ම්බන්තොට දිස්ත්‍රික්කයේ කණුමුල්දෙනිය රක්ෂිත වනාන්තරයෙහි පිහිටා ඇති මෙම රමණීය අසපුව විහාර මන්දිරයක් බෝධිමණ්ඩපයක් දානශාලාවක් සංඝාවාසයක් ධර්ම ශාලාවක් හා ස්වාමීන් වහන්සේලා 14 නමකට පහසුවෙන් වැඩ සිටිය හැකි කුටි පහසුකම් වලින් ද සමන්විත වේ.

වළස්මුල්ල මහමෙව්නාව භාවනා අසපුවේ වැඩසටහන් පැවැත්වෙන දිනයන්

  • පුන් පොහෝ දා සීල භාවනා වැඩසටහන:- සෑම පුන් පොහෝ දිනකම පෙ.ව. 6.00 සිට ප.ව. 6.00 දක්වා.
  • සිරි ගෞතම බෝධි වන්දනාව:- සෑම සෙනසුරාදාවකම ප.ව. 4.30 ට.

අසපුවට පැමිණෙන ආකාරය

  • මාතර සිට හක්මන වලස්මුල්ල පාරේ 28km ක් පැමිණ දෙනගම හන්දියෙන් මුලටියන පාරේ 4kmක් පැමිණ උඩවත්ත හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ 8kmක් පමණ පැමිණ ප්‍රජාශාලාව ලඟින් වමට ඇති පාරේ 2kmක් පැමිණි විට මෙම පින්බිමට පැමිණිය හැක.
  • ඇඹිලිපිටියේ සිට මිද්දෙනිය හරහා වලස්මුල්ලට පැමිණ වලස්මුල්ල නගරයෙන් පල්ලෙකන්ද මාර්ගයේ 7kmක් පැමිණ ප්‍රජා ශාලාව ළඟින් දකුණට ඇති මාර්ගයේ 2kmක් ගිය විට මෙම පුණ්‍ය භූමියට පැමිණිය හැක.

මහමෙව්නාව භාවනා අසපුව,
කිතුලගොඩ, පිටදෙණිය,
පල්ලේකන්ද පාර, වළස්මුල්ල.
(82450)
+94 47 4 931 378

ඡායාරූප එකතුව