
පෙ ර ඉතා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක් වූ, මේ වන විට ඉතා දියුණු නගරයක් බවට පත්වී ඇති ඇඹිලිපිටිය, සූරියවැව ප්‍රදේශයට මහමෙව්නාව භාවනා අසපු ශාඛාවක් දායාද වූ පින්බර දිනය වූයේ 2005-03-14 දා ය. අන්‍යාගමිකකරණයට ලක්වී තිබූ මෙම ගම්මානයේ වාසය කළ මිනිසුන් මෙම පුණ්‍ය භූමිය ආරම්භ කිරීමෙන් පසු නැවතත් ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවකයන් බවට පත්වූහ. ගැමි සුන්දරත්වයෙන් පිරි නිහඬ පරිසරයක ඉදිවී ඇති සූරියවැව මහමෙව්නාව භාවනා අසපුවේ මේ වන විට පින්වත් ස්වාමීන් වහන්සේලාට වැඩ සිටීමට කුටි 17 ක් ද, සුවිසල් ධර්ම ශාලාවක්, දාන ශාලාවක් අැතුලු විහාරාංගයන්ගෙන් ද සමන්විත වේ. එසේම අසපුවේ මාසික සීල භාවනා වැඩසටහන් වලට 2000 කට අධික සැදැහැවතුන් පිරිසක් සහභාගී වේ. බොහෝ සැදැහැවතුන් පිරිසකගේ මූල්‍යමය හා ශ්‍රම පරිත්‍යාගයෙන් ඉදිකරන ලද, සර්වඥ ධාතූන් වහන්සේලා හා අරහන්ත ධාතූන් වහන්සේලා නිධන් කරන ලද, අඩි 108 ක් පමණ උසින් යුතු “සිරි ගෞතම කන්දකුමාර මහාසෑය” නමින් දර්ශනීය චෛත්‍ය රජාණන් වහන්සේ නමක් ද මෙම පින්බිම තුළ වැඩසිටී. එමෙන්ම ආනන්ද බෝධීන් වහන්සේලා පරිවාර කොටගත් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි මණ්ඩපයද මේ වන විට ඉදිවෙමින් පවතී.
සූරියවැව මහමෙව්නාව භාවනා අසපුවේ වැඩසටහන් පැවැත්වෙන දිනයන්
අසපුවට පැමිණෙන ආකාරය
මහමෙව්නාව භාවනා අසපුව, සුරුවිරුගම, සූරියවැව. (82010) |
|
+94 47 4 931 379 / +94 47 3 620 017 |