ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ‍්‍රී සද්ධර්මය ලාංකීය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමේ හා කුඩා කල පටන් දරුවන් ගුණදහමින් පෝෂණය කිරීමේ අරමුණින් කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ ළමා සදහම් හමුව (සිඟිති ලොවට බුදු සමිඳු වඩිනවා) ආරම්භ කෙරිණි. මෙම ළමා සදහම් හමුවට සහභාගී වන කුඩා දරුවන් එක්කොට ළමා පිරිත් කණ්ඩායමක් නිර්මාණය කළ අතර ශ‍්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ වෙසක් පුන් පොහෝ දින කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී ළමා පිරිත් කණ්ඩායමෙහි පළමු පිරිත් සජ්ඣායනාව පැවැත්විණි. මෙහිදී කුඩා දරුවන් 50ක් පමණ එක්ව පැය දෙකක පමණ කාලයක් පිරිත් පේකිරීම සහ මහ පිරිත සජ්ඣායනා කරන ලදී. එම කුඩා දරුවන් විසින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව සජ්ඣායනා කරන ලද එම පරිත්‍රාණ ධර්ම දේශනාවෙහි වීඩියෝ පටය නැරඹීමටත් එම හඬ පටය ශ්‍රවණය කිරීමටත් මෙහිදී ඔබට අවස්ථාව සැලසේ. එම විශේෂ අවස්ථාවෙහි සොඳුරු දසුන් කිහිපයක් ද ඔබට දැකබලා ගැනීම පිණිස මෙහි පළ කරන්නෙමු. ඉතාමත් කැපවීමකින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව පුහුණුවීම් කටයුතු කොට මෙම විශේෂ පරිත්‍රාණ ධර්ම දේශනාව සිදුකළ මේ පින්වත් දරුවන් සියලු දෙනාගේ ජීවිත තුණුරුවන් සරණින් වාසනාවන්ත වේවා! සියලු දෙනාම මේ විශේෂ පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ‍්‍රී සද්ධර්මය ලාංකීය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමේ හා කුඩා කල පටන් දරුවන් ගුණදහමි…

Posted by Mahamevnawa Monastery on Friday, September 18, 2015