සතර පොහොය දින දර්ශනය
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 – 2570
ව්‍යවහාර වර්ෂ 2026
(පෝය ලබන සහ ගෙවෙන වේලාවන් සහිතයි)
🌕
පුර පසළොස්වක – ජනවාරි 03 සෙනසුරාදා
ජනවාරි 02 සිකුරාදා අ.භා 06:53 පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා 03:32 ගෙවේ.
🌓
අව අටවක – ජනවාරි 10 සෙනසුරාදා
ජනවාරි 10 සෙනසුරාදා පූ.භා 08:24 අව අටවක ලබා 11 ඉරිදා පූ.භා 10:20 ගෙවේ.
🌑
අමාවක – ජනවාරි 18 ඉරිදා
ජනවාරි 18 ඉරිදා පූ.භා 00:04 අමාවක ලබා 19 සඳුදා පූ.භා 01:21 ගෙවේ.
පින්බර දුරුතු පුන් පොහෝ දින
- ✏️ගෞතම බුදුරජුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් මාස නවයක් ගතවූ තැන එළැඹි දුරුතු පුන්පොහෝ දින ය.
- ✏️සුමන සමන් දෙව් රජුන්ගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු තැන්පත් කරවමින් මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුවේ ද එම දුරුතු පුන් පොහෝ දා ය. මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ පසු කලෙක සර්වඥ ග්‍රීවා ධාතූන් වහන්සේ ද තැන්පත් කරනු ලැබීය.
🌗
පුර අටවක – ජනවාරි 26 සඳුදා
ජනවාරි 25 ඉරිදා අ.භා 11:10 පුර අටවක ලබා 26 සඳුදා අ.භා 09:18 ගෙවේ.
🌕
පුර පසළොස්වක – පෙබරවාරි 01 ඉරිදා
පෙබරවාරි 01 ඉරිදා පූ.භා 05:52 පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා 03:39 ගෙවේ.
🌓
අව අටවක – පෙබරවාරි 09 සඳුදා
පෙබරවාරි 09 සඳුදා පූ.භා 05:01 අව අටවක ලබා 10 අඟහරුවාදා පූ.භා 07:27 ගෙවේ.
🌑
අමාවක – පෙබරවාරි 16 සඳුදා
පෙබරවාරි 16 සඳුදා අ.භා 05:34 අමාවක ලබා 17 අඟහරුවාදා අ.භා 05:30 ගෙවේ.
පින්බර නවම් පුන් පොහෝ දින
- ✏️සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.
- ✏️ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනක ය.
- ✏️බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහෝ දිනක ය.
- ✏️බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහෝ දිනකදී ය.
🌗
පුර අටවක – පෙබරවාරි 24 අඟහරුවාදා
පෙබරවාරි 24 අඟහරුවාදා පූ.භා 07:02 පුර අටවක ලබා 25 බදාදා පූ.භා 04:51 ගෙවේ.
🌕
පුර පසළොස්වක – මාර්තු 02 සඳුදා
මාර්තු 02 සඳුදා අ.භා 05:55 පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා 05:07 ගෙවේ.
🌓
අව අටවක – මාර්තු 11 බදාදා
මාර්තු 11 බදාදා පූ.භා 01:54 අව අටවක ලබා 12 බ්‍රහස්පතින්දා පූ.භා 04:19 ගෙවේ.
🌑
අමාවක – මාර්තු 18 බදාදා
මාර්තු 18 බදාදා පූ.භා 08:25 අමාවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා 06:53 ගෙවේ.
පින්බර මැදින් පුන් පොහෝ දින
- ✏️බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහරහතන් වහන්සේලා සමඟින් රජගහ නුවරින් නික්ම කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ කරන ලද්දේ මැදින් පුන් පොහෝ දිනක දී ය.
🌗
පුර අටවක – මාර්තු 25 බදාදා
මාර්තු 25 බදාදා අ.භා 01:50 පුර අටවක ලබා 26 බ්‍රහස්පතින්දා පූ.භා 11:49 ගෙවේ.
🌕
පුර පසළොස්වක – අප්‍රේල් 01 බදාදා
අප්‍රේල් 01 බදාදා පූ.භා 07:06 පසළොස්වක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා 07:41 ගෙවේ.
🌓
අව අටවක – අප්‍රේල් 10 සිකුරාදා
අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා අ.භා 09:19 අව අටවක ලබා 10 සිකුරාදා අ.භා 11:15 ගෙවේ.
🌑
අමාවක – අප්‍රේල් 17 සිකුරාදා
අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා අ.භා 08:11 අමාවක ලබා 17 සිකුරාදා අ.භා 05:21 ගෙවේ.
පින්බර බක් පුන් පොහෝ දින
- ✏️බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කරන ලද්දේ සම්බුද්ධත්වයෙන් පස් වෙනි වර්ෂයෙහිදී බක් පුන් පොහෝ දින ය. චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක් අරභයා ඇති වූ ගැටුම සංසිඳවීම පිණිස බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිදුවිය.
🌗
පුර අටවක – අප්‍රේල් 24 සිකුරාදා
අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා අ.භා 08:49 පුර අටවක ලබා 24 සිකුරාදා අ.භා 07:22 ගෙවේ.
🌕
පුර පසළොස්වක – මැයි 01 සිකුරාදා
අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා අ.භා 09:12 පසළොස්වක ලබා 01 සිකුරාදා අ.භා 10:52 ගෙවේ.
🌓
අව අටවක – මැයි 09 සෙනසුරාදා
මැයි 09 සෙනසුරාදා අ.භා 02:03 අව අටවක ලබා 10 ඉරිදා අ.භා 03:06 ගෙවේ.
🌑
අමාවක – මැයි 16 සෙනසුරාදා
මැයි 16 සෙනසුරාදා පූ.භා 05:11 අමාවක ලබා 17 ඉරිදා පූ.භා 01:30 ගෙවේ.
පින්බර වෙසක් පුන් පොහෝ දින
- ✏️ගෞතම බුදුරජුන්ගේ ලොව පහළවීම, සම්බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන්පෑම යන උතුම් තෙමඟුල සිදුවූයේ වෙසක් පුන් පොහෝ දිනයන්හිදී ය.
- ✏️සම්බුද්ධත්වයෙන් වසර අටක් ගත වූ තැන බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලංකාද්වීපයේ කැළණියට වැඩම කොට වදාළේ වෙසක් පුන් පොහෝ දිනක ය.
- ✏️බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව ප්‍රථම වරට කිඹුල්වත්පුරයට වැඩම කොට යමා මහ පෙළහර පා වදාළේ වෙසක් පුන් පොහෝ දිනක ය.
- ✏️ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ද වෙසක් පුන් පොහෝ දිනක ය.
- ✏️බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දින සිදු වූ විජය කුමරුගේ පැමිණීමෙන් ලක්දිව මනුෂ්‍යවාසයක් බවට පත්ව සිංහල ජාතිය ආරම්භ වූයේ ද වෙසක් පුන් පොහෝ දිනක ය.
🌗
පුර අටවක – මැයි 23 සෙනසුරාදා
මැයි 23 සෙනසුරාදා පූ.භා 05:04 පුර අටවක ලබා 24 ඉරිදා පූ.භා 04:27 ගෙවේ.
🌕
පුර පසළොස්වක – මැයි 30 සෙනසුරාදා
මැයි 30 සෙනසුරාදා පූ.භා 11:58 පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා 02:15 ගෙවේ.
🌓
අව අටවක – ජූනි 08 සඳුදා
ජූනි 08 සඳුදා පූ.භා 03:24 අව අටවක ලබා 09 අඟහරුවාදා පූ.භා 03:24 ගෙවේ.
🌑
අමාවක – ජූනි 14 ඉරිදා
ජූනි 14 ඉරිදා අ.භා 12:20 අමාවක ලබා 15 සඳුදා පූ.භා 08:23 ගෙවේ.
🌗
පුර අටවක – ජූනි 21 ඉරිදා
ජූනි 21 ඉරිදා අ.භා 03:20 පුර අටවක ලබා 22 සඳුදා අ.භා 03:40 ගෙවේ.
🌕
පුර පසළොස්වක – ජූනි 29 සඳුදා
ජූනි 29 සඳුදා පූ.භා 03:06 පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා 05:26 ගෙවේ.
🌓
අව අටවක – ජූලි 07 අඟහරුවාදා
ජූලි 07 අඟහරුවාදා අ.භා 01:25 අව අටවක ලබා 08 බදාදා අ.භා 12:22 ගෙවේ.
🌑
අමාවක – ජූලි 14 අඟහරුවාදා
ජූලි 13 සඳුදා අ.භා 06:49 අමාවක ලබා 14 අඟහරුවාදා අ.භා 03:13 ගෙවේ.
පින්බර පොසොන් පුන් පොහෝ දින
- ✏️අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ ධර්ම දායාදය රැගෙන ලක්දිවට වැඩම කොට වදාළේ පොසොන් පුන් පොහෝ දිනක ය.
🌗
පුර අටවක – ජූලි 21 අඟහරුවාදා
ජූලි 21 අඟහරුවාදා පූ.භා 04:03 පුර අටවක ලබා 22 බදාදා පූ.භා 05:16 ගෙවේ.
🌕
පුර පසළොස්වක – ජූලි 29 බදාදා
ජූලි 28 අඟහරුවාදා අ.භා 06:19 පසළොස්වක ලබා 29 බදාදා අ.භා 08:05 ගෙවේ.
🌓
අව අටවක – අගෝස්තු 06 බ්‍රහස්පතින්දා
අගෝස්තු 05 බදාදා අ.භා 08:42 අව අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා 06:53 ගෙවේ.
🌑
අමාවක – අගෝස්තු 12 බදාදා
අගෝස්තු 12 බදාදා පූ.භා 01:53 අමාවක ලබා එදින අ.භා 11:06 ගෙවේ.
පින්බර ඇසළ පුන් පොහෝ දින
- ✏️අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා බිසවුන් කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනක ය.
- ✏️ගිහිගෙය පිළිබඳව කළකිරුන සිද්ධාර්ථ කුමරුන් විමුක්තිය පතා මහභිනික්මන් කළේ ඇසළ පුන් පොහෝ දිනකය.
- ✏️රාහුල කුමරුන්ගේ උපත ද ඇසළ පුන් පොහෝ දිනක සිදුවිය.
- ✏️සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දස දහසක් ලෝකධාතූන් කම්පා කරවමින් ප්‍රථම දම් දෙසුම පවත්වා වදාළේ ඇසළ පුන් පොහෝ දිනක ය.
🌗
පුර අටවක – අගෝස්තු 20 බ්‍රහස්පතින්දා
අගෝස්තු 19 බදාදා අ.භා 07:19 පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අ.භා 09:18 ගෙවේ.
🌕
පුර පසළොස්වක – අගෝස්තු 27 බ්‍රහස්පතින්දා
අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා 09:09 පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා 09:48 ගෙවේ.
🌓
අව අටවක – සැප්තැම්බර් 04 සිකුරාදා
සැප්තැම්බර් 04 සිකුරාදා පූ.භා 02:25 අව අටවක ලබා 05 සෙනසුරාදා පූ.භා 00:13 ගෙවේ.
🌑
අමාවක – සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා
සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පූ.භා 10:33 අමාවක ලබා 11 සිකුරාදා පූ.භා 08:56 ගෙවේ.
පින්බර නිකිණි පුන් පොහෝ දින
- ✏️ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ආරම්භ කරන ලද්දේ නිකිණි පුන් පොහෝ දිනක ය.
- ✏️ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් අරහත්වයට පත්වී වදාළේ නිකිණි පුන් පොහෝ දිනක ය.
🌗
පුර අටවක – සැප්තැම්බර් 18 සිකුරාදා
සැප්තැම්බර් 18 සිකුරාදා අ.භා 01:01 පුර අටවක ලබා 19 සෙනසුරාදා අ.භා 03:27 ගෙවේ.
🌕
පුර පසළොස්වක – සැප්තැම්බර් 26 සෙනසුරාදා
සැප්තැම්බර් 25 සිකුරාදා අ.භා 11:07 පසළොස්වක ලබා 26 සෙනසුරාදා අ.භා 10:18 ගෙවේ.
🌓
අව අටවක – ඔක්තෝබර් 03 සෙනසුරාදා
ඔක්තෝබර් 03 සෙනසුරාදා පූ.භා 07:59 අව අටවක ලබා 04 ඉරිදා පූ.භා 05:52 ගෙවේ.
🌑
අමාවක – ඔක්තෝබර් 10 සෙනසුරාදා
ඔක්තෝබර් 09 සිකුරාදා අ.භා 09:36 අමාවක ලබා 10 සෙනසුරාදා අ.භා 09:19 ගෙවේ.
පින්බර බිනර පුන් පොහෝ දින
- ✏️ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක වූ භික්ෂූනී සංඝයාගේ ආරම්භය සිදුවූයේ බිනර පුන්පොහෝ දිනක ය.
🌗
පුර අටවක – ඔක්තෝබර් 18 ඉරිදා
ඔක්තෝබර් 18 ඉරිදා පූ.භා 08:28 පුර අටවක ලබා 19 සඳුදා පූ.භා 10:52 ගෙවේ.
🌕
පුර පසළොස්වක – ඔක්තෝබර් 25 ඉරිදා
ඔක්තෝබර් 25 ඉරිදා පූ.භා 11:56 පසළොස්වක ලබා 26 සඳුදා පූ.භා 09:41 ගෙවේ.
🌓
අව අටවක – නොවැම්බර් 01 ඉරිදා
නොවැම්බර් 01 ඉරිදා අ.භා 02:51 අව අටවක ලබා 02 සඳුදා අ.භා 01:10 ගෙවේ.
🌑
අමාවක – නොවැම්බර් 08 ඉරිදා
නොවැම්බර් 08 ඉරිදා පූ.භා 11:28 අමාවක ලබා 09 සඳුදා පූ.භා 12:31 ගෙවේ.
පින්බර වප් පුන් පොහෝ දින
- ✏️බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩමකොට මහා පෙලහර පෑවේ වප් පුන් පොහෝ දිනක ය.
- ✏️සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අගතනතුර ලැබුවේ වප් පුන් පොහෝ දිනක ය.
- ✏️ස්වාමීන් වහන්සේලාගේ පෙරවස් පවාරන දිනය වන්නේ වප් පුන් පොහෝ දිනය යි.
🌗
පුර අටවක – නොවැම්බර් 17 අඟහරුවාදා
නොවැම්බර් 17 අඟහරුවාදා පූ.භා 04:19 පුර අටවක ලබා 18 බදාදා පූ.භා 06:05 ගෙවේ.
🌕
පුර පසළොස්වක – නොවැම්බර් 24 අඟහරුවාදා
නොවැම්බර් 23 සඳුදා අ.භා 11:42 පසළොස්වක ලබා 24 අඟහරුවාදා අ.භා 08:23 ගෙවේ.
🌓
අව අටවක – දෙසැම්බර් 01 අඟහරුවාදා
දෙසැම්බර් 01 අඟහරුවාදා පූ.භා 00:11 අව අටවක ලබා එදින අ.භා 11:14 ගෙවේ.
🌑
අමාවක – දෙසැම්බර් 08 අඟහරුවාදා
දෙසැම්බර් 08 අඟහරුවාදා පූ.භා 04:12 අමාවක ලබා 09 බදාදා පූ.භා 06:21 ගෙවේ.
පින්බර ඉල් පුන් පොහෝ දින
- ✏️ප්‍රථම ධර්ම දූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප්‍රචාරය සඳහා වැඩමකොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.
- ✏️සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ඉල් පුන් පොහෝ දිනකය
- ✏️ස්වාමීන් වහන්සේලාගේ පසුවස් පවාරන දිනය වන්නේ ඉල් පුන් පොහෝ දිනයයි.
🌗
පුර අටවක – දෙසැම්බර් 17 බ්‍රහස්පතින්දා
දෙසැම්බර් 16 බදාදා අ.භා 10:46 පුර අටවක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා 11:26 ගෙවේ.
🌕
පුර පසළොස්වක – දෙසැම්බර් 23 බදාදා
දෙසැම්බර් 23 බදාදා පූ.භා 10:47 පසළොස්වක ලබා 24 බ්‍රහස්පතින්දා පූ.භා 06:58 ගෙවේ.
🌓
අව අටවක – දෙසැම්බර් 30 බදාදා
දෙසැම්බර් 30 බදාදා අ.භා 12:36 අව අටවක ලබා 31 බ්‍රහස්පතින්දා අ.භා 12:32 ගෙවේ.
පින්බර උඳුවප් පුන් පොහෝ දින
- ✏️සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවන ලද්දේ උඳුවප් පුන් පොහෝ දිනක ය.
