ජීවිතයක් සැනසිලිදායක වන්නේ සැනසීම උදාකරන ධර්මයක් මුණ ගැසීමෙනි. වර්තමාන මානව වංශකථාවේ අතිශයින්ම සුන්දර වූ සැනසිලිදායක වූ ධර්මයක් අපට පෙන්වා දී තිබෙන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ පමණි.

බුද්ධිය මනාකොට හැසිරවිය හැකි ජීවිත ලබාසිටින අප කාටත් අවශ්‍ය වන්නේ ජීවිත සැනසීම සැබෑ ලෙසම උදාකරදිය හැකි මෙම ධර්මයයි. තම තම නැණ පමණින් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට බුද්ධිමත් කවුරුත් අවංක මහන්සියක් ගත යුතුය. එය ජීවිතයේ සනාතන සැනසුම උදෙසා මහෝපකාරී වේ.

මේ කරුණ මුල්කොට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කලකට පෙර සැදැහැවත් පිරිසකට අවබෝධාත්මක භාවනා වැඩමුළුවක් පවත්වන ලදී. එහිදී පවත්වන ලද දෙසුම් පටිගත කොට තිබූ හෙයින් ඒවා නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව අපට මෙසේ උදාකරදිය හැකි විය.

බුදු සමිඳු දැක ගනිමු

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද අවබෝධාත්මක දේශනා මාලාව