2011 ජනවාරි මස සොබාදහමේ රුදුරු සරදමට ලක් වූ අපේ මව්පියන්ට, සොයුරු-සොයුරියන්ට, දූ-දරුවන්ට සුවය සළසනු පිණිස මහමෙව්නාව භාවනා අසපුවෙන් සිදුකළ සමාජ සත්කාරයක, වාර්තා සටහන.

නමෝ බුද්ධාය !

බොහෝම පින්…! බොහෝමත්ම පින්…!

සැදැහැවත් පින්වත්නි,

මහමෙව්නාව භාවනා අසපුව කෙරෙහි විශ්වාසය තැබූ ඔබ ඉතාමත් කරුණාවෙන් අපගේම මිනිස් වර්ගයා අසරණ වූ මොහොතක කිසිදු වාද භේදයක් නොසලකා හුදෙක් මානව දයාවෙන් උපකාර කිරීමට අප අසපුව හා එක් වූ ඔබට බොහෝම පින්. බොහෝමත්ම පින්.

ඔබේ ආධාරය නිසාවෙන් ඔවුන් හට කිසියම් ශක්තියක් ලබාදෙන්නට අපට හැකිවිය. ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ මහමෙව්නා අසපුවාසී අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, වෙහෙස මහන්සි වූ යොවුන් දූ දරුවන්ටත්, වැඩිහිටි පින්වතුන්ටත්, මිල මුදලින් මෙන්ම ද්‍රව්‍ය වලින් ද ආධාර කළ පින්වතුන්ටත්, මෙයට නන් අයුරින් උපකාර කළ සැමටත් බොහොම පින්. බොහෝමත්ම පින්. අප සියලූ දෙනාටම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ මග වඩන්නට මේ පිනත් උපකාර වේවා!

ඉදිරියේදී මහා කරුණා පදනමේ දැනට බැංකුවෙහි ඉතිරි වී ඇති අරමුදලින් කරනු ලබන ඉතිරි පිංකම් ද මේ අයුරින් දැනුම් දෙනු ලැබේ.

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.
2011.03.12

It appears your Web browser is not configured to display PDF files. No worries, just click here to download the PDF file.