පෝය කැලැන්ඩරය draft

පෝය කැලැන්ඩරය draft2021-12-23T21:52:35+05:30

පොහොය දින දර්ශනය
ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ~ 2566
ව්‍යවහාර වර්ෂ 2022

2022 වසරේ සතර පොහොය දිනයන්, පොහොය ලබන ගෙවෙන වේලාවන්, සිල් සමාදන් විය යුතු දවස්, පොහොය වැදගත්කම සහිත
සවිස්තරාත්මක සතර පොහොය දින දර්ශනය (පොහොය ලිත)

  • පුර අටවක – දෙසැම්බර් 11 සෙනසුරාදා
    දෙසැ. 10 සිකුරාදා අ.භා. 07.09 න් පුර අටවක ලබා 11 සෙන. අ.භා. 07.13 න් ගෙවේ. සෙනසුරාදා සිල්

  • පසළොස්වක – දෙසැම්බර් 18 සෙනසුරාදා
    දෙසැ. 18 සෙන. පූ.භා. 07.24 න් පුර පසළොස්වක ලබා 19 ඉරිදා පූ.භා. 10.05 න් ගෙවේ. සෙනසුරාදා සිල්
  • අව අටවක – දෙසැම්බර් 27 සඳුදා
    දෙසැ. 26 ඉරිදා අ.භා. 08.08 න් අව අටවක ලබා 27 සඳුදා අ.භා. 07.28 න් ගෙවේ. සඳුදා සිල්

  • අමාවක – ජනවාරි 02 ඉරිදා
    ජන. 02 ඉරිදා පූ.භා. 03.41 න් අමාවක ලබා 03 සඳුදා පූ.භා. 00.03 න් ගෙවේ. ඉරිදා සිල්

පින්බර උඳුවප් පුන් පොහෝ දින

  • ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිව දඹකොළ පටුනට වැඩමවන ලද්දේ උඳුවප් පුන් පොහෝ දිනකය.
  • පුර අටවක – ජන. 09 ඉරිදා
    ජන. 09 ඉරිදා පූ.භා. 11.09 න් පුර අටවක ලබා 10 සඳුදා අ.භා. 12.24 න් ගෙවේ. ඉරිදා සිල්
  • පුර පසළොස්වක – ජන. 17 සඳුදා
    ජන. 17 සඳුදා පූ.භා. 03.18 න් පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූ.භා. 05.18 න් ගෙවේ. සඳුදා සිල්
  • අව අටවක – ජනවාරි 25 අඟහරුවාදා

    ජන. 25 අඟහරුවාදා පූ.භා. 07.48 න් අව අටවක ලබා 26 බදාදා පූ.භා. 06.25 න් ගෙවේ. අඟහරුවාදා සිල්

  • අමාවක – ජනවාරි 31 සඳුදා

    ජන. 31 සඳුදා අ.භා. 02.18 න් අමාවක ලබා පෙබ. 01 අඟහරුවාදා පූ.භා. 11.15 න් ගෙවේ. සඳුදා සිල්

පින්බර දුරුතු පුන් පොහෝ දින

  • උරුවේල ජනපදයේදී උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් දෙනා දමනය කොට ඒහි භික්ඛු භාවයෙන් ගෞතම සසුනෙහි පැවිදි බව ලැබීම සිදුවූයේ දුරුතු පුන් පොහෝ දිනකය.
  • ගෞතම බුදුරජුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් මාස අටක් ගතවූ තැන එළැඹි දුරුතු පුන්පොහෝ දින ය.
  • සුමන සමන් දෙව් රජුන්ගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු තැන්පත් කරවමින් මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුවේ ද එම දුරුතු පුන් පොහෝ දා ය. මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ පසු කලෙක සර්වඥ ග්‍රීවා ධාතූන් වහන්සේ ද තැන්පත් කරනු ලැබීය.
  • පුර අටවක – පෙබරවාරි 08 අඟහරුවාදා

    පෙබ. 08 අඟහරුවාදා පූ.භා. 06.16 න් පුර අටවක ලබා 09 බදාදා පූ.භා. 08.31 න් ගෙවේ. අඟහරුවාදා සිල්

  • පසළොස්වක – පෙබරවාරි 16 බදාදා
    පෙබ. 15 අඟහරුවාදා අ.භා. 09.43 න් පසළොස්වක ලබා 16 බදාදා අ.භා. 11.26 න් ගෙවේ. බදාදා සිල්
  • අව අටවක – පෙබරවාරි 23 බදාදා

    පෙබ. 23 බදාදා අ.භා. 04.56 න් අව අටවක ලබා 24 බ්‍රහස්. අ.භා. 03.04 න් ගෙවේ. බදාදා සිල්

  • අමාවක – මාර්තු 02 බදාදා

    මාර්තු 02 බදාදා පූ.භා. 01.00 න් අමාවක ලබා එමදා අ.භා. 11.04 න් ගෙවේ. බදාදා සිල්

පින්බර නවම් පුන් පොහෝ දින

  • සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.
  • ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනක ය
  • බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහෝ දිනක ය.
  • බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහෝ දිනකදී ය.

බුදුදහමේ කවිය සහ රසාශ්වාදය

ඒ අතර ම බුදු දහම රස වින්දනය ප්‍රතික්ෂේප, කරන්නේ යැයි ද මතයක් පවතී. එසේ නම් ගීතය , කවිය ආදි කලාංග බෞද්ධ දර්ශනය තුළ ප්‍රතික්ෂේපිත ද, හරවත් කලා රසවින්දනයක් උදෙසා කිසියම් ම හෝ මඟපෙන්වීමක් බුදු දහමින් ලබාගත නොහැකි ද යන ගැටලු ධාර්මිකව විසඳා ගැනීමේ අරමුණ ඇතිව...

  • පුර අටවක – මාර්තු 10 බ්‍රහස්පතින්දා

    මාර්තු 10 බ්‍රහස්. පූ.භා. 02.56 න් පුර අටවක ලබා 11 සිකුරාදා පූ.භා. 05.34 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

  • පසළොස්වක – මාර්තු 17 බ්‍රහස්පතින්දා
    මාර්තු 17 බ්‍රහස්පතින්දා අ.භා. 01.30 න් පසළොස්වක ලබා 18 සිකුරාදා අ.භා. 12.47 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
  • අව අටවක – මාර්තු 25 සිකුරාදා

    මාර්තු 25 සිකුරාදා පූ.භා. 00.10 න් අව අටවක ලබා එමදා අ.භා. 10.04 න් ගෙවේ. සිකුරාදා සිල්

  • අමාවක – මාර්තු 31 බ්‍රහස්පතින්දා

    මාර්තු 31 බ්‍රහස්. අ.භා. 12.22 න් අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූ.භා. 11.54 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පින්බර මැදින් පුන් පොහෝ දින

  • බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහරහතන් වහන්සේලා සමඟින් රජගහ නුවරින් නික්ම කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ කරන ලද්දේ මැදින් පුන් පොහෝ දිනක දී ය.
  • පුර අටවක – අප්‍රේල් 09 සෙනසුරාදා
    අප්‍රේල් 08 සිකුරාදා අ.භා. 11.05 න් පුර අටවක ලබා 10 ඉරිදා පූ.භා. 01.24 න් ගෙවේ. සෙනසුරාදා සිල්

  • පසළොස්වක – අප්‍රේල් 16 සෙනසුරාදා
    අප්‍රේල් 16 සෙනසුරාදා පූ.භා. 02.25 න් පසළොස්වක ලබා 17 ඉරිදා පූ.භා. 00.24 න් ගෙවේ. සෙනසුරාදා සිල්
  • අව අටවක – අප්‍රේල් 23 සෙනසුරාදා
    අප්‍රේල් 23 සෙනසුරාදා පූ.භා. 06.27 න් අව අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.29 න් ගෙවේ. සෙනසුරාදා සිල්

  • අමාවක – අප්‍රේල් 30 සෙනසුරාදා
    අප්‍රේල් 30 සෙනසුරාදා පූ.භා. 00.58 න් අමාවක ලබා මැයි 01 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ. සෙනසුරාදා සිල්

පින්බර බක් පුන් පොහෝ දින

  • බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කරන ලද්දේ සම්බුද්ධත්වයෙන් පස් වෙනි වර්ෂයෙහිදී බක් පුන් පොහෝ දින ය. චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක් අරභයා ඇති වූ ගැටුම සංසිඳවීම පිණිස බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිදුවිය.
  • පුර අටවක – මැයි 08 ඉරිදා
    මැයි 08 ඉරිදා අ.භා. 05.00 න් පුර අටවක ලබා 09 සඳුදා අ.භා. 06.32 න් ගෙවේ. ඉරිදා සිල්

  • පසළොස්වක – මැයි 15 ඉරිදා
    මැයි 15 ඉරිදා අ.භා. 12.46 න් පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.43 න් ගෙවේ. ඉරිදා සිල්
  • අව අටවක – මැයි 22 ඉරිදා
    මැයි 22 ඉරිදා අ.භා. 12.59 න් අව අටවක ලබා 23 සඳුදා පූ.භා. 11.34 න් ගෙවේ. ඉරිදා සිල්

  • අමාවක – මැයි 29 ඉරිදා
    මැයි 29 ඉරිදා අ.භා. 02.55 න් අමාවක ලබා 30 සඳුදා අ.භා. 05.00 න් ගෙවේ. ඉරිදා සිල්

පින්බර වෙසක් පුන් පොහෝ දින

  • ගෞතම බුදු රජුන්ගේ ලොව පහළවීම, සම්බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන්පෑම යන උතුම් තෙමගුල සිදුවූයේ වෙසක් පුන් පොහෝ දිනයන්හීදී ය.
  • සම්බුද්ධත්වයෙන් වසර අටක් ගත වූ තැන බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලංකාද්වීපයේ කැළණියට වැඩම කොට වදාළේ වෙසක් පුන් පොහෝ දිනකය.
  • බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව ප‍්‍රථම වරට කිඹුල්වත්පුරයට වැඩම කොට යමා මහ පෙළහර පා වදාළේ වෙසක් පුන් පොහෝ දිනකය.
  • ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ද වෙසක් පුන් පොහෝ දිනකය.

ගෞතම බුදු සසුන දිගු කල් පැවතීමට නම්..

භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ ශාසනය වෙනත් හේතු නිසා අතුරුදන් වන්නේ නැති බව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් නිසා මේ ශාසනය අතුරුදන් වන්නේ නෑ. විවිධ පුද්ගලයන් ශාසනය තුළම ඉඳලා ශාසනය අතුරුදන් කරන බව යි, බුදුරදුන් දේශනා කළේ.

  • පුර අටවක – ජුනි 07 අඟහරුවාදා
    ජුනි 07 අඟහරුවාදා පූ.භා. 07.55 න් පුර අටවක ලබා 08 බදාදා පූ.භා. 08.30 න් ගෙවේ. අඟහරුවාදා සිල්

  • පසළොස්වක – ජුනි 14 අඟහරුවාදා
    ජුනි 13 සඳුදා අ.භා. 09.03 න් පසළොස්වක ලබා 14 අඟහරුවාදා අ.භා. 05.21 න් ගෙවේ. අඟහරුවාදා සිල්
  • අව අටවක – ජුනි 21 අඟහරුවාදා
    ජුනි 20 සඳුදා අ.භා. 09.01 න් අව අටවක ලබා 21 අඟහරුවාදා අ.භා. 08.31 න් ගෙවේ. අඟහරුවාදා සිල්

  • අමාවක – ජුනි 28 අඟහරුවාදා
    ජුනි 28 අඟහරුවාදා පූ.භා. 05.52 න් අමාවක ලබා 29 බදාදා පූ.භා. 08.22 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පින්බර පොසොන් පුන් පොහෝ දින

  • අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ ධර්ම දායාදය රැගෙන ලක්දිවට වැඩම කොට වදාළේ පොසොන් පුන් පොහෝ දිනකය.

සසර පින පතළ කළ අසම සම රූ මහිම.

බුදුරජාණන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ හිමිවන්නට හේතුවූයේ සම්බුද්ධත්වයට පත්වීමට ප්‍රථම මනුෂ්‍ය ලෝකයේදී පෙර ගත කළ බොහෝ ජීවිතයන්හිදී සිදු කළ කායික, වාචික මානසික පුණ්‍ය කර්මයන්ගේ බල මහිමය යි. මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ මනුලොවින් චුත වී බොහෝ කාලයක් සැප ඇති සුගතියේ ඉපදීමයි.

  • පුර අටවක – ජූලි 07 බ්‍රහස්පතින්දා
    ජූලි 06 බදාදා අ.භා. 07.48 න් පුර අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අ.භා. 07.28 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

  • පසළොස්වක – ජූලි 13 බදාදා
    ජූලි 13 බදාදා පූ.භා. 04.01 න් පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූ.භා. 00.07 න් ගෙවේ. බදාදා සිල්
  • අව අටවක – ජූලි 20 බදාදා
    ජූලි 20 බදාදා පූ.භා. 07.36 න් අව අටවක ලබා 21 බ්‍රහස්පතින්දා පූ.භා. 08.12 න් ගෙවේ. බදාදා සිල්

  • අමාවක – ජූලි 28 බ්‍රහස්පතින්දා
    ජූලි 27 බදාදා අ.භා. 09.12 න් අමාවක ලබා 28 බ්‍රහස්පතින්දා අ.භා. 11.24 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පින්බර ඇසළ පුන් පොහෝ දින

  • අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා බිසවුන් කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනක ය.
  • සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දස දහසක් ලෝකධාතූන් කම්පා කරවමින් ප‍්‍රථම දම් දෙසුම පවත්වා වදාළේ ඇසළ පුන් පොහෝ දිනකය.
  • ගිහිගෙය පිළිබඳව කළකිරුන සිද්ධාර්ථ කුමරුන් විමුක්තිය පතා මහභිනික්මන් කළේ ඇසළ පුන් පොහෝ දිනකය.
  • රාහුල කුමරුන්ගේ උපත ද ඇසළ පුන් පොහෝ දිනක සිදුවිය.
  • බුදුරජුන් ඇතුළු පස්වග මහණුන්ගේ ප‍්‍රථම වස් සමාදානය සිදු වූයේ ඇසළ පුන් පොහෝ දිනක වන අතර භික්ෂූන් වහන්සේලාගේ පෙරවස් සමාදන් වීම යෙදී ඇත්තේ ද පින්බර ඇසළ පුන් පොහෝ දිනටය.

මිහිඳු මාහිමිගෙන් යොවුන් දූ පුතුන්ට..

පළමුවෙන් ඔබේ සුන්දර දිවයිනට මා පැමිණෙද්දී මෙහි එන්නට අහස්‌ යානා හෝ මොටෝ රිය හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබැවින්ම අපට ඇවැසි වූයේත් නෑ. සමණමුළුවෙක්‌ වශයෙනුයි අප පැමිණියේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහ සෑ මළුවෙන් අහසට නැඟුණු අපි අම්බස්‌ථල සෑ අසල ඇති ගල් කුලට පැමිණිවිට...

  • පුර අටවක – අගෝස්තු 05 සිකුරාදා
    අගෝ. 05 සිකුරාදා පූ.භා. 05.06 න් පුර අටවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 03.56 න් ගෙවේ. සිකුරාදා සිල්

  • පසළොස්වක – අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
    අගෝ. 11 බ්‍රහස්පතින්දා පූ.භා. 10.38 න් පසළොස්වක ලබා 12 සිකුරාදා පූ.භා. 07.05 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
  • අව අටවක – අගෝස්තු 19 සිකුරාදා
    අගෝ. 18 බ්‍රහස්පතින්දා අ.භා. 09.21 න් අව අටවක ලබා 19 සිකුරාදා අ.භා. 10.59 න් ගෙවේ.සිකුරාදා සිල්

  • අමාවක – අගෝස්තු 26 සිකුරාදා
    අගෝ. 26 සිකුරාදා අ.භා. 12.24 න් අමාවක ලබා 27 සෙනසුරාදා අ.භා. 01.46 න් ගෙවේ. සිකුරාදා සිල්

පින්බර නිකිණි පුන් පොහෝ දින

  • ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ආරම්භ කරන ලද්දේ නිකිණි පුන් පොහෝ දිනකය.
  • ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් අරහත්වයට පත්වී වදාළේ නිකිණි පුන් පොහෝ දිනකය.
  • උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ පසුවස් සමාදන්වීම සිදුවන්නේ නිකිණි පුන් පොහෝ දිනයේය.

ඔබ භාවනාවට බිය ද?

භාවනා’ යන්නෙහි අරුත ‘වැඩීම’ යන්න යි. නැතහොත් යම්කිසි දෙයක් ගොඩනැඟීම. දැන් ආනාපාන සතියෙන් කරන්නේ සිහිය ගොඩනැගීම, වීරිය සහ නුවණ ගොඩනැගීම ආදිය. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ, මෙත් සිත ගොඩ නැගීම. අසුභ භාවනාවෙන් කෙරෙන්නේ, විරාගය ගොඩනැගීම. යථාභූත ඥානය ගොඩ නංවන්න පුළුවන්...

  • පුර අටවක – සැප්තැම්බර් 03 සෙනසුරාදා
    සැප්. 03 සෙනසුරාදා අ.භා. 12.28 න් පුර අටවක ලබා 04 ඉරිදා පූ.භා. 10.40 න් ගෙවේ. සෙනසුරාදා සිල්

  • පසළොස්වක – සැප්තැම්බර් 10 සෙනසුරාදා
    සැප්. 09 සිකුරාදා අ.භා. 06.07 න් පසළොස්වක ලබා 10 සෙනසුරාදා අ.භා. 03.28 න් ගෙවේ. සෙනසුරාදා සිල්
  • අව අටවක – සැප්තැම්බර් 17 සෙනසුරාදා
    සැප්. 17 සෙනසුරාදා අ.භා. 02.14 න් අව අටවක ලබා 18 ඉරිදා අ.භා. 04.33 න් ගෙවේ. සෙනසුරාදා සිල්

  • අමාවක – සැප්තැම්බර් 25 ඉරිදා
    සැප්. 25 ඉරිදා පූ.භා. 03.12 න් අමාවක ලබා 26 සඳුදා පූ.භා. 03.24 න් ගෙවේ. ඉරිදා සිල්

පින්බර බිනර පුන් පොහෝ දින

  • ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක වූ භික්‍ෂූනී සංඝයාගේ ආරම්භය සිදුවූයේ බිනර පුන්පොහෝ දිනකය.

ඔබ ස්වාධීන වීමට කැමති ද?

වත්මන් සමාජයේ දරුවන් ඉතා අඩු වයසින් ම ස්වාධීන වීමට ගන්නා උත්සාහයක් අද වන විට දක්නට ලැබෙනවා. මීට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. බටහිර රටවල දරුවන් ඉතා අඩු වයසින් ම සිය ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට පෙළඹී සිටින බව පෙනෙන්නට තිබෙනවා.

  • පුර අටවක (ශ්‍රී මිහිඳු පුර අටවක) – ඔක්තෝබර් 03 සඳුදා
    ඔක්. 02 ඉරිදා අ.භා. 06.47 න් පුර අටවක ලබා 03 සඳුදා අ.භා. 04.38 න් ගෙවේ. සඳුදා සිල්

  • පසළොස්වක – ඔක්තෝබර් 09 ඉරිදා
    ඔක්. 09 ඉරිදා පූ.භා. 03.42 න් පසළොස්වක ලබා 10 සඳුදා පූ.භා. 02.24 න් ගෙවේ. ඉරිදා සිල්
  • අව අටවක – ඔක්තෝබර් 17 සඳුදා
    ඔක්. 17 සඳුදා පූ.භා. 09.30 න් අව අටවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 11.58 න් ගෙවේ. සඳුදා සිල්

  • අමාවක – ඔක්තෝබර් 24 සඳුදා
    ඔක්. 24 සඳුදා අ.භා. 05.27 න් අමාවක ලබා 25 අඟහරුවාදා අ.භා. 04.18 න් ගෙවේ. සඳුදා සිල්

පින්බර වප් පුන් පොහෝ දින

  • බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩමකොට මහා පෙලහර පෑවේ වප් පුන් පොහෝ දිනකය.
  • සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාවන්ත භික්‍ෂූන් අතර අගතනතුර ලැබුවේ වප් පුන් පොහෝ දිනකය.
  • ස්වාමීන් වහන්සේලාගේ පෙරවස් පවාරන දිනය වන්නේ වප් පුන් පොහෝ දිනයයි.

සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි.

අනුන්ගේ වෛරයෙන් ලැබෙන බැටකෑමට, බුදුරදුන්ට පවා සිදුවිය. එයයි සසරේ හැටි. නමුත් වෛරය ඉස්මතුවීමට ඉඩ නොදී එයින් බේරෙන්නට හැකිනම් එය කෙනකුට මහත් සැපතක් ලබා දෙයි. වෛරයට ඉඩ නොතබා ඉවසීමෙන්, සිත දියුණු කර එයින් ගැලවී සිටීමට, බුදුරදුන්ගේ උපදෙස් අපට මහත් ලෙස උපකාර වෙයි.

පින්බර වප් පුර අටවක (මිහිඳු පුර අටවක) පොහෝ දින

  • අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළේ වප් මස පුර අටවක පොහෝ දිනයක දී ය. එබැවින් ඒ පුර අටවක දා ‘ශ්‍රී මිහිඳු පුර අටවක’යි සම්මත වුනා.
  • පුර අටවක – නොවැම්බර් 01 අඟහරුවාදා
    නොවැ. 01 අඟහරුවාදා පූ.භා. 01.11 න් පුර අටවක ලබා එමදා අ.භා. 11.04 න් ගෙවේ. අඟහරුවාදා සිල්

  • පසළොස්වක – නොවැම්බර් 07 සඳුදා
    නොවැ. 07 සඳුදා අ.භා. 04.16 න් පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.31 න් ගෙවේ. සඳුදා සිල්
  • අව අටවක – නොවැම්බර් 16 බදාදා
    නොවැ. 16 බදාදා පූ.භා. 05.50 න් අව අටවක ලබා 17 බ්‍රහස්පතින්දා පූ.භා. 07.57 න් ගෙවේ. බදාදා සිල්

  • අමාවක – නොවැම්බර් 23 බදාදා
    නොවැ. 23 බදාදා පූ.භා. 06.53 න් අමාවක ලබා 24 බ්‍රහස්පතින්දා පූ.භා. 04.26 න් ගෙවේ. බදාදා සිල්

පින්බර ඉල් පුන් පොහෝ දින

  • ප‍්‍රථම ධර්ම දූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප‍්‍රචාරය සඳහා වැඩමකොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.
  • සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ඉල් පුන් පොහෝ දිනකය
  • තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩම කොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.
  • ස්වාමීන් වහන්සේලාගේ පසුවස් පවාරන දිනය වන්නේ ඉල් පුන් පොහෝ දිනයයි.
  • පුර අටවක – නොවැම්බර් 30 බදාදා
    නොවැ. 30 බදාදා පූ.භා. 08.58 න් පුර අටවක ලබා දෙසැ. 01 බ්‍රහස්පතින්දා පූ.භා. 07.21 න් ගෙවේ. බදාදා සිල්

  • පසළොස්වක – දෙසැම්බර් 07 බදාදා
    දෙසැ. 07 බදාදා පූ.භා. 08.01 න් පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.37 න් ගෙවේ. බදාදා සිල්
  • අව අටවක – දෙසැම්බර් 16 සිකුරාදා
    දෙසැ. 16 සිකුරාදා පූ.භා. 01.39 න් අව අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 03.02 න් ගෙවේ. සිකුරාදා සිල්

  • අමාවක – දෙසැම්බර් 23 සිකුරාදා
    දෙසැ. 22 බ්‍රහස්පතින්දා අ.භා. 07.13 න් අමාවක ලබා 23 සිකුරාදා අ.භා. 03.46 න් ගෙවේ. සිකුරාදා සිල්

පින්බර උඳුවප් පුන් පොහෝ දින

  • ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිව දඹකොළ පටුනට වැඩමවන ලද්දේ උඳුවප් පුන් පොහෝ දිනකය.
Go to Top