මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ ජූලි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 22 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන

  1. ප්‍රධානාචාර්ය මෙහෙණින් වහන්සේ, ගෝතමී ආරාමය, දැරණියගල.
  2. ගරු පුස්තකාලයාධිපතිතුමිය, රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය, දඹුල්ල.
  3. ගරු පුස්තකාලයාධිපතිතුමා, ආචාර්ය කුලසිංහ මහා විද්‍යාලය, උදම්මිට, කොටුගොඩ.
  4. ගරු විදුහල්පතිතුමා, කටුගම්පොල ඉහලමුල්ල ශ්‍රී වේළුවන මහා විද්‍යාලය, අංකුඹුර.
  5. ගරු පුස්තකාලයාධිපතිතුමිය, බමුණුගම මලියදේව කණිෂ්ඨ විද්‍යාලය, කෑගල්ල.
  6. ගරු පුස්තකාලයාධිපතිතුමිය, බෝවත්ත විද්‍යාලය, බිංගිරිය.
  7. ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමා, මාගල කණිෂ්ඨ විද්‍යාලය, දෙහිඕවිට.
  8. ගරු විදුහල්පතිතුමිය, පරණගම විද්‍යාලය, ගිරිඋල්ල.
  9. ගරු විදුහල්පතිතුමිය, ඕවල විද්‍යාලය, කයිකාවල.
  10. ගරු ප්‍රධානාචාර්යතුමිය, සිරි රහල් දහම්පාසල, අභිනවාරාමය, පොතුකොළදෙනිය.
  11. ගරු පරිපාලන නිලධාරීතුමිය, පරිවාස කාර්යාලය, කුලියාපිටිය.
  12. ගරු පුස්තකාලයාධිපතිතුමිය, සකලසූරිය මහජන පුස්තකාලය, දූනගහ.
  13. ගරු පුස්තකාලයාධිපතිතුමිය, පුන්‍යවර්ධන මහජන පුස්තකාලය, දිවුලපිටිය.
  14. ගරු පුස්තකාලයාධිපතිතුමිය, මහජන පුස්තකාලය, තොටිල්ලගහවත්ත.
  15. ගරු පුස්තකාලයාධිපතිතුමිය, සිරිසේන අනුස්මරණ මහජන පුස්තකාලය, බඩල්ගම.
  16. ගරු පුස්තකාලයාධිපතිතුමිය, ඩග්ලස් සිරිවර්ධන මහජන පුස්තකාලය, තම්මිට.
  17. ගරු පුස්තකාලයාධිපතිතුමිය, විමලධර්ම ජයකොඩි මහජන පුස්තකාලය, කළුඅග්ගල.
  18. ගරු පුස්තකාලයාධිපතිතුමිය, රංජිත් නන්දලාල් අනුස්මරණ මහජන පුස්තකාලය, කොටදෙනියාව.
  19. ගරු පුස්තකාලයාධිපතිතුමා, රණජයපුර මහජන පුස්තකාලය, ඉපලෝගම.
  20. ගරු පුස්තකාලයාධිපතිතුමිය, මාගම්මන කණිෂ්ඨ විද්‍යාලය, දෙහිඕවිට.
  21. ගරු විදුහල්පතිතුමා, ලබ්බල විද්‍යාලය, ගිරිඋල්ල.
  22. ගරු විදුහල්පතිතුමිය, මාවරැල්ල විද්‍යාලය, මාවරැල්ල.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.