පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-11-19 දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී ධජග්ග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාව.

සැදැහැවත් පින්වත්නි,
දැන් අපි අපට හරී ප්‍රයෝජනවත් උතුම් බුද්ධ දේශනාවක අගය ඉගෙන ගන්ටයි මේ සූදානම් වෙන්නේ. අපි අපේ ජීවිතයේ පුරුදු වෙච්ච වටිනා දෙයක් තමයි පිරිත් කියන්ට පුරුදු වීම. ගොඩක් අයට පිරිත් පාඩම් නෑ. පිරිත කියන වචනයේ අර්ථය තෝරලා තියෙන්නේ “පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං” හාත්පසින් රකිනවා කියන අර්ථය තමයි පිරිත කියලා කියන්නේ. පැරණි අපේ මුත්තලා අත්තලා පිරිත් කිය කියා ඉඳලා තියෙනවා. පස්සේ ඔය පඬුරු බඳින ඒවා, බාරහාර වෙන ඒවා වගේ ලේසි ක්‍රමවලට පුරුදු වුනානේ. පොඞ්ඩක් එහා මෙහා වුනාම භාර වෙන්ට, දේවාලෙකට ගිහින් විස්තර අහන්ට අපි පුරුදු වුනා. ඊළඟට අපි පුරුදු වුනේ පිරිතෙන් ආරක්ෂාව ලබාගන්ට නෙවෙයි. ලේසියෙන් අමනුස්සයන්ට පූජාවක් තියලා ආරක්ෂාවන් ගන්ටයි.

විභාගයක් ළංවෙද්දී ළමයි ඔක්කොම දේවාලෙකට අරගෙන ගිහිල්ලා පූජාවට්ටි තියලා භාර වෙන්ට පුරුදු වුනා. නැතිවුනේ පිරිත් කීම. ඒ වගේ දේවල් ආපු නිසා බුද්ධශාසනයෙන් අපට ගන්ට තිබිච්ච උපකාර ටික අපට නැතිවෙලා ගියා. අනේ අපට නම් එහෙම මොකක්වත් තිබුනේ නෑ අපි ඉගෙන ගන්න කාලේ. අපි ඉගෙන ගන්න කාලේ පොත පාඩම් කළා විතරයි. පණ භයේ ගැහි ගැහී පෑන් මතුරගෙන ගියේ නෑ. දැන් කාලේ ළමයිත් භය වෙලා, අම්මලත් භය වෙලා. විභාගයක් ළංවෙච්ච ගමන් අම්මලත් වෙව්ලනවා, ළමයිත් වෙව්ලනවා. භයට පත්වෙච්ච ගමන් දේවාලෙකට ගිහිල්ලා මේ ළමයා පාස් කරගන්ට බැරි වුනොත් හරි වැඩේනේ කියලා පෑනුත් ගලවගෙන පෑන් මතුරනවා ගිහිල්ලා ලියන්ට. එතකොට ඒ ළමයිට ඒ ආදර්ශය යනවාද නැද්ද? දැන් ඒ ළමයි මනස වැටිච්ච ළමයි. ඊට පස්සේ ඒ ළමයි ගිහිල්ලා විභාගෙට ලියනවා. ඒ ළමයිගේ දක්ෂතාවෙන් පාස් වෙනවා. ළමයිගේ ඔළුවට යන්නේ තමන්ගේ දක්ෂතාවය ගැන විශ්වාසය නෙවෙයි. ළමයින්ගේ ඔළුවට යන්නේ අපි අසවල් දෙවියන්ට භාරහාර වුනා. අසවල් පුදපූජා පැවැත්වුවා. ඒ නිසා පාස් වුනා කියලයි…..

● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »