නමෝ බුද්ධාය!

රසවි සිසුන් 300 කගේ පමණ සහභාගීත්වයෙන් 2016 සැප්තැම්බර් මස 10 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි විශේෂ සදහම් වැඩසටහනක් සහ පසු දින (11) මහා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුනා. මෙම විශේෂ පුණ්‍ය කර්මය සඳහා ශ්‍රී ජයවර්ධනපුර, කැළණිය, පේරාදෙණිය, වයඹ, සබරගමුව, රුහුණු ආදී සරසවි කීපයක ම සිසු සිසුවියන් සහභාගී වී සිටියා. පළමු දිනයේ හිමිදිරි උදෑසන අෂ්ටාංග උපෝසථ සිල් සමාදන්ව දවස පුරා ධර්ම දේශනා, භාවනා, ධර්ම සාකච්ඡා, බුද්ධ පූජා ආදියට සම්බන්ධ වූ ඔවුන් පසුදින උදෑසනත් දහවලත් ඉතාමත් ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය උදෙසා දන්පැන් පිළියෙල කොට පූජා කරන්නට යෙදුනා.

මෙම පින්කම සිදු කරනු ලැබුවේ තම තමන්ගේ ජිවිත වලට උතුම් තුනුරුවනේ ආශිර්වාදය ලබාගැනීමේ අරමුණෙනුත් තම ගුරුවර දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් තම අධ්‍යාපන කටයුතු සුවසේ කරගැනීම පිණිස මේ පින් හේතුවාසනා වේවා යන අරමුණෙනුත් ය. තම යොවුන් ජීවිත වලට අපමණ පින් රැස් වූ මෙම දින දෙක ඔවුන්ගේ ජීවිත වලට අනුස්මරණීය දිනයන් වෙනවාට සැක නැත. සියල්ලෝ මේ උතුම් පුණ්‍ය කර්මය දැකබලා අනුමෝදන් වෙත්වා! මෙම තරුණ දූදරුවන්ගේ ජීවිත වලට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය සැලසේවා! කලණ මිතුරු ඇසුර නිරතුරු සැලසේවා!