මහමෙව්නාව සුව සේවා සංවිධානය

හමෙව්නාව භාවනා අසපු සංචිතය මගින් ක‍්‍රියාත්මක වන නොයෙක් ආකාර වූ සත්කාරයන් අතර මහමෙව්නාව සුව සේවා සංවිධානය සුවිශේෂී වූවක්. විශේෂයෙන්ම පින්වත් ස්වාමීන් වහන්සේලා මූලික කරගෙන එමෙන්ම අසරණ වූ රෝගීන්ට සෙත සැළසීමේ අරමුණින් ආරම්භ වූ සුවසේවා සංවිධානය මගින් මේ වන විට බොහෝ පින්කම් සිදුකොට තිබෙනවා.

‘‘යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම්, ඔහු තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නේ වේ’’

මෙම උතුම් බුද්ධානුශාසනාව ආදර්ශ පාඨය ලෙස තබාගෙන කටයුතු කරන සුවසේවා සංවිධානයේ ඒකායන අරමුණ තථාගතයන් වහන්සේට කරන පූජාවක් ලෙසින් ගිලනුන්ට කරුණාව, මෛත‍්‍රිය පෙරදැරිව සුව සේවාවක් ලබාදීමයි.

මහමෙව්නාව කුණ්ඩසාලේ භාවනා අසපුව කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යනු ලබන මෙම උතුම් සත්කාරයේ සුවිශේෂීම අංගය වන අභිනවයෙන් ඉදිවෙන ‘සුව සේවා රෝහල් පරිශ‍්‍රය සඳහා 2011-09-12 වන දින කුණ්ඩසාලේ භාවනා අසපුව පරිශ‍්‍රයේදී මුල්ගල් තැබුවා. ඒ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන්.

මීට අමතරව රෝහල් ප‍්‍රතිසංස්කරණ කටයුතු, ලේ දන්දීමේ පින්කම්, ගිලන් සේවා සැපයීම් ආදී නොයෙක් ආකාර වූ පින්කම් සුව සේවා සංවිධානය මගින් සිදුකොට තිබෙනවා.

මෙහෙයුම්:-

  • මහමෙව්නාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා ගිලන් වන අවස්ථාවල දී විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම.
  • යම් බෞද්ධ පින්කමකට සහභාගී වන සාමාන්‍ය පින්වතුන්ට විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම. (ප‍්‍රථමාධාර)
  • අවශ්‍ය ස්ථාන තෝරා ගෙන අත්‍යාවශ්‍ය අවස්ථාවල දී ප‍්‍රථමාධාර ලබාදීම සහ සායන පැවැත්වීම.
  • අවශ්‍යතාවයක් ඇති හඳුනාගත් ගිලනුන්ට නොමිලේ වෛද්‍ය උපදෙස් ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීම.
  • ගිලන් උපස්ථානය සහ අවශ්‍ය අවස්ථාවල දී ගිලන්රථ ලබාදීම.
  • අවස්ථාව අනුව සහන සේවා පදනමක් යටතේ (01 වන උපලේඛනයේ සඳහන් අවස්ථා වල දී) ගිලන් උපස්ථානය සහ ගිලන් රථ ලබාදීම.
  • ප‍්‍රථමාධාර කඳවුරු පුහුණු කිරීම්, සෞඛ්‍ය අධ්‍යාපන පුහුණුව, පුහුණු කඳවුරු පැවැත් වීම, විනය පුහුණුව.
  • නව අවශ්‍යතාවයන් අනුව උපදේශක මණ්ඩලයේ එකඟතාවය මත මෙහෙයුම් පුළුල් කිරීම.

‘මහමෙව්නාව සුව සේවා‘ සමාජ සත්කාරය හා සම්බන්ධ වීමට කැමති ඔබට කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුව සමග සම්බන්ධ වී වැඩි විස්තර ලබා ගත හැකිය.

මහමෙව්නාව භාවනා අසපුව, කුණ්ඩසාලේ.
දුරකතන – 081 4950182, 081 2423488
mahamevnawasuwasewa@gmail.com