මෙම භාවනා වැඩසටහන පාළුගම සහ හොරණ මහමෙව්නාව භාවනා අසපුවල පැවැත්වෙන අතර කාන්තා – පිරිමි දෙපාර්ශවයට ම දින 5ක් වැනි කාලයක් නේවාසිකව හිඳිමින් මෙම වැඩසටහන හා සම්බන්ධ විය හැක.
මේ සඳහා කිසිදු අයකිරීමක් නොකරන අතර මුලින්ම අයදුම්පතක් යොමු කිරීම හා පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් ලබාදෙන උපදෙස් පිළිපැදීම අනිවාර්ය වේ.
භාවනා වැඩසටහන් පැවැත්වෙන් කාල සීමාවන්, ස්ථානයන්, අයදුම්පත හා වැඩි විස්තර දැනගැනීම සඳහා දුරකථන අංක පහත සඳහන් වේ.
පාළුගම අසපුවේ ලිපිනය
මහමෙව්නාව භාවනා අසපුව,
පාළුගම,
දොම්පෙ.
හොරණ අසපුවේ ලිපිනය
මහමෙව්නාව භාවනා අසපුව,
ඕවිටියාගල පාර,
මූණගම,
හොරණ.

