අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2010-07-07 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී ථේරී ගාථා ඇසුරින් පවත්වන ලද ධර්ම දේශනයකි.

පින්වත්නි, අද ඔබට මේ වෙලාවේ අසන්ට ලැබෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පැවිදි බව ලැබූ මහා පින් ඇති භික්ෂුණීන් වහන්සේලා ගැනයි. ඔබ දන්නවා භික්ෂුණී සංඝයා බිහිවුනේ මහා ප්‍රජාපතී ගෞතමින් වහන්සේගේ අප්‍රමාණ කැපවිම නිසයි. මහා ප්‍රජාපතී ගෞතමින් වහන්සේ ප්‍රධාන ශාක්‍ය වංශික කුලාංගනාවන් පන්සියයක් ගෘහ වාසය අත්හැරලා කසාවත් දරාගෙන බුදුරජාණන් වහන්සේ සොයාගෙන පැමිණියා. අවසානයේදී අෂ්ට ගරුධර්ම පිළිගැනීම නිසා මහා ප්‍රජාපතී ගෞතමීන් වහන්සේට පැවිදි උපසම්පදාව ලැබුනා. ඒත් එක්කම භික්ෂුණී සංඝයා බිහිවුනා.

එතකොට ශාසනය කියන්නේ ගෞතම බුද්ධ ශාසනය යි. බුද්ධ ශාසනයේ වැඩ ඉන්නවා උභතෝ සංඝයා. ඒ තමයි භික්ෂු සංඝයා සහ භික්ෂුණී සංඝයා. එහෙම නැතුව භික්ෂුණී ශාසනය කියලා එකක් නෑ. ඇත්ත වශයෙන්ම ථේරවාදී සම්ප්‍රදායට බොහොම ආස නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනෙ ඒක නිවැරදි කරගැනිල්ලයි. භික්ෂුණී සංඝයා මිසක් භික්ෂුණී ශාසනයක් නෑ. මේ භික්ෂුණී සංඝයා බිහිවීමෙන් කාන්තාවන්ට පුදුම විදිහේ ගෞරව උපහාර සමාජයෙන් ලැබුණා වගේම කාන්තාවන්ට මාවත විවෘත වුනා තමන්ගේ ජිවිතයේදීම උතුම් අර්හත්වය සාක්ෂාත් කිරීමට. ඒ විදිහට අරහත්වය සාක්ෂාත් කරපු භික්ෂුණීන් වහන්සේලාගේ හදවතේ පැන නැගුණු අදහස් ගාථාවට නැංවුනා. ඒවා තමයි අපි ථේරී ගාථා කියලා ඉතාම ගෞරවයෙන් වන්දනමාන කරමින් පූජා පවත්වමින් පිළිගන්නේ….

● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »