නමෝ බුද්ධාය!

ඔබ ලෝකයේ කොහේ සිටියත් ගෙවමින් සිටින්නේ දුර්ලභව ලද මිනිස් ජීවිතය යි. මිනිසෙකුට අතිශයින් ම දුර්ලභව ලැබෙන ප්‍රඥා නිධානය වනාහී අප බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය යි. එම ධර්මය බුදු නුවණින් ප්‍රත්‍යක්ෂ කළ, විනිවිද දුටු, සැබෑ ස්වභාවය අවබෝධ කළ දෙයකි. එය අයිති බුදුරජුන්ට ය. බුදුරජුන්ගේ විස්මිත අවබෝධයට අයත් මෙම අසිරිමත් දහම නිසි පරිදි අප තේරුම් ගතහොත් අපගේ ද නොවැටහීම නම් වූ අඳුර විනිවිද දකින එළිය අපටත් ලැබෙනු ඇත.

මෙම දේශනා එකිනෙකට පිළිවෙළින් ශ්‍රවණය කිරීමත් එම දෙසුම් ඇතුලත් කොට ඇති පොත් කියවීමත් ඒ සඳහා ඔබට මහෝපකාරී වනු ඇත.

2019-09-08T14:30:47+05:30

ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව – 1 (Video)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015 ජනවාරි මස 18 වන දින සිට පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ අලුතින් ආරම්භ කරන ලද මාසික දහම් වැඩසටහනේදී පවත්වන ලද ධර්ම දේශනා මාලාවේ පළමුවන දේශනය

2019-09-10T08:59:45+05:30

ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව – 2 (Video)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015 ජනවාරි මස 18 වන දින සිට පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ අලුතින් ආරම්භ කරන ලද මාසික දහම් වැඩසටහනේදී පවත්වන ලද ධර්ම දේශනා මාලාවේ දෙවන දේශනය

2019-12-05T18:41:47+05:30

ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව – 3 (Video)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-02-15 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික දහම් වැඩසටහනේදී දසබල ඤාණ සහ විශාරද ඤාණ විස්තර කරමින් පවත්වන ලද ධර්ම දේශනා

2019-12-06T19:38:48+05:30

ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව – 4 (Video)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-02-15 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික දහම් වැඩසටහනේදී විශාරද ඤාණ විස්තර කරමින් පවත්වන ලද ධර්ම දේශනාවකි Subscribe to our YouTube Channel හඬපටය ඩවුන්ලෝඩ් [...]

2019-12-19T18:49:55+05:30

ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව – 5 (Video)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-04-19 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික දහම් වැඩසටහනේදී අම්බසක්ඛර ප්‍රේත වස්තුව සහ සේරිස්සක විමාන වස්තුව ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

2019-12-20T18:07:55+05:30

ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව – 6 (Video)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සේරිස්සක විමාන වස්තුව ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවකි

2019-12-29T20:56:39+05:30

ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව – 7 (Video)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-05-17 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික දහම් වැඩසටහනේදී පවත්වන ලද ධර්ම දේශනා

2019-12-30T17:37:50+05:30

ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව – 8 (Video)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනයකි. මෙහි විස්තර වන්නේ ප්‍රඥාව ගැන ය.

2017-11-01T18:19:16+05:30

අලුත් දහම් වැඩසටහන – 06 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) [video]

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-09-20 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික දහම් වැඩසටහනේදී විපස්සී සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

2017-11-01T16:44:55+05:30

අලුත් දහම් වැඩසටහන – 07 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) [video]

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-10-18 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී පටිච්ච සමුප්පාදය පිළිබඳ විස්තර කරමින් පවත්වන ලද ධර්ම දේශනා

2018-02-24T21:09:57+05:30

අලුත් දහම් වැඩසටහන 08 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) – Video

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-12-20 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී ඤාණවත්ථු සූත්‍රය සහ දුතිය ඤාණවත්ථු සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනා. ඤාණවත්ථු සූත්‍රයෙහි විස්තර වන්නේ පටිච්ච සමුප්පාදයේ එක් එක් අංගයන් පිළිබඳ සිව් ආකාරයකින් ශ්‍රාවකයා අවබෝධය ඇතිකරගන්නා ආකාරයයි. එම අවබෝධය "ධම්මේ ඤාණය" ලෙස හඳුන්වනු ලබයි. ඒ සිව් ආකාර අවබෝධයෙන් යුක්ත ශ්‍රාවකයා එම අවබෝධය අතීතයට හා අනාගතයට ගලපා බලයි. එය "අන්වයේ ඤාණය" ලෙස හඳුන්වනු ලබයි. මෙම ඤාණ දෙකින් සමන්විත වූ ආර්ය ශ්‍රාවකයා චතුරාර්ය සත්‍යය දර්ශනයෙන් යුක්ත වූ අමා නිවන් දොරේ හැපි හැපී සිටින කෙනෙක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබේ. දුතිය ඤාණවත්ථු සූත්‍රයෙහි විස්තර වන්නේ පටිච්ච සමුප්පාදයේ එක් එක් අංගයන් පිළිබඳ සත් ආකාරයක අවබෝධය ඇතිකරගැනීම ගැනයි. එහිදී තමා තුළ ඇතිවන අවබෝධ ඤාණය පවා ක්ෂය වී යන ස්වභාවයෙන් යුතු, නොඇලිය යුතු ස්වභාවයෙන් යුතු දෙයක් වශයෙන් දකිනා ආකාරය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් පෙන්වා දී තිබේ.

2018-02-24T10:41:58+05:30

අලුත් දහම් වැඩසටහන 09 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) – Video

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-03-06 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී පංච උපාදානස්කන්ධය පිළිබඳව සහ නකුලපිතු සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

2017-11-01T16:49:58+05:30

අලුත් දහම් වැඩසටහන – 10 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-04-03 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී බීජ සූත්‍රය සහ උපාදාන පරිවත්ත සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

2018-02-24T21:03:46+05:30

අලුත් දහම් වැඩසටහන 11 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) – Video

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-05-08 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික දහම් වැඩසටහනේදී පුණ්ණමා සූත්‍රය සහ ඛජ්ජනීය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා. මෙහි පළමු දේශනාවෙන් විස්තර වන්නේ සංයුත්ත නිකාය 3 වන කොටසට අයත් පුණ්ණමා සූත්‍රයයි. පුන් සඳ පායා ඇති රැයක භික්ෂු සංඝයා සමග එළිමහනේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේගෙන් පංච උපාදානස්කන්ධය අරබයා එක් භික්ෂුවක් විසින් විමසන ලද පැනයන්ට භාග්‍යවතුන් වහන්සේ ලබාදුන් පිළිතුරු මෙහි ඇතුලත් වේ. මෙහි ඇතුලත්වන දෙවන ඛජ්ජනීය සූත්‍රයෙන් විස්තර වන්නේ ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය පිළිබඳ නුවණින් විමසිය යුතු ආකාරයයි.

2018-02-24T21:23:45+05:30

අලුත් දහම් වැඩසටහන 12 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) – Video

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-06-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික දහම් වැඩසටහනේදී ධාතු විභංග සූත්‍රය සහ චූළ කම්මවිභංග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාග “පින්වත් භික්ෂුව, මේ පුරුෂයා සය වැදෑරුම් ධාතු මාත්‍රයක්. ඒ වගේම සය වැදෑරුම් ස්පර්ශ ආයතන මාත්‍රයක්. ඒ වගේම දහඅට වැදෑරුම් මනස හැසිරීම් මාත්‍රයක්. ඒ වගේම අධිෂ්ඨාන සතරක්. යම් අධිෂ්ඨානයක් තුළ ඉන්න කෙනෙකුට තෘෂ්ණාසහගත හැඟීම් ඇතිවෙන්නේ නෑ. තෘෂ්ණාසහගත හැඟීම් නොපවත්වන මුනිවරයාට තමයි ශාන්ත වූ තැනැත්තා කියලා කියන්නේ. ප්‍රඥාව තුළ ප්‍රමාද වෙන්නේ නෑ. සත්‍යය ආරක්ෂා කරනවා. ත්‍යාගය පුරුදු කරනවා. ඒ භික්ෂුව ශාන්තිය පිණිසම හික්මෙනවා." යන ප්‍රකාශය විස්තර වශයෙන් විග්‍රහ කරමින් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පුක්කුසාති නමැති (භාග්‍යවතුන් වහන්සේ උදෙසා ගිහි ජීවිතය අත්හැර පැවිදි වූ ප්‍රාදේශීය රජ කෙනෙක්) පින්වතා හට වදාළ දෙසුම පිළිබඳ මෙම පළමුවෙනි ධර්ම දේශනාවෙන් විස්තර වේ. “භවත් ගෞතමයන් වහන්ස, මිනිසත් බවට පැමිණි මනුෂ්‍යයන් තුළ යම් යම් ළාමක ස්වභාවයන්ද, උතුම් ස්වභාවයන්ද දකින්නට ලැබෙනවා. එයට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද? භවත් ගෞතමයන් වහන්ස, අල්ප ආයුෂ ඇති මනුෂ්‍යයන් දකින්නට ලැබෙනවා. දිගාසිරි විඳින උදවියත් දකින්නට ලැබෙනවා. බොහෝ ආබාධ ඇති උදවියත් දකින්නට ලැබෙනවා. අල්ප ආබාධ ඇති උදවියත් දකින්නට ලැබෙනවා. විරූපී අයත් දකින්නට ලැබෙනවා. ඉතාමත් රූප සෝභා ඇති අයත් දකින්නට ලැබෙනවා. ස්වල්ප ආනුභාව ඇති අය දකින්නට ලැබෙනවා. මහේශාක්‍ය උදවියත් දකින්නට ලැබෙනවා. අල්පභෝගී අයත් දකින්නට ලැබෙනවා. බොහෝ සැප සම්පත් විඳින අයත් දකින්නට ලැබෙනවා. නීච කුලයේ උපන් අයත් දකින්නට ලැබෙනවා. උසස් කුලීනයන් දකින්නට ලැබෙනවා. ප්‍රඥා රහිත උදවියත් දකින්නට ලැබෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත උදවියත් දකින්නට ලැබෙනවා. භවත් ගෞතමයන් වහන්ස, මිනිසත් බවට පැමිණි මනුෂ්‍යයන් තුළ යම් යම් ළාමක ස්වභාවයන්ද, උතුම් ස්වභාවයන්ද දකින්නට ලැබෙනවා. එයට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද?” යනුවෙන් සුභ මාණවකයා විසින් අසන ලද පැනයට භාග්‍යවතුන් වහන්සේ විසින් ලබාදුන් පිළිතුරු මෙම දෙවන දෙසුමෙන් විස්තර වේ.

2017-11-01T16:49:05+05:30

අලුත් දහම් වැඩසටහන – 13 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-07-03 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී මහා නිදාන සූත්‍රය සහ ධනඤ්ජානි සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

2017-11-01T16:47:47+05:30

අලුත් දහම් වැඩසටහන – 14 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) [video]

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-08-07 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී මහා තණ්හාසංඛය සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව

2017-11-01T16:45:55+05:30

අලුත් දහම් වැඩසටහන – 15 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) [video]

පතන්නා වූ සැපය වෙනුවට දුකම ලැබෙන්නේ ඇයි? රෑ තිස්සේ දුම් දමන දවාලට ගිනි ගන්න තුඹස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-09-04 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී වම්මික සූත්‍රය සහ ධම්මසමාදාන සූත්‍ර ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

2017-11-01T16:48:27+05:30

අලුත් දහම් වැඩසටහන – 16 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) [video]

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-10-02 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී මහා හත්ථිපදෝපම සූත්‍රය සහ මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

2017-11-01T16:47:11+05:30

අලුත් දහම් වැඩසටහන – 17 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) [video]

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-12-04 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී ඨාන සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව සහ මහා ගෝවින්ද සූත්‍රයෙහි ඇතුලත් සක් දෙවිඳුගේ බුදුගුණ වර්ණනාව ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව

2017-11-01T16:46:35+05:30

අලුත් දහම් වැඩසටහන – 18 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) [video]

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-01-08 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී චේතනා සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව සහ අරියසාවක සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව

2018-02-24T20:22:24+05:30

අලුත් දහම් වැඩසටහන 19 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) – Video

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-02-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී උපාලි සූත්‍රය සහ චූළ සකුළුදායි සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනා

2018-02-24T21:13:47+05:30

අලුත් දහම් වැඩසටහන 20 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) – Video

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-03-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී ගණක මොග්ගල්ලාන සූත්‍රය සහ මහා කම්මවිභංග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

2018-02-24T20:23:40+05:30

අලුත් දහම් වැඩසටහන 21 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) – Video

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-04-02 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී නිබ්බේධික සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව

2017-11-01T16:51:43+05:30

අලුත් දහම් වැඩසටහන 22 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-07-16 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී සම්මසන සූත්‍රය ඇසුරෙන් සිදුකරන ලද ධර්ම දේශනාවකි. ජීවිත අභ්‍යන්තර පිළිබඳ නුවණින් විමසන ආකාරයත් කෙලෙස් සහිත කර්ම හෙවත් උපධි පිළිබඳවත් මෙම දේශනාවෙහි විස්තර වේ.

2017-11-01T16:51:10+05:30

අලුත් දහම් වැඩසටහන 23 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව)

ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව - 23 / පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-08-20 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී පරිවීමංසන සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනා / මෙම දේශනය තුළ සසර දුකින් මිදීමට කැමති ශ්‍රාවකයා විසින් මනාකොට දුක් ගෙවී යන ආකාරයට නුවණින් විමසන්නේ කෙසේද යන කරුණ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කර දෙයි.

2017-11-01T16:50:40+05:30

අලුත් දහම් වැඩසටහන 24 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-09-17 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී ගද්දුලබද්ධ සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනය මෙම දේශනාවේදී අශ්‍රැතවත් පෘථග්ජනයා පංච උපාදානස්කන්ධයට මම, මගේ, මගේ ආත්මය යනුවෙන් බැඳී ගොස් බලු දම්වැලකින් කණුවකට ගැටගසා සිටින සුනඛයෙකු සේ සසර දුකට සිරවී සිටින ආකාරය පෙන්වා දෙයි.

2018-02-24T21:17:25+05:30

අලුත් දහම් වැඩසටහන 25 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) – Video

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-11-19 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී කාලාම සූත්‍රය සහ ධජග්ග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා බොහෝ කලක සිට කාලාම සූත්‍රයේ පණිවිඩය අප ලබාගෙන තිබෙන්නේ වැරදි ලෙස ය. බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතැයි පවසමින් තමනුත් මුළා වී අන් අයවත් මුළා කරවන බොහෝ ගිහි පැවිදි පිරිසක් සිටිති. මෙයට හේතුව කාලාම සූත්‍රය නිසි ලෙස අධ්‍යයනය නොකිරීමය. මේ නිසා අප හට ඇති ඒකායන පිළිසරණ වූ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට සමීප කරගැනීමේ අවස්ථාව ද අහිමි වී යයි. එකී මුළාවෙන් නිදහස් කරවන මෙම පළමු දම් දෙසුමෙන් ඔබට කාලාම සූත්‍රයෙන් ලබාදෙන සැබෑ පණිවිඩය පිළිබඳව පහදා දෙයි. වර්තමානයේ බොහෝ දෙනෙකු පුරුදු වී සිටින්නේ බියක්, තැතිගැනීමක්, කරදරයක් වූ විට පඬුරු බැඳීම්, බාරහාර වීම්, දේවාලවලට ගොස් අමනුස්සයන්ගේ පිහිට පැතීම් ආදිය සිදුකිරීමටයි. බුදුරජාණන් වහන්සේ විසින් අපගේ ආරක්ෂාව, රැකවරණය, යහපත පිණිස දේශනා කොට වදාළ පිරිත් සජ්ඣායනා කොට රැකවරණය සලසාගැනීමට ඔවුහු උත්සාහ නොකරති. පිහිටක් සොයා ළාමක දේවල් පසුපස හඹාගොස් අවසානයේ කබලෙන් ලිපට වැටුනා වැනි ව්‍යසනයන්ට පත්වෙති. එසේ නොවී ඕනෑම කරදරයක්, විපතක් පැමිණි වෙලාවක තෙරුවන් සිහි කොට පිරිත් කියා තම ජීවිතයට හාත්පසින් ආරක්ෂාව සලසා ගන්නා ආකාරය ගැන මෙම දෙවන දම් දෙසුමෙන් විස්තර වේ.

2018-02-24T21:20:02+05:30

අලුත් දහම් වැඩසටහන 26 (ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව) – Video

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-12-17 දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී රථවිනීත සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාව. රථවිනීත සූත්‍රයෙහි සඳහන් වන්නේ මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේත් ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර ඇතිවූ දහම් සංවාදයකි. මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ වනාහී ධර්මකථික භික්ෂූන් අතර අගතනතුරු දැරූ රහතන් වහන්සේ ය. උන්වහන්සේ නිරන්තයෙන් අනෙකුත් භික්ෂූන් වහන්සේලාට දස කථාවෙන් අනුග්‍රහ කළ සේක. එමෙන්ම එම දසකථාවට අයත් උතුම් ගුණධර්මයන්ගෙන් සමන්විතව වැඩසිටි සේක. මෙම දහම් සංවාදය තුළ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කංඛාවිතරණ විසුද්ධිය, මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය, පටිපදා ඤාණදස්සන විසුද්ධිය, ඤාණදස්සන විසුද්ධිය යන සප්ත විසුද්ධීන් පිළිබඳව ද ඇතුලත් වේ. ඒ ඒ විසුද්ධීන්ට දස කතාවෙන් අනුග්‍රහ ලැබෙන ආකාරය ගැනත් අටුවාව ඇසුරෙන් විස්තර කොට ඇත. එමෙන්ම මෙම ධර්ම දේශනයෙහි වර්තමානයේ බොහෝ ප්‍රචලිතව තිබෙන මිථ්‍යාවක් වන මගඵල ලබාදීමේ වැඩපිළිවෙළෙහි ඇති දෝෂයන් ගැනත් එය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැණි දෙයක් බවත් විස්තර කෙරේ. පරම පිරිසිදු බුද්ධ වචනය ඇතුලත් ත්‍රිපිටකයෙහි පාළි වචනවලට වැරදි අර්ථකථන දීමෙන් බොහෝ ජනයා සැබෑ බුද්ධ වචනය කෙරෙහි විශ්වාසයෙන් බැහැර වී ධර්මයේ නාමයෙන් පවසන පුද්ගලික අර්ථ විවරණ සත්‍යය යැයි අදහාගනියි. එයින් මුළාවෙන් මුළාවට පත්වෙමින් සිටින ජනතාවට මෙම උතුම් ධර්ම දේශනයෙන් සත්‍යය පහදා දෙයි.

2020-01-29T08:18:05+05:30

ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව – 53 (Video)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-01-21 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී කුණ්ඩලිය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවකි

2020-01-07T18:54:53+05:30

ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව – 55 (Video)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-05-20 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික දහම් වැඩසටහනේදී ආලවක සූත්‍රය සහ පඤ්ච භයවේර සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තරෝ පුරිසදම්මසාරථී ගුණයත් – මේ ලෝකයේ කිසිවෙකුට දමනය කිරීමට නොහැකි, අතිශය භයානක, අවිනීත, බිහිසුණු ආලවක නමැති යක්ෂයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ දමනය වී මාර්ගඵලලාභී ශ්‍රාවකයෙක් වන ආකාරයත් – ආලවක යක්ෂයාට බිලි දීම පිණිස ගෙන ආ කුඩා ආලවක කුමරු හත්ථක ආලවක නමින් පන්සියයක් උපාසකවරු පිරිවරාගත් අනාගාමී උපාසකයෙක් වී මේ බුද්ධ සසුනේ අග තනතුරක් ලබන ආකාරයත් මෙම ආලවක සූත්‍රයෙන් විස්තර වේ. භය ‌වෛර ඇතිකරවන පස් කරුණෙන් වැළකී, සෝතාපත්ති අංග සතරෙන් යුක්ත වී, ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා ආර්ය ශ්‍රාවකයා සතර අපායෙන් සදහටම නිදහස් වී සුගති රැකවරණය ලබා සෝවාන් (සෝතාපන්න) පුද්ගලයෙක් බවට පත්වෙන ආකාරය මෙම පඤ්ච භයවේර සූත්‍රයෙන් විස්තර වේ.

2020-01-08T18:39:40+05:30

ගැඹුරු දහම පහසුවෙන් අවබෝධ කරවන ධර්ම දේශනා මාලාව – 56 (Video)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පඤ්ච භයවේර සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවකි භය ‌වෛර ඇතිකරවන පස් කරුණෙන් වැළකී, සෝතාපත්ති අංග සතරෙන් යුක්ත වී, ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා ආර්ය ශ්‍රාවකයා සතර අපායෙන් සදහටම නිදහස් වී සුගති රැකවරණය ලබා සෝවාන් [...]