සතර පොහොය දින දර්ශනය – Sathara Pohoya Dina Darshanaya Calendar 20242026-01-08T16:20:55+05:30

සතර පොහොය දින දර්ශනය
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ~ 2568
ව්‍යවහාර වර්ෂ 2024

(පෝය ලබන සහ ගෙවෙන වේලාවන් සහිතයි)

  • පුර අටවක – ජනවාරි 18 බ්‍රහස්පතින්දා
    (ජනවාරි 17 බදාදා අ.භා. 10:07 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08:45 ගෙවේ.)
  • පුර පසළොස්වක – ජනවාරි 25 බ්‍රහස්පතින්දා
    (ජනවාරි 24 බදාදා අ.භා. 09:50 පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11:23 ගෙවේ.)
  • අව අටවක – පෙබරවාරි 02 සිකුරාදා
    (පෙබරවාරි 02 සිකුරාදා අ.භා. 04:02 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05:21 ගෙවේ.)

  • අමාවක – පෙබරවාරි 09 සිකුරාදා
    (පෙබරවාරි 09 සිකුරාදා පූ.භා. 08:02 අමාවක ලබා 10 සෙනසුරාදා පූ.භා. 04:29 ගෙවේ.)

පින්බර දුරුතු පුන් පොහෝ දින

  • ගෞතම බුදුරජුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් මාස අටක් ගතවූ තැන එළැඹි දුරුතු පුන්පොහෝ දින ය.
  • සුමන සමන් දෙව් රජුන්ගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු තැන්පත් කරවමින් මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුවේ ද එම දුරුතු පුන් පොහෝ දා ය. මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ පසු කලෙක සර්වඥ ග්‍රීවා ධාතූන් වහන්සේ ද තැන්පත් කරනු ලැබීය.
  • පුර අටවක – පෙබරවාරි 16 සිකුරාදා
    (පෙබරවාරි 16 සිකුරාදා පූ.භා. 08:55 පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08:16 ගෙවේ.)

  • පසළොස්වක – පෙබරවාරි 23 සිකුරාදා
    (පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03:34 පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06:00 ගෙවේ.)
  • අව අටවක – මාර්තු 03 ඉරිදා
    (මාර්තු 03 ඉරිදා පූ.භා. 08:45 අව අටවක ලබා 04 සඳුදා පූ.භා. 08:49 ගෙවේ.)

  • අමාවක – මාර්තු 10 ඉරිදා
    (මාර්තු 09 සෙනසුරාදා අ.භා. 06:18 අමාවක ලබා 10 ඉරිදා අ.භා. 02:30 ගෙවේ.)

පින්බර නවම් පුන් පොහෝ දින

  • සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.
  • ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනක ය
  • බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහෝ දිනක ය.
  • බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහෝ දිනකදී ය.

බුදුදහමේ කවිය සහ රසාශ්වාදය

ඒ අතර ම බුදු දහම රස වින්දනය ප්‍රතික්ෂේප, කරන්නේ යැයි ද මතයක් පවතී. එසේ නම් ගීතය , කවිය ආදි කලාංග බෞද්ධ දර්ශනය තුළ ප්‍රතික්ෂේපිත ද, හරවත් කලා රසවින්දනයක් උදෙසා කිසියම් ම හෝ මඟපෙන්වීමක් බුදු දහමින් ලබාගත නොහැකි ද යන ගැටලු ධාර්මිකව විසඳා ගැනීමේ අරමුණ ඇතිව...

  • පුර අටවක – මාර්තු 17 ඉරිදා
    (මාර්තු 16 සෙනසුරාදා අ.භා. 09:38 පුර අටවක ලබා 17 ඉරිදා අ.භා. 09:53 ගෙවේ.)

  • පසළොස්වක – මාර්තු 24 ඉරිදා
    (මාර්තු 24 ඉරිදා පූ.භා. 09:55 පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12:30 ගෙවේ.)
  • අව අටවක – අප්‍රේල් 02 අඟහරුවාදා
    (අප්‍රේල් 01 සඳුදා අ.භා. 09:10 අව අටවක ලබා 02 අඟහරුවාදා අ.භා. 08:09 ගෙවේ.)

  • අමාවක – අප්‍රේල් 08 සඳුදා
    (අප්‍රේල් 08 සඳුදා පූ.භා. 03:21 අමාවක ලබා එදින ම අ.භා. 11:50 ගෙවේ.)

පින්බර මැදින් පුන් පොහෝ දින

  • බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහරහතන් වහන්සේලා සමඟින් රජගහ නුවරින් නික්ම කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ කරන ලද්දේ මැදින් පුන් පොහෝ දිනක දී ය.
  • පුර අටවක – අප්‍රේල් 15 සඳුදා
    (අප්‍රේල් 15 සඳුදා අ.භා. 12:12 පුර අටවක ලබා 16 අඟහරුවාදා අ.භා. 01:24 ගෙවේ.)

  • පසළොස්වක – අප්‍රේල් 23 අඟහරුවාදා
    (අප්‍රේල් 23 අඟහරුවාදා පූ.භා. 03:26 පසළොස්වක ලබා 24 බදාදා පූ.භා. 05:18 ගෙවේ.)
  • අව අටවක – මැයි 01 බදාදා
    (මැයි 01 බදාදා පූ.භා. 05:46 අව අටවක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 04:01 ගෙවේ.)

  • අමාවක – මැයි 07 අඟහරුවාදා
    (මැයි 07 අඟහරුවාදා පූ.භා. 11:41 අමාවක ලබා 08 බදාදා පූ.භා. 08:51 ගෙවේ.)

පින්බර බක් පුන් පොහෝ දින

  • බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කරන ලද්දේ සම්බුද්ධත්වයෙන් පස් වෙනි වර්ෂයෙහිදී බක් පුන් පොහෝ දින ය. චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක් අරභයා ඇති වූ ගැටුම සංසිඳවීම පිණිස බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිදුවිය.
  • පුර අටවක – මැයි 15 බදාදා
    (මැයි 15 බදාදා පූ.භා. 04:19 පුර අටවක ලබා 16 බ්‍රහස්පතින්දා පූ.භා. 06:23 ගෙවේ.)

  • පසළොස්වක – මැයි 23 බ්‍රහස්පතින්දා
    (මැයි 22 බදාදා අ.භා. 06:48 පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07:22 ගෙවේ.)
  • අව අටවක – මැයි 30 බ්‍රහස්පතින්දා
    (මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11:44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09:38 ගෙවේ.)

  • අමාවක – ජුනි 06 බ්‍රහස්පතින්දා
    (ජුනි 05 බදාදා අ.භා. 07:55 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06:07 ගෙවේ.)

පින්බර වෙසක් පුන් පොහෝ දින

  • ගෞතම බුදු රජුන්ගේ ලොව පහළවීම, සම්බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන්පෑම යන උතුම් තෙමගුල සිදුවූයේ වෙසක් පුන් පොහෝ දිනයන්හීදී ය.
  • සම්බුද්ධත්වයෙන් වසර අටක් ගත වූ තැන බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලංකාද්වීපයේ කැළණියට වැඩම කොට වදාළේ වෙසක් පුන් පොහෝ දිනකය.
  • බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව ප‍්‍රථම වරට කිඹුල්වත්පුරයට වැඩම කොට යමා මහ පෙළහර පා වදාළේ වෙසක් පුන් පොහෝ දිනකය.
  • ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ද වෙසක් පුන් පොහෝ දිනකය.

ගෞතම බුදු සසුන දිගු කල් පැවතීමට නම්..

භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ ශාසනය වෙනත් හේතු නිසා අතුරුදන් වන්නේ නැති බව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් නිසා මේ ශාසනය අතුරුදන් වන්නේ නෑ. විවිධ පුද්ගලයන් ශාසනය තුළම ඉඳලා ශාසනය අතුරුදන් කරන බව යි, බුදුරදුන් දේශනා කළේ.

  • පුර අටවක – ජුනි 14 සිකුරාදා
    (ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09:33 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00:04 ගෙවේ.)

  • පසළොස්වක – ජුනි 21 සිකුරාදා
    (ජුනි 21 සිකුරාදා පූ.භා. 07:32 පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06:37 ගෙවේ.)
  • අව අටවක – ජුනි 28 සිකුරාදා
    (ජුනි 28 සිකුරාදා අ.භා. 04:27 අව අටවක ලබා 29 සෙනසුරාදා අ.භා. 02:20 ගෙවේ.)

  • අමාවක – ජූලි 05 සිකුරාදා
    (ජූලි 05 සිකුරාදා පූ.භා. 04:58 අමාවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 04:27 ගෙවේ.)

පින්බර පොසොන් පුන් පොහෝ දින

  • අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ ධර්ම දායාදය රැගෙන ලක්දිවට වැඩම කොට වදාළේ පොසොන් පුන් පොහෝ දිනකය.

සසර පින පතළ කළ අසම සම රූ මහිම.

බුදුරජාණන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ හිමිවන්නට හේතුවූයේ සම්බුද්ධත්වයට පත්වීමට ප්‍රථම මනුෂ්‍ය ලෝකයේදී පෙර ගත කළ බොහෝ ජීවිතයන්හිදී සිදු කළ කායික, වාචික මානසික පුණ්‍ය කර්මයන්ගේ බල මහිමය යි. මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ මනුලොවින් චුත වී බොහෝ කාලයක් සැප ඇති සුගතියේ ඉපදීමයි.

  • පුර අටවක – ජූලි 13 සෙනසුරාදා
    (ජූලි 13 සෙනසුරාදා අ.භා. 03:05 පුර අටවක ලබා 14 ඉරිදා අ.භා. 05:26 ගෙවේ.)

  • පසළොස්වක – ජූලි 20 සෙනසුරාදා
    (ජූලි 20 සෙනසුරාදා අ.භා. 05:59 පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03:47 ගෙවේ.)
  • අව අටවක – ජූලි 28 ඉරිදා
    (ජූලි 27 සෙනසුරාදා අ.භා. 09:19 අව අටවක ලබා 28 ඉරිදා අ.භා. 07:27 ගෙවේ.)

  • අමාවක – අගෝස්තු 03 සෙනසුරාදා
    (අගෝස්තු 03 සෙනසුරාදා අ.භා. 03:50 අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04:42 ගෙවේ.)

පින්බර ඇසළ පුන් පොහෝ දින

  • අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා බිසවුන් කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනක ය.
  • සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දස දහසක් ලෝකධාතූන් කම්පා කරවමින් ප‍්‍රථම දම් දෙසුම පවත්වා වදාළේ ඇසළ පුන් පොහෝ දිනකය.
  • ගිහිගෙය පිළිබඳව කළකිරුන සිද්ධාර්ථ කුමරුන් විමුක්තිය පතා මහභිනික්මන් කළේ ඇසළ පුන් පොහෝ දිනකය.
  • රාහුල කුමරුන්ගේ උපත ද ඇසළ පුන් පොහෝ දිනක සිදුවිය.
  • බුදුරජුන් ඇතුළු පස්වග මහණුන්ගේ ප‍්‍රථම වස් සමාදානය සිදු වූයේ ඇසළ පුන් පොහෝ දිනක වන අතර භික්ෂූන් වහන්සේලාගේ පෙරවස් සමාදන් වීම යෙදී ඇත්තේ ද පින්බර ඇසළ පුන් පොහෝ දිනටය.

මිහිඳු මාහිමිගෙන් යොවුන් දූ පුතුන්ට..

පළමුවෙන් ඔබේ සුන්දර දිවයිනට මා පැමිණෙද්දී මෙහි එන්නට අහස්‌ යානා හෝ මොටෝ රිය හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබැවින්ම අපට ඇවැසි වූයේත් නෑ. සමණමුළුවෙක්‌ වශයෙනුයි අප පැමිණියේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහ සෑ මළුවෙන් අහසට නැඟුණු අපි අම්බස්‌ථල සෑ අසල ඇති ගල් කුලට පැමිණිවිට...

  • පුර අටවක – අගෝස්තු 12 සඳුදා
    (අගෝස්තු 12 සඳුදා පූ.භා. 07:55 පුර අටවක ලබා 13 අඟහරුවාදා පූ.භා. 09:31 ගෙවේ.)

  • පසළොස්වක – අගෝස්තු 19 සඳුදා
    (අගෝස්තු 19 සඳුදා පූ.භා. 03:05 පසළොස්වක ලබා එදින අ.භා. 11:55 ගෙවේ.)
  • අව අටවක – අගෝස්තු 26 සඳුදා
    (අගෝස්තු 26 සඳුදා පූ.භා. 03:39 අව අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02:20 ගෙවේ.)

  • අමාවක – සැප්තැම්බර් 02 සඳුදා
    (සැප්තැම්බර් 02 සඳුදා පූ.භා. 05:22 අමාවක ලබා 03 අඟහරුවාදා පූ.භා. 07:25 ගෙවේ.)

පින්බර නිකිණි පුන් පොහෝ දින

  • ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ආරම්භ කරන ලද්දේ නිකිණි පුන් පොහෝ දිනකය.
  • ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් අරහත්වයට පත්වී වදාළේ නිකිණි පුන් පොහෝ දිනකය.
  • උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ පසුවස් සමාදන්වීම සිදුවන්නේ නිකිණි පුන් පොහෝ දිනයේය.

ඔබ භාවනාවට බිය ද?

භාවනා’ යන්නෙහි අරුත ‘වැඩීම’ යන්න යි. නැතහොත් යම්කිසි දෙයක් ගොඩනැඟීම. දැන් ආනාපාන සතියෙන් කරන්නේ සිහිය ගොඩනැගීම, වීරිය සහ නුවණ ගොඩනැගීම ආදිය. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ, මෙත් සිත ගොඩ නැගීම. අසුභ භාවනාවෙන් කෙරෙන්නේ, විරාගය ගොඩනැගීම. යථාභූත ඥානය ගොඩ නංවන්න පුළුවන්...

  • පුර අටවක – සැප්තැම්බර් 11 බදාදා
    (සැප්තැම්බර් 10 අඟහරුවාදා අ.භා. 11:12 පුර අටවක ලබා 11 බදාදා අ.භා. 11:46 ගෙවේ.)

  • පසළොස්වක – සැප්තැම්බර් 17 අඟහරුවාදා
    (සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11:44 පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08:04 ගෙවේ.)
  • අව අටවක – සැප්තැම්බර් 24 අඟහරුවාදා
    (සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12:39 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12:11 ගෙවේ.)

  • අමාවක – ඔක්තෝබර් 02 බදාදා
    (ඔක්තෝබර් 01 අඟහරුවාදා අ.භා. 09:39 අමාවක ලබා 03 බ්‍රහස්පතින්දා පූ.භා. 00:09 ගෙවේ.)

පින්බර බිනර පුන් පොහෝ දින

  • ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක වූ භික්‍ෂූනී සංඝයාගේ ආරම්භය සිදුවූයේ බිනර පුන්පොහෝ දිනකය.

ඔබ ස්වාධීන වීමට කැමති ද?

වත්මන් සමාජයේ දරුවන් ඉතා අඩු වයසින් ම ස්වාධීන වීමට ගන්නා උත්සාහයක් අද වන විට දක්නට ලැබෙනවා. මීට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. බටහිර රටවල දරුවන් ඉතා අඩු වයසින් ම සිය ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට පෙළඹී සිටින බව පෙනෙන්නට තිබෙනවා.

  • පුර අටවක (ශ්‍රී මිහිඳු පුර අටවක) – ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා
    (ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා අ.භා. 12:32 පුර අටවක ලබා 11 සිකුරාදා අ.භා. 12:07 ගෙවේ.)

  • පසළොස්වක – ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා
    (ඔක්තෝබර් 16 බදාදා අ.භා. 08:40 පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04:56 ගෙවේ.)
  • අව අටවක – ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා
    (ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා පූ.භා. 01:09 අව අටවක ලබා 25 සිකුරාදා පූ.භා. 01:58 ගෙවේ.)

  • අමාවක – ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා
    (ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා අ.භා. 03:53 අමාවක ලබා 01 සිකුරාදා අ.භා. 06:06 ගෙවේ.)

පින්බර වප් පුන් පොහෝ දින

  • බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩමකොට මහා පෙලහර පෑවේ වප් පුන් පොහෝ දිනකය.
  • සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාවන්ත භික්‍ෂූන් අතර අගතනතුර ලැබුවේ වප් පුන් පොහෝ දිනකය.
  • ස්වාමීන් වහන්සේලාගේ පෙරවස් පවාරන දිනය වන්නේ වප් පුන් පොහෝ දිනයයි.

සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි.

අනුන්ගේ වෛරයෙන් ලැබෙන බැටකෑමට, බුදුරදුන්ට පවා සිදුවිය. එයයි සසරේ හැටි. නමුත් වෛරය ඉස්මතුවීමට ඉඩ නොදී එයින් බේරෙන්නට හැකිනම් එය කෙනකුට මහත් සැපතක් ලබා දෙයි. වෛරයට ඉඩ නොතබා ඉවසීමෙන්, සිත දියුණු කර එයින් ගැලවී සිටීමට, බුදුරදුන්ගේ උපදෙස් අපට මහත් ලෙස උපකාර වෙයි.

පින්බර වප් පුර අටවක (මිහිඳු පුර අටවක) පොහෝ දින

  • අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළේ වප් මස පුර අටවක පොහෝ දිනයක දී ය. එබැවින් ඒ පුර අටවක දා ‘ශ්‍රී මිහිඳු පුර අටවක’යි සම්මත වුනා.
  • පුර අටවක – නොවැම්බර් 09 සෙනසුරාදා
    (නොවැම්බර් 08 සිකුරාදා අ.භා. 11:56 පුර අටවක ලබා 09 සෙනසුරාදා අ.භා. 10:45 ගෙවේ.)

  • පසළොස්වක – නොවැම්බර් 15 සිකුරාදා
    (නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06:19 පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 02:58 ගෙවේ.)
  • අව අටවක – නොවැම්බර් 23 සෙනසුරාදා
    (නොවැම්බර් 22 සිකුරාදා අ.භා. 06:08 අව අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 07:57 ගෙවේ.)

  • අමාවක – නොවැම්බර් 30 සෙනසුරාදා
    (නොවැම්බර් 30 සෙනසුරාදා පූ.භා. 10:30 අමාවක ලබා 01 ඉරිදා පූ.භා. 11:51 ගෙවේ.)

පින්බර ඉල් පුන් පොහෝ දින

  • ප‍්‍රථම ධර්ම දූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප‍්‍රචාරය සඳහා වැඩමකොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.
  • සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ඉල් පුන් පොහෝ දිනකය
  • තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩම කොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.
  • ස්වාමීන් වහන්සේලාගේ පසුවස් පවාරන දිනය වන්නේ ඉල් පුන් පොහෝ දිනයයි.
  • පුර අටවක – දෙසැම්බර් 08 ඉරිදා
    (දෙසැම්බර් 08 ඉරිදා පූ.භා. 09:44 පුර අටවක ලබා 09 සඳුදා පූ.භා. 08:03 ගෙවේ.)

  • පසළොස්වක – දෙසැම්බර් 14 සෙනසුරාදා
    (දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 04:58 පසළොස්වක ලබා 15 ඉරිදා අ.භා. 02:31 ගෙවේ.)
  • අව අටවක – දෙසැම්බර් 22 ඉරිදා
    (දෙසැම්බර් 22 ඉරිදා අ.භා. 02:32 අව අටවක ලබා 23 සඳුදා අ.භා. 05:08 ගෙවේ.)

  • අමාවක – දෙසැම්බර් 30 සඳුදා
    (දෙසැම්බර් 30 සඳුදා පූ.භා. 04:01 අමාවක ලබා 31 අඟහරුවාදා පූ.භා. 03:56 ගෙවේ.)

පින්බර උඳුවප් පුන් පොහෝ දින

  • ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිව දඹකොළ පටුනට වැඩමවන ලද්දේ උඳුවප් පුන් පොහෝ දිනකය.
Go to Top