සිංහාවලෝකනය යනු 2018-05-12 වන දින සිට සෑම සෙනසුරාදාවක ම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශය වන ධර්ම සාකච්ඡා මාලාවකි. මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි. ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි. මෙතෙක් විකාශය වූ වැඩසටහන්වල ඕඩියෝ සහ වීඩියෝ සබැඳි මෙම පිටුවෙහි දක්වා තිබේ.

නමෝ බුද්ධාය ධර්ම සාකච්ඡා මාලාව විකාශය වූයේ 2012-01-19 වන දින සිට TNL රූපවාහිනිය ඔස්සේ ය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් විසින් දැනගත යුතු ඉතා වටිනා ධර්ම කරුණු රාශියක් සහ බොහෝ දෙනෙක් තුළ පවතින දහම් ගැටලුවලට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ලබාදුන් ධර්මානුකූල පිළිතුරු මෙහි ඇතුලත් වේ. සම්පූර්ණ සාකච්ඡා ගණන 54 ක් වන අතර මෙහි අවසාන සාකච්ඡා 18 විකාශය වූයේ මහමෙව්නාව භාවනා අසපුවේ නිල රූපවාහිනී මාධ්‍යය වන ශ්‍රද්ධා රූපවාහිනිය තුළිනි.

Sinhawalokanaya Dhamma Discussion

“සිංහාවලෝකනය” ධර්ම සාකච්ඡාව

Namo Buddhaya

“නමෝ බුද්ධාය” ධර්ම සාකච්ඡාව

ඉහත දී ඇත්තේ “සිංහාවලෝකනය” සහ “නමෝ බුද්ධාය” ධර්ම සාකච්ඡාවල ඕඩියෝ සබැඳියන් ය. මෙම ධර්ම සාකච්ඡාවල වීඩියෝ දර්ශන නැරඹීම සඳහා පහත දී ඇති සබැඳි ඔස්සේ පිවිසෙන්න