අද ශ්‍රී බුද්ධ වර්ෂ

ක් වූ

මස

දහම් දිනපොතට…

“පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් අනුන්ට ධර්ම දේශනා කරන විට මෙබඳු සිතකින් යුක්ත නම්, ‘අනේ මගේ මේ ධර්මය මේ උදවිය අහනවා නම්! අහල මං ගැන පහදිනවා නම්! පැහැදිලා ඒ පැහැදුණු බව මට කියනවා නම්!’ කියල. පින්වත් මහණෙනි, අන්න එබඳු සිත් ඇති භික්ෂුවගේ ධර්ම දේශනාව අපිරිසිදු යි.

පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් අනුන්ට ධර්ම දේශනා කරන විට මෙබඳු සිතකින් යුක්ත නම්, එනම් ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය මනා කොට දේශනා කරලයි තියෙන්නේ (ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ). මේ ධර්මය මේ ජීවිතයේ දී ම අවබෝධ කරන්න පුළුවන් (සන්දිට්ඨිකෝ). හැම කාලයක ම නොවෙනස් ව අත්දකින්න පුළුවන් (අකාලිකෝ). ඇවිත් බලන්න කියා පෙන්වන්න පුළුවන් (ඒහිපස්සිකෝ). තමා තුළට පමුණුවා ගත යුතු දෙයක් (ඕපනයිකෝ). බුද්ධිමතුන් විසින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කර ගත යුතු දෙයක් (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී). ඇත්තෙන් ම මාගේ ධර්මය මේ උදවිය අසනවා නම්, අසාගත්තා වූ ධර්මය වටහා ගන්නවා නම්, වටහාගෙන ඒ අනුව පිළිපදිනවා නම් කොයි තරම් හොඳ ද’ කියල ධර්ම සුධර්මත්වය හේතු කොට ගෙන ධර්මය දේශනා කරනවා නම්, කරුණාව හේතු කොට ගෙන ධර්මය දේශනා කරනවා නම්, දයාව හේතු කොටගෙන ධර්මය දේශනා කරනවා නම්, අනුකම්පාව හේතු කොට ගෙන ධර්මය දේශනා කරනවා නම්, පින්වත් මහණෙනි, අන්න එබඳු භික්ෂුවගේ ධර්ම දේශනාව නම් පිරිසිදු යි.”

(උපුටා ගැනීම: චන්දූපම සූත්‍රය – සංයුත්ත නිකාය 2)

නවතම පුවත්

  • Kathina Pinkama Mahamevnawa

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2025

October 13th, 2025|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය, බොහෝ දෙනෙකුට උතුම් පින් රැස් කරගැනීමට මග විවර කරමින් පසුගිය 12 වන දින ඉතා අලංකාර අන්දමින් පැවැත්වුණි. මෙවර වස් ආරාධනාව කොට කඨින පින්කම සිදුකරන ලද්දේ....

  • Galle Mahamevnawa Dharmashala Puja

ගාල්ල මහමෙව්නාවේ අභිනව දම්සභා මණ්ඩපය බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය

July 13th, 2025|

ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපු භූමියේ ඉදිවූ අභිනව දම්සභා මණ්ඩපය ගෞතම සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය සුපින්බර පොසොන් පුන් පොහොය දින අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්

  • Donation To Myanmar From Mahamevnawa

මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්.

June 30th, 2025|

මියන්මාර වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ඔවුනට ආධාර අවැසි මොහොතේ මෙම ආධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එක් වූ සියලු දෙනාට ම මහමෙව්නාව අසපු සංචිතය පුණ්‍යානුමෝදනා පුද කර සිටී.

සති භාවනා වැඩසටහන්

Meditation Program Male

උපාසක සති භාවනා වැඩසටහන

උපාසිකා සති භාවනා වැඩසටහන

සදහම් ලිපි

මහමෙව්නාව අනගාරිකා අසපුව මගින් මෙහෙයවන සති භාවනා වැඩසටහන

සිත නිවන බුදුබණ

Mahamegha Epaper
Lakviru fm live streaming
Shraddha tv live streaming

සතර පොහොය දිනයන්