ගෞතම බුදු සසුනේ පින්ඵල නෙලනු රිසි ඔබට පින්බර අවස්ථාවක්

දුලබව ලද ගෞතම බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් දායක වනු රිසි සැදැහැති ඔබට ශක්ති පමණින් පහත සඳහන් පින්කම් වලට සම්බන්ධ වී ඔබේ ජීවිතයට මතු සැප විපාක ලබාදෙන පින් රැස්කරගැනීමේ මහඟු අවස්ථාවක් උදාවී ඇත.

ශ්‍රී අංගුලිමාල සෑ පරිශ්‍රයේ ඉදිවන ධර්ම ශාලාව

ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය - බෝවත්ත, බිංගිරිය

ශ්‍රී අංගුලිමාල සෑ රදුන් අභියස ඉදිවන ධර්ම ශාලාව

ශ්‍රී අංගුලිමාල මහා සෑ පරිශ්‍රයෙහි අභිනවයෙන් ඉදිවන ධර්ම ශාලාව සහ මුළුතැන්ගෙය කටයුතු වෙනුවෙන් දැන් ඔබටද දායක විය හැකියි

සිරි ඉන්දක සමන් මහා සෑය

මහමෙව්නාව භාවනා අසපුව - බණ්ඩාරවෙල

සිරි ඉන්දක සමන් මහා සෑය

බණ්ඩාරවෙල, කුඹල්වෙල ප්‍රදේශයේ සුන්දර කඳු මුදුනක පිහිටි මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදිවෙමින් පවතින මෙම චෛත්‍යරාජයන් වහන්සේ සඳහා ඔබටත් දායකත්වය ලබාදිය හැක.

Mathale Mahaseya

සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑය

මහමෙව්නාව භාවනා අසපුව - මාතලේ

සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑය

මාතලේ, මඩවල උල්පත පිහිටි මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින අඩි 150 ක් උසැති මෙම මහාසෑ රජාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සඳහා ද ඔබට දායකත්වය ලබාදිය හැකියි.

අනගාරිකා අසපුවේ කුටි සංකීර්ණය

මහමෙව්නාව අනගාරිකා අසපු මූලස්ථානය - මුතුගල

අනගාරිකා අසපුවේ කුටි සංකීර්ණය

ගෞතම බුදු සසුනේ පිළිසරණ පතා උතුම් අනගාරිකා පැවිදි බව ලබා විවේකීව පිළිවෙත් පුරන පින්වත් මෑණියන් වහන්සේලාගේ නිරාමිෂ පැවැත්ම උදෙසා දඹදෙණිය මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණය වෙනුවෙන් පින්වත් ඔබගේ දායකත්වය ලබාදිය හැකිය.
Nuwaraeliya Idikireem

ධර්ම ශාලාව, සෑරදුන්, කුටි සෙනසුන්

මහමෙව්නාව භාවනා අසපුව - නුවරඑළිය

ධර්ම ශාලාව, සෑරදුන්, කුටි සෙනසුන්

මෙම අසපු භූමිය තුළ ඉදිකිරීමට නියමිත සෑරජාණන් වහන්සේ සඳහාත් ධර්ම ශාලාව සඳහාත් කුටි සෙනසුන් සඳහාත් දායකත්වය ලබාදීමට ඔබට අවස්ථාව තිබේ.

Internet Dhamma Service

අන්තර්ජාල සදහම් සේවාව

ලොව පුරා නිමල සිරි සදහම් පතුරුවනු පිණිස

අන්තර්ජාල සදහම් සේවාව

ලොව පුරා නිමල සිරි සදහම් පතුරුවනු පිණිස අන්තර්ජාලය හරහා සිදුකෙරෙන උතුම් ධර්ම ප්‍රචාරයට ඔබත් දායක වන්න.

Sadaham Parithyaga

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග

සියලු දන් පරදවා ධර්මදානය ජයගනී

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග

දිවයින පුරා පිහිටි පාසල්, පුස්තකාල, විහාරස්ථාන ආදිය සඳහා සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීමේ පින්කමට ඔබත් දායක වන්න.

Sanghopasthana

සංඝෝපස්ථාන

ස්වාමීන් වහන්සේලාගේ සිව්පස පහසුව සැළසීම

සංඝෝපස්ථාන

සිල් ගුණදම් පුරණ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සිවුපස පහසුව සැළසීම සඳහා පින්වත් ඔබගේ ආධාර ලබාදී උතුම් සංඝෝපස්ථාන පුණ්‍යධර්මයන් රැස්කරගත හැකිය.

Meditation Garden

සිරි වාසව භාවනා උද්‍යානය

ඉතා සුවසේ බණ භාවනා කළහැකි රමණීය භූමියක්

සිරි වාසව භාවනා උද්‍යානය

මනා සෙවණින් යුතු ගස්වැල් සිටුවා, සැදැහැවත් උවසු උවැසියන් හට ඉතා සුවසේ බණ භාවනා කළහැකි රමණීය භූමියක් ලෙසින් ඉදිවන භාවනා උද්‍යානය

ගිලන් භික්ෂු රෝහල

ගිලන් භික්ෂූන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා

මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහල

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදහළ බුද්ධෝපස්ථානය නම් වූ ගිලානෝපස්ථානයේ අග‍්‍රතම පුණ්‍ය අස්වනු නෙළන්නට සැදැහැති ඔබත් අප හා එක්වන්න.

Now you can DONATE via VISA / MASTERSAMPATH VISHWA