සිංහාවලෝකනය යනු 2018-05-12 වන දින සිට සෑම සෙනසුරාදාවක ම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශය වන ධර්ම සාකච්ඡා මාලාවකි. මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි. ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි. මෙතෙක් විකාශය වූ වැඩසටහන්වල ඕඩියෝ සබැඳි මෙම පිටුවෙහි දක්වා තිබේ. මෙම සාකච්ඡා මාලාවේ වීඩියෝ දර්ශන නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න.