මෛත්‍රී සිත් ඇති පසේ බුදුවරු

2021-01-10T10:24:09+05:30October 30th, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

සසර පුරා අනේක ආත්මභාවයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අප දැනගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. ඒ මෙසේය. දිනක් අනඳ මහතෙරුන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කියා දෙන ලෙසයි. එවිට බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන්ට ගාථා වශයෙන් ‘ඛග්ගවිසාණ’ සූත‍්‍රය වදාළ සේක. එම ගාථාවලින් කියවෙන්නේ ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගථාවන්ය. මෙම ගාථා සඳහන් වන්නේ සුත්ත නිපාතයෙහිය. මෙයද සම්බුදු මහිමයේ අසිරියෙකි.