පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-01-01 වන දුරුතු පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනාව

සැදැහැවත් පින්වත්නි, මේ කාලේ බුදුරජාණන් වහන්සේලා ලංකාවේ පහළ වුනා කියලා කතන්දරයක් යනවා. විශ්වාස කරන්න එපා ඒක, ආර්ය උපවාදවලට අහුවෙයි. ආර්ය උපවාද කියන්නේ උත්තමයන්ට ගැරහීම. බුදුරජාණන් වහන්සේ පහළ වුනේ දඹදිව. දඹදිව කියන්නේ ඉන්දියාව, ලංකාව නෙවෙයි. මේවාට කියන්නේ ප්‍රත්‍යන්ත දේශ කියලා. හිමාලෙ තියෙන්නේ එහේ. මහාමේරුව තියෙන්නේ එහේ. මං ඉන්දියාවේ අවුරුදු පහළොවක් විස්සක් ඇවිදපු එක්කෙනෙක්. කපිලවස්තු නගරයේ ඇවිදලා තියෙනවා මං කීප වතාවක්. කපිලවස්තුවට ගියාම ඈතට සුදුපාටට ලස්සනට පේනවා හිමාල කඳු වළල්ල. මෝඩ මිනිස්සු රැවටෙනවා. බුදුන් උපන්නේ ලංකාවේ කියලා කියාපු ගමන් හැබෑ වෙන්න ඇති කියලා දුවනවා. ගිහිල්ලා මොකද කරන්නේ, අනිත් අයටත් කියනවා ‘උඹලා මක්කට ඉන්දියාවේ යනවද? මෙහේනේ ඔක්කොම තියෙන්නේ’ කියලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ උපන් භූමියට ගරහනවා. ඒක අයිති වෙන්නේ ආර්ය උපවාදයට. ආර්ය උපවාද කරගත්තොත් ඊළඟ ආත්මේ නිරයේ. උපනුපන් ආත්මවල සිහි විකල් වෙනවා……..