05 බාල වර්ගය

5-16. වනවාසික තිස්ස තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T13:32:41+05:30October 21st, 2016|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

නෑදෑයන්ගෙන් වෙන් වෙලා, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් වෙන් වෙලා, ක්‍රම ක්‍රමයෙන් ඈතටම ගියා. අන්තිමේදී පොඩි නම සැවැත් නුවර සිට යොදුන් දෙසීයක් දුර වනාන්තරයකයි නැවතුණේ. එතකොට පොඩිනමට තවත් නමක් පට බැඳුණා. ඒ තමයි ‘වනවාසික තිස්ස’ යන නම. දායක පිරිස් පොඩිනමට හරි ආදරෙයි. හැබැයි කවුරු වැන්දත්, කවුරු උපස්ථාන කළත්, පොඩිනම සෙත් පතන්නේ වචන දෙකකින්. ‘සුවපත් වේවා! දුකින් මිදේවා!’ කියල විතරයි.

5-14,15. සුධම්ම තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T13:32:16+05:30October 1st, 2016|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇතැම් භික්ෂූන් වහන්සේලා ඉන්නවා තමන් ගැන පහදිනවාට විතරයි කැමති. තමන්ගේ දායකයින් තමන්ට සළකනවාට විතරයි කැමැති. වෙනත් භික්ෂූන් වහන්සේලාට සළකනවාට කැමැති නෑ. ඊර්ෂ්‍යයයි. එතකොට දායකයින්ට බනිනවා. බුද්ධ කාලයේත් එවැනි පිරිහුණු භික්ෂූන් හිටියා. එබඳු භික්ෂුවක් ගැනයි මේ කථාවෙන් සඳහන් වෙන්නේ.

Comments Off on 5-14,15. සුධම්ම තෙරුන්ගේ කථා වස්තුව

5-13. ඇට සැකිලි ප්‍රේතයාගේ කථා වස්තුව

2020-03-18T13:31:53+05:30September 3rd, 2016|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ගිනියම් වුණු යකඩ කුළුගෙඩි හැටදහසක් ඔහුගේ ඔළුවට එකවරටම වේගයෙන් වදිනවා. එතකොට ඔළුව පැලෙනවා. ප්‍රේතයා යටිගිරියෙන් කෑ ගහනවා. ආයෙ ටික වෙලාවකින් නැවත හාවෙනවා. ආයෙමත් ගිනිගෙන දැවෙන යකඩ කුළුගෙඩිවලින් ඔලුවට වදිනවා. ආයෙමත් හාවෙනවා.

5-12. සර්ප පේ‍්‍රතයාගේ කථා වස්තුව

2020-03-18T13:31:31+05:30August 10th, 2016|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඔහුගේ මුහුණ මිනිහෙකුගේ වගේ. ඔහුගේ ශරීරය යොදුන් විසි පහක් විතර දිග ඇති. සර්පයෙකුගේ ඇඟක් තමයි තියෙන්නේ. ඔහුගේ ඔළුවෙන් ගිනිදැල් මතුවෙනවා. නගුට දක්වා පිච්චි පිච්චී යනවා. නගුටෙන් ගිනිදැල් මතුවෙනවා. ඔළුව දක්වා පිච්චෙනවා. ඇඟ වටේටත් ගිනිදැල් එතෙනවා. එතකොට එ් සර්ප පේ‍්‍රතයා එහාට මෙහාට ඇඹරෙනවා.

Comments Off on 5-12. සර්ප පේ‍්‍රතයාගේ කථා වස්තුව

5-11. ජම්බුක තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T13:31:12+05:30July 7th, 2016|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වත් ජම්බුක, ඔබ අවුරුදු පනස් පහක් තිස්සේ ජීවත් වුණේ ආහාරයක් නැතුව කියල නේද මිනිස්සු හිතාගෙන ඉන්නෙ? ඔබ මිනිස්සුන්ට කියන්නෙත් ඔහොම නේද? පින්වත් ජම්බුක, ඔබ ඔය අසූචි කන්න පටන්ගත්තේ ඔබේම වරදක් නිසයි. ඒ වරද ඔබ කළේ අද ඊයෙ නොවෙයි.

5-10. උප්පලවණ්ණා තෙරණියගේ කථා වස්තුව

2020-03-18T13:30:24+05:30March 10th, 2016|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට […]

5-9. සුමන මල් වෙළෙන්දාගේ කථා වස්තුව

2020-10-01T21:56:37+05:30January 21st, 2016|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

නෑ... නෑ... මට ඒ එකක් වත් වැඩක් නෑ. රජ්ජුරුවෝ මාව හිරේ දානවා නම් දමාපුවාවේ. රටින් නෙරපනවා නම් නෙරපුවාවෙ. හිස ගසා දමනවා නම් දමාපුවාවෙ. මට ඒ එකක් වත් වැඩක් නෑ. මං මේ මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා කරනවාමයි. ඒ විතරක් නෙවෙයි මං මගේ ජීවිතයත් පූජා කරනවා.”

5-8. එක්තරා ගොවියෙකුගේ කථා වස්තුව

2020-03-18T13:27:11+05:30January 2nd, 2016|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

රාජපුරුෂයන් අර ගොවියාගේ දෑත් පිටුපසට කොට බැන්දා. කසෙන් තල තලා ඇදගෙන ගියා. රජ්ජුරුවන්ට අර ගොවියාව පෙන්නුවා. රාජ පුරුෂයෝ දැනුම් දුන්නේ හොරාව අල්ලගත්තා කියලයි. හොරාට දඬුවම් නියම වුණා. කසයෙන් තල තල හිස ගසන තැනට අරගෙන ගියා. පාර දෙපැත්තේ සෙනඟ හොරා බලන්න රැස්වුණා. එතකොට මේ අහිංසක ගොවියාට කරකියාගන්න දෙයක් නෑ.

5-7. සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ කථා වස්තුව

2020-03-18T13:26:56+05:30December 23rd, 2015|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“හා... හා.... එතකොට නුඹද ශක‍්‍රයා. අනේ අවාසනාවන්ත ශක‍්‍රයෝ.... නුඹට ලැජ්ජා නැද්ද? මං වගේ කෙනෙක් සමඟ ඔය විදිහේ ගණුදෙනුවක් කතා කරන්න. නුඹ හිතාන ඉන්නේ මගෙ අතේ තඹ දොයිතුවක් නැතිවුණු පළියට මං දිළින්දෙක් කියලද? එ්යි ශක‍්‍රයා නුඹ දන්නෙ නෑ මට තියෙනවා එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. එ් වගේම මට තියෙනවා එ් අමා නිවන ලබා දෙන ශ‍්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. එ් වගේම මට තියෙනවා ආර්ය ශ‍්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. "

Comments Off on 5-7. සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ කථා වස්තුව

5-6. තිහක් පමණ භික්ෂූන් ගේ කථා වස්තුව

2020-03-18T13:26:30+05:30December 16th, 2015|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ,

නුවණ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ප‍්‍රඥාවන්ත කෙනෙක් වෙන්න මොනතරම් […]

Comments Off on 5-6. තිහක් පමණ භික්ෂූන් ගේ කථා වස්තුව
Go to Top