
මේ මහාභද්‍ර කල්පයෙහි ලොවට පහළ වී වදාළ සතරවෙනි බුදුරජාණන් වහන්සේ වන අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයත් රැකවරණයත් ආශීර්වාදයත් උදෙසා අපි ඉතාමත් ශ‍්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යමු. දුර්ලභ මිනිස් ජීවිතය වෙත සදාකාලික ආලෝකයක් උදා කර දිය හැක්කේ පරම දුර්ලභ වූ බුදුසසුනට පමණි. තෙරුවන් සරණ ගිය බෞද්ධයා මෙකරුණ මැනැවින් සිහියේ දරා සිටින්නෙකි. එනිසා ම දෛනික ජීවිතයේ විශේෂ අවස්ථාවන්හිදී ආශීර්වාදය සලසා ගන්නේ උතුම් තුන්රුවන් සරණ තුළින් ම ය. බාහිර පිහිටක් පිළිසරණක් සෙවීම සැබෑ බෞද්ධයෙකුට අයත් දෙයක් නොවේ. එනිසා ම ලක්දිව වැඩසිටි ත‍්‍රිපිටකධාරී මහා තෙරුන් වහන්සේලා විසින් සැදැහැවත් බෞද්ධයන්ගේ ජීවිතවලට ආරක්ෂාවත් සැනසීමත් සැපතත් උදෙසා සියවස් ගණනක් මුළුල්ලේ භාවිතයට පැමිණි පිරිත් පොත මේ රට තුළ සම්භාවනාවට පත් වූයේ පිරුවානා පොත් වහන්සේ නමිනි. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව එම පිරිත් දේශනාවන් සමඟ තමන්ගේ මුළු ජීවිතය ම රඳවා ගෙන තිබුණි. තුන්යම් රාත‍්‍රියක් මුළුල්ලෙහි මහත් ශ‍්‍රද්ධා භක්තියෙන් යුතුව සජ්ඣායනා කරනු ලබන පිරිත් ධර්මය ශ‍්‍රවණය කිරීමට සැදැහැවත් ජනතාව මහත් සේ රුචි කරති.
පිරිත් පේ කිරීම
මහ පිරිත
පළමුවෙනි බණවර
දෙවෙනි බණවර
දම්සක් දෙසුම
අතිරේක දේශනා
හමාර දේශනා
මහමෙව්නාවේ පාලි – සිංහල පිරිත් සජ්ඣායනය
දැන් මොබයිල් ඇප් එකක් ලෙස ඔබේ ජංගම දුරකථනයටත්…



