පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-12-03 උඳුවප් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී ලෝහිච්ච සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය

සැදැහැවත් පින්වත්නි,
අද මේ උඳුවප් පුන් පොහෝ දවසේ අපි ඉගෙන ගන්නේ ඉතාම ලස්සන සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ කියවෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘත්වය ගැනයි. ශාස්තෘත්වය කියන්නේ මාර්ගෝපදේශකත්වය. මග පෙන්වන්නාට තමයි ශාස්තෘ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මොන විදිහට ද මාර්ගය පෙන්නලා තියෙන්නේ, ඒ මාර්ගය තුළ මනුෂ්‍යයන්ට ලැබුනේ මොනවාද කියලා මේ දේශනාවේ තියෙනවා. ඒ නිසා මේ දේශනාව ඇහුවාට පස්සේ ඔබ කළයුත්තේ සිතේ පැහැදීම ඇතිකරගැනීමයි ‘අනේ අපි සරණ ගියපු අපගේ ශාස්තෘන් වහන්සේ මොනතරම් දෙයක් මේ මනුෂ්‍යයාට දීලා තියෙනවද’ කියලා. මේ සූත්‍රයේ නම ලෝහිච්ච සූත්‍රය.

ලෝහිච්ච කියලා කියන්නේ බ්‍රාහ්මණයෙකුගේ නමක්. ඉතින් ඒ බ්‍රාහ්මණයාට වදාළ දේශනාව ඒ නමින් ම තමයි දීඝ නිකායේ සඳහන් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පන්සීයක් පමණ වූ භික්ෂු සංඝයා සමග කොසොල් ජනපදයේ චාරිකාවේ වඩිමින් සිටිද්දී සාලවතී කියන ගම්මානයට පැමිණියා. වැටට වගේ සල්ගස් හිටවලා තිබිච්ච නිසා ඒ ගමට නම වැටුනා සාලවතී කියලා. මේ සාලවතී කියන ගම්මානයේ ප්‍රභූ බ්‍රාහ්මණයෙක් වාසය කළා. ඒ බ්‍රාහ්මණයාගේ නම තමයි ලෝහිච්ච. මේ ලෝහිච්ච කියන බ්‍රාහ්මණයාට කොසොල් රජ්ජුරුවෝ සාලවතී කියන ගම්මානෙ තෑගි දීලා තිබුණා……

● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »