බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (6 කොටස)

2020-03-01T13:17:08+05:30January 9th, 2019|ජම්බුද්වීපය|

කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල මල්ල රාජ්‍යයේ කුසිනාරා හා පාවා යන දෙරට විසූ මල්ලයෝ ස්වතන්ත්‍ර පාලනයක් ගෙන ගියහ. චීන දේශාටකයින්ගේ වාර්තා අනුව මල්ල රාජධානිය පිහිටියේ ශාක්‍ය රාජධානියට නැගෙනහිරින් වජ්ජි රාජ්‍යයට උතුරින් හිමාල කඳු පාමුල ය. ඈත අතීතයේ මෙම රාජ්‍යය කුසාවතී නමින් හැඳින්විණි.