ළැඹුණා වූ නව බුද්ධ වර්ෂය වෙනුවෙන් අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා පිණිස කඩුවෙල, හේවාගම සුපිහිටි මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පින්බිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ශ්‍රද්ධා වෙසක් කලාපය (මැයි 10) වෙසක් පුන් පොහෝ දින ආරම්භ විය. වෙසක් කලාපය පුරා විහිදුනු දර්ශනීය විදුලි ආලෝකය භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පූජා කිරීමෙන් ශ්‍රද්ධා වෙසක් කලාපය ආරම්භ විය. කැලණි ගංදිය මත සිරිපා අනුරුව, මෛත්‍රී භාවනාව ගැන කියාදෙන වාර්තා චිත්‍ර පටය, මුචලින්ද නාගදරණය, ‘බියකරුය මේ සසර‘ ත්‍රිමාන චිත්‍රපටය, වෙස්සන්තර ජාතක කථාව රඟ දැක්වූ රූකඩ සන්දර්ශනය, හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසංගික කලා අධ්‍යයනාංශයේ විද්‍යාරථින් විසින් ගායනා කළ වෙසක් බැති ගී, දන්සැල් ඇතුළු තවත් බොහෝ ආමිස ප්‍රතිපත්ති පූජා බොහෝමයක් පැවැත්වුණු අතර පැමිණි සියලු දෙනාට දැක බලා වන්දනා කොට පින් රැස් කර ගැනීමේ අවස්ථාව උදාවිය.