භාග්‍යවතුන් වහන්සේගේ අමිල නිමල සදහම් දායාදය ලොවටම දන් දෙන රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව රජරටට සාමාන්‍ය නාලිකාවක් වශයෙන් ව්‍යාප්ත කරනු පිණිස ආරම්භ කළ රජරටට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-11-18 දින අනුරාධපුර ධම්මචේතිය භාවනා අසපුවේදී පැවැත්වූ විශේෂ ධර්ම දේශනය

සැදැහැවත් පින්වත්නි,
මීට අවුරුදු දෙදහස් දෙසිය තිස් ගණනකට කලින් මේ රජ රට භූමියේ පින්වන්ත රජෙක් වාසය කළා ඒ තමයි දෙවන පෑතිස් රජු. ඒ රජුගේ දෑස් ඉදිරියේ, මිහින්තලා කදු මුදුනේ රහතන් වහන්සේ නමක් වැඩසිටියා දැක්කා. ඒ රහතන් වහන්සේ තමයි අපේ වාසනාවට අපිට මහා ආදරයෙන් අපි වෙනුවෙන් ජීවිතය ගත කරපු අපේ මිහිදු මහ රහතන් වහන්සේ. උන්වහන්සේ තමයි අපිට ආලෝකය දැල්වූයේ. උන්වහන්සේ තමයි අපිට බුදුරජාණන් වහන්සේ ගැන කියා දුන්නේ. ඒ මිහිඳු රහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා දුන්නේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හදුන්වා දුන්නේ. උන්වහන්සේ අපේ රටට තමන්ගේ නැගණිය වූ සංඝමිත්තා රහත් තෙරණියත් වඩම්වා ගත්තා. ඒ කැපවීමයි අපි මේ තාම භුක්ති විඳින්නේ.
rajaratata shraddha dhamma sermon

● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »