ගාල්ල මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන ලද්දේ 2008-10-09 දින දීය. ජනාකීර්ණ පරිසරයෙන් මිදුනු සුන්දර ග්‍රාමීය පරිසරයක තැනිතලා බිමෙක පිහිටා ඇති මෙම අසපුව මගින් ප්‍රදේශයේ මහත් ශාසනික සේවාවන් රැසක් සිදුකරයි. විශේෂයෙන් මෙම අසපුව මගින් ගාල්ල නගරයේ අධ්‍යාපන ආයතන සම්බන්ධ කරගනිමින් පුළුල් ධර්ම ප්‍රචාරයක් සිදුකරගෙන යන අතර, නව යොවුන් වියේ පසුවන දරු දැරියන්ගේ ජීවිත දහමින් ආලෝකමත් කිරීම පිණිස ඒ තුළින් මහත් කාර්ය භාරයක් සිදුවේ.

මනරම් බෝධි ප්‍රාකාරයක් ද, පින්වත් ස්වාමීන් වහන්සේලාට වැඩසිටීම සඳහා කුටි 13ක්ද සුවිසල් ධර්ම ශාලාවකින්ද මෙම පින්බිම සමන්විත වේ. ශ්‍රී ශාක්‍යපුත්‍ර මහා කස්සප මහා සෑය නමින් සුවිසල් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ද මෙම පින්බිමෙහි වැඩසිටී.

ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ වැඩසටහන් පැවැත්වෙන දිනයන්

  • පුන් පොහෝ දා සීල භාවනා වැඩසටහන:- සෑම පුන් පොහෝ දිනකම පෙ.ව. 6.00 සිට ප.ව. 8.00 දක්වා.
  • ළමා සදහම් වැඩසටහන:- සෑම පුන් පොහෝ දිනකම පෙ.ව. 8.00 සිට ප.ව. 3.00 දක්වා

  • යොවුන් දහම් වැඩසටහන:- සෑම මසකම දෙවන සතියේ ඉරිදා දින පෙ.ව. 8.00 සිට 12.00 දක්වා

අසපුවට පැමිණෙන ආකාරය

  • ගාල්ල නගරයේ සිට ඉමදූව මාර්ගයේ 8km ක් පමණ පැමිණිවිට හමුවන මැලෑගොඩ හන්දියෙන් වමට ඇති පටු මාවතේ 500m ක් පමණ ගමන් කළ විට මේ පින්බිමට පැමිණිය හැක.
මහමෙව්නාව භාවනා අසපුව,
වංචාවල, මැලෑගොඩ,
ගාල්ල.
(80000)
+94 91 4 941 574 / +94 91 2 239 061

ඡායාරූප එකතුව