අහෝ අසිරිමත්ය අපගේ භාග්‍යවතුන් වහන්සේ(අපේ ආච්චිගේ බණ කථාව – 11)

2020-12-08T09:49:35+05:30July 29th, 2017|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

බුද්ධ රශ්මි මාලාවෙන් බබළන පුන් සඳ මඬල වන් මුව මඬල ඇති අප භාග්‍යවතුන් වහන්සේ ඉතා පියකරු ලීලාවෙන් පියුමක් මත වැඩහිඳිනා ආකාරය ඒ පුවරුකඬේ දිස්වෙලා තිබුනා නොවැ. ඒ විතරක් යැ! ශිව දෙවියෝ අප භාග්‍යවතුන් වහන්සේට දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කොරගෙන සිටින හැටිත් දිස්වුනා.