එමෙන්ම රොගීන් අසරණව තාවකාලික කුඩා කාමරයක හිරවී දුකසේ ප්‍රතිකාර ලබන අයුරු දැක රෝගීන්ට පහසුවෙන් ප්‍රතිකාර ලැබීම පිණිස එම වාට්ටුවත් වැසිකිළි පද්ධතියත් අළුත්වැඩියා කර දීමට අප අදහස් කළෙමු. ඒ අනුව අපගේ ගුරුදේවෝත්තම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ද ආශිර්වාදය සහිතව එම කටයුතු ඉක්මනින් අරඹන ලදී.

මේ අයුරින් ඇරඹුන හබරණ රෝහලේ පිරිමි වාට්ටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන් වාට්ටුවේ ඇතුලත ටයිල් ඇතිරීම, තීන්ත ආලේප කිරීම, අළුතෙන් දොර ජනෙල් සවිකිරීම, වාට්ටුවේ ඇඳන් පිරිසිදු කර තීන්ත ආලේප කිරීම, නවතම විදුලි පහන් සවිකිරීම, මදුරු දැල්, කොට්ට, ඇඳ ඇතිරිලි, කබඩ්, මේස, පුටු ආදිය ලබාදීම, විශේෂයෙන් ලීවලින් සාදන ලද ලොකර් ලබාදීම, රෝගීන්ට උණුවතුර ස්නානය කිරීම සදහා හීටරයක් සවිකිරීම, පානීය ජලය නොමැතිව අසරණව සිටි රෝගීන්ගේ පරිහරණයට ආරෝ ෆිල්ටරයක් ලබාදීම, ශ්‍රද්ධා රූපවාහිනිය නැරඹීමේ අවස්ථාව සලසා දීම, ඉතා පිරිසිදුව සැකසූ වැසිකිළිවල රෝගීන්ට අල්ලාගෙන නැගිටීමට සුදුයකඩ ආධාරක ද සවිකිරීම, කාර්ය මණ්ඩලය සදහා නව නානකාමරය සහිත වැසිකිළියක් සකස් කිරීම, සේලයින් කණු, බෙහෙත් ට්‍රොලි, එමෙන්ම දහම් පුස්තක ආදී සියල්ලෙන් අංග සම්පූර්ණ වාට්ටුවක් ඉතා ඉක්මනින් සාදා නිමකිරීමට අපට හැකි විය.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීතුමා විසින් මෙම වාට්ටුවේ ඇති පිරිසිදු බව හා පහසුකම් ගැන සලකා මෙම වාට්ටුව ළමා හා කාන්තා වාට්ටුව ලෙස නම්කරන ලදී. ඒ අනුව රෝගීව අසරණව පැමිණෙන කුඩා දරුවන් හා කාන්තාවන්ට සුව පහසුවෙන් ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව මෙයින් සැළසුණි.

මෙලෙස ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුනු වාට්ටුව තුළ පසුගිය පෙබරවාරි මස 25 වන දින රාත්‍රිය පුරාවට පාළි සිංහල පිරිත් සජ්ඣායනයක් සිදුකොට 26 දින උදෑසන මහා සංඝරත්නය වඩමවා දන්පැන් පුදා සගරුවනේ සුරතින් අසරණ රෝගීන්ගේ පරිහරණය සදහා පවරණ ලදී.

මෙම විශේෂ පුණ්‍ය කර්මය සඳහා ආශිර්වාදය හා ආධාර උපකාර ලබාදෙමින් මග පෙන්වූ ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!

එමෙන්ම මේ සදහා සහය ලබාදුන් මාළඹේ මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ සහ පොළොන්නරුව මහමේවනාව භාවනා අසපුවේ තාවතිංස යාත්‍රා සංවිධානවල සහ උපස්ථාන කමිටුවල සාමාජික සාමාජිකාවන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා!

හබරණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීතුමා ඇතුළු අනෙකුත් වෛද්‍ය මහතුන් හෙද හෙදියන් රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු ගම්වාසීන් සියලු දෙනාටත් විශේෂයෙන් Arpico ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ලලිත් විජේසිංහ මහතා, සැපයුම්සේවා කළමණාකාරිණී ගයනී ද සිල්වා මහත්මිය ඇතුළු සේවක මහත්ම මහත්මීන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා!

නන් අයුරින් කාලයෙන් ශ්‍රමයෙන් ධනයෙන් උපකාර කළ සියළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා!

මෙම ගිලානෝපස්ථානමය පුණ්‍ය ධර්මයේ අනුහසින් සියළු දුක් කරදර පීඩා දුරුවී, නිදුක් නීරෝගීසුව ලැබී, සුවසේ පින්දහම් රැස්කරගනිමින්, මෙලොව ජීවිතය සුවසේ ගතකරමින්, පරලොව සුගති සම්පත් හිමිකරගනිමින්, මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධ කරගැනීමේ දුර්ලභ වාසනාව උදාවේවා!