සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය පුණ්‍යෝත්සවය නිමිත්තෙන් පැවති දේශයේ අලුත් සහල් අස්වැන්න බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ බක් පුර අටවක පෝ දින හෙවත්, ව්‍යවහාරික වර්ෂ 2015 මාර්තු මස 27 වැනි දින දී දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සම්පූර්ණ විය. ඉන් පසු එළැඹි බක් මස පුර නවවක දින හෙවත් මාර්තු මස 28 වැනි දින අලුයම් කාලයේ දී, අලුත් සහලින් පිසින ලද ක්ෂීරපායාස දානය රන්වන් රිදීවන් සහ තඹවන් පාත්‍රා සිය ගණනකින් යුතු පෙරහැරකින් සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවට පූජා කරමින්, බුදුරජාණන් වහන්සේලාටත්, බෝධි රාජයාණන් වහන්සේලාටත් උතුම් රහතන් වහන්සේලාටත් පූජා කරන ලදී. උතුම් වූ සම්බුද්ධ පූජාවෙන් පසු සම්බුද්ධරාජ මාළිගා පරිශ්‍රය තුළ අභිනවයෙන් ඉදි වූ දාන ශාලාවේ දී සිය නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත කිරි ආහාර දානයක් පැවැත්විණ. ඉන් පසු පන් දහසකට අධික පිරිසක් උදෙසා කැවුම් කිරිබත් කෙසෙල් ගෙඩි සහිත කිරි ආහාර දානයක් උපාසක දානය වශයෙන් පූජා කොට දෙව් මිනිස් ලෝකයා හට සෙත් පතා පිරිත් සජ්ඣායනා කොට මෛත්‍රී භාවනාව වැඩීමත්, සෙත් ගාථා සජ්ඣායනාවත් සමඟින් ඒ උතුම් අලුත් සහල් මංගල්‍යය පුණ්‍ය වර්ෂා වස්වමින් සම්පූර්ණ විය.
අපගේ ගුරුදේවයන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපු වාසී මහා සංඝරත්නයටත්, සිව්පසයෙන් ඇප උපස්ථාන කරන සැදැහැවත් උවසු උවැසියන්ටත් මේ උතුම් පුණ්‍යකර්මය දැකබලා සතුටු වූ සියලු දෙනාටත්, අලුත් සහල් පූජා කළ සියලු දෙනාටත්, පුණ්‍යකර්මය සාර්ථක කරගැනීමට උපකාර කළ සියලු දෙනාටත්, ලංකා වාසී ලෝක වාසී සැදැහැවත් පින්වත් සෑම සියලු දෙනාට ම මේ පින් අනුමෝදන් වෙත්වා…! සෑම සියලු දෙනාගේ ම ධාර්මික ආජීවයන් සතුරු උවදුරු වලින්, සතා සීපාවුන්ගෙන්, නියඟයෙන්, ගංවතුරෙන්, ගින්නෙන්, සුළඟෙන්, විනාශ නො වී තෙරුවන් ගේ අනන්ත ආශීර්වාදයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් බොහෝ කල් සුරක්ෂිත වෙත්වා…!! නිසි කළ වැසි ලැබී, සාරවත් අස්වනු නෙළා බතින් බුලතින් සරු වී, කිරියෙන් පැණියෙන් ඉතිරීගොස් බොහෝ භෝග සම්පත් ලබා, ඒ සම්පතින් තව තවත් දන් පැන් පුදා පින් දහම් රැස් කොට සුගති සම්පත් නිවන් සම්පත් සාක්ෂාත් කරගැනීම පිණිස හේතු වාසනා වෙත්වා…!!!
සාදු! සාදු!! සාදු!!!
අප මාතෘ භූමියටත් සකල ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සෞභාග්‍යයෙන් පිරි හෙට දිනකට තුණුරුවනේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් නෙලන ලද අ…
Posted by Siri Gauthama SambuddhaRaja Maligawa on Saturday, March 28, 2015
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ මැදින් මස 28 වැනි දින, අප මාතෘ භූමියටත් සකල ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සෞභාග්‍යයෙන් පිරි හෙට දි…
Posted by Siri Gauthama SambuddhaRaja Maligawa on Saturday, March 28, 2015
අද හිමිදිරි උදෑසන මංගල සහල් පාත්‍ර පූජාවත් සමඟ සැදැහැවතුනට විවෘත වූ අලුත් සහල් මණ්ඩපයට ලක් දිවේ නන් දෙසින් පැමිණි සැදැහැ…
Posted by Siri Gauthama SambuddhaRaja Maligawa on Friday, March 27, 2015