භාතිකාභය අපේ රජතුමා(අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 3)

2021-05-31T10:30:41+05:30May 22nd, 2016|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

ඒ වගේම දරුවනේ.... භාතිය රජ්ජුරුවෝ බණ අහන්ටත් ආසයි. එදා පෝය දවසක්. ඉතින් මේ රජ්ජුරුවන්ට බණක් අහන්ට ආසා හිතුනා. ලෝවාමහා ප්‍රාසාදයේ තිබුණු අලංකාර ලී කැටයම් දැමූ බණ මඩුව ලස්සනට සැරසුවා. ධර්මාසනයත් සැරසුවා. ඒ කාලේ බණට ඉතා ප්‍රසිද්ධව හිටපු ධර්ම කීර්ති පණ්ඩිත කියන උපාසකතුමාට ආරාධනා කළා. “පණ්ඩිතයෙනි, මං අද තුණුරුවන්ගේ ගුණ කියවෙන ජයමංගල ගාථාවකින් බණක් අහන්ට සතුටුයි” කිව්වා. ධර්ම කීර්ති පණ්ඩිතයෝ වටාපතත් අතට ගෙන බණ පුටුවට ගොඩවුනා. රජ්ජුරුවන්නේ මුහුණ බැලුවා. ‘මං අද අපේ දේවයන් වහන්සේගේ සිත සතුටු වන අයුරින් බණ ටිකක් කියන්ට ඕනෑ’ කියලා ධම්ම පදයේ බ්‍රාහ්මණ වර්ගයට අයත් මේන්න මේ ගාථාව මාතෘකා කළා