පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා. 06:55 පසළොස්වක ලබා 12 බදාදා අ.භා. 07:23 ගෙවේ.
නවම් පොහොය වැදගත්කම
- සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.
- ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනක ය.
- බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහෝ දිනක ය.
- බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහෝ දිනකදී ය.
