October 2014
අසිරිමත් පසේබුදු පෙළහර 17
“අයහපත් දේම හරි විදිහට දකින, වැරදි වැඩපිළිවෙලකම සිටින පාපී පුද්ගලයන්ගේ සහයෝගය නම් දුරුකරන්නම ඕන. එ් මිත්‍රත්වයෙන් ඵලක් නැහැ. ඔවුන් කාමයන්ට වසඟව සියලු කටයුතු ප්‍රමාද කොට වාසය කරන හෙයින් අත්හැර දැමිය යුතුමයි. එ් නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
අසිරිමත් පසේබුදු පෙළහර 16
“එදා ආදිච්චබන්ධු පසේබුදුවරයන් වහන්සේ වචනයක් වදාළා. පිරිසත් සමඟ නිතර ඇලෙන, ඔවුන් හා එක්වී කල්ගෙවන කෙනාට කවරදාකවත් නිකෙලෙස් බවින් ලබන විමුක්තිය ස්පර්ශ කරන්න බැහැ කියලා. ඒ නිසාමයි මං මේ ගමන ආවේ. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
අසිරිමත් පසේබුදු පෙළහර 15
“මේ ශරීරය නම් කෙමෙන් කෙමෙන් විනාශය කරාම යන දෙයක්. සැරව පිරුණු ගෙඩියක්. මහා වධයක්. රෝගයක්. රිදුම් දෙන හුලක්. ඕනෑම මොහාතක භය ඇතිකරවන දෙයක්. මේ හැම දෙයක්ම ඇතිවෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම සැපය නිසා. මං මේකෙ ආදීනව දැක්කා. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
අසිරිමත් පසේබුදු පෙළහර 14
“මට දෙවැන්නෙක් සමඟ මේ විදිහට ජීවත් වෙන්නට සිදු වූ නිසා නිසරු වචන කිය කියා ඉන්න සිදුවුණා. අනිත් කෙනාට ඇලී ඉන්නත් සිදුවුණා. ඇත්තෙන්ම මේ තුළින් ඇතිවන අනාගත ප්‍රමාදය ගැන මට භයක් ඇතිවෙනවා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
අසිරිමත් පසේබුදු පෙළහර 13
“රන්කරු පුත්‍රයෙක් විසින් ඉතාමත් ලස්සනට කැටයම් කළ ප්‍රභාෂ්වර රන් වළළු මට දකින්නට ලැබුණා. අත්දෙක සෙළවෙද්දී ඒ වළළු එකිනෙකට ගැටුණා. ජීවිතයත් ඒ වගෙයි කියා මට සිතුණා. මං හුදෙකලා වුණා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
05. සතර සතිපට්ඨානය තුළ අසුභ භාවනාව
දවසක් උත්තර කියන රහතන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ල ඇහුවා, ”ඔබවහන්සේ ලස්සනට ධර්මය දේශනා කරනවා, මේ ධර්මය ඔබවහන්සේ තුළ ඇතිවෙච්ච එකක්ද? එහෙම නැත්නම් ඔබවහන්සේ කාගෙන්වත් අහලද මේවා කියන්නේ?” කියල. ඉතින් උත්තර කියන රහතන් වහන්සේ ප‍්‍රකාශ කළා, ”පින්වත, මේ ලෝකයේ සුභාෂිත වූ යමක් ඇද්ද, සියල්ල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචන. අප කරන්නේ ඒවා උපුටා දක්වල කතාබස් කරන එකයි.”


