Sathi Bhawana BG

කාර්යබහුල ගිහි ජීවිතයේ ලැබෙන පුංචි නිවාඩුවෙන් විවේකීව භාවනා කරමින් ධර්මය ඉගෙන ගන්ට මහන්සි වෙන උපාසක පින්වතුන් සඳහා නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මංපෙත් විවර කරනු පිණිස ආරම්භ කළ සති භාවනා වැඩසටහන….

මොකක්ද සති භාවනා වැඩසටහන කියන්නේ ?

  • සති භාවනා වැඩසටහන කියන්නේ සතියක භාවනා වැඩපිළිවෙළක්.
  • පින්වත් ස්වාමීන් වහන්සේනමකගේ අධීක්‍ෂණය යටතේ කෙරෙන භාවනා පුහුණුවකිනුත් යුක්තයි.
  • උදෑසනත්, හවසත් බුදුගුණ සජ්ඣායනා කරමින්, පිරිත් සූත්‍ර සජ්ඣායනා කරමින් බුද්ධ වන්දනා කරන්ටත් පුළුවන්.
  • උපාසක පිරිස වෙනුවෙන් ම පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් වැදගත් සූත්‍ර දේශනා කියා දෙනවා.
  • බ්‍රහ්මචාරී අධිසීලයක හික්මෙමින් සතියක් පුරාවට විශාල පිනක් රැස්කරගන්ටත් පුළුවන්.
  • ඒ සිල් පද ගැන ඉතා හොඳ වැටහීමක් ඇතිකරගන්ට පුළුවනි.
  • ක්‍රමානුකූලව ධර්ම දේශනා ශ්‍රවණය කරන්නටත්, ක්‍රමානුකූලව සදහම් ග්‍රන්ථ පරිශීලනය කරන්නටත් ඔබට පුළුවනි.
  • සතියක් පුරාවට සිල්වත් ගිහි පිරිසක් සහ පින්වත් ස්වාමීන් වහන්සේලා සමඟ දහම් කථාවෙන් කල්ගෙවන්නට පුළුවන්.
  • ඔබට ගැටලුවක් වූ යම් යම් දහම් කරුණු ඉතා ම විවේකීව පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් විමසා දැනගන්නටත් පුළුවන්.
  • සති භාවනා වැඩසටහන කාලසටහනකට අනුව කෙරෙන නිසා ධර්මානුකූල කාලසටහනක් හඳුනාගන්ටත් ඔබට පුළුවනි.
  • පාරිචරියානුත්තරීය වූ උතුම් සංඝයා වහන්සේට ඇප උපස්ථාන කොට, දන් පැන් පූජා කොට පින් රැස් කරගන්ටත් පුළුවනි.
  • ඇත්තෙන්ම සති භාවනා වැඩසටහන කියන්නේ දස්සනානුත්තරීය, සවණානුත්තරීය, සික්ඛානුත්තරීය. පාරිචරියානුත්තරීය, අනුස්සනානුත්තරීය, ලාභානුත්තරීය යන අනුත්තරීය ධර්ම සියල්ල ම සතියක් පුරාවට ඔබට උදාකරවන වැඩසටහනක්.
  • මෙම සති භාවනා වැඩසටහන පැවැත්වෙන්නේ හොරණ මහමෙව්නාව භාවනා අසපුවෙහි ය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක දරුවන් වූ පින්වන්ත ඔබටත්, නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ තුළින් අවස්ථාව උදාකරගන්නට පුළුවනි.

පෙර පැවති වැඩසටහන්වල ඡායාරූප එකතුව