010. සුඛවිහාරී ජාතකය
“භවත් තාපසවරුනි,.... මං අපගේ ආචාර්යපාදයන් බැහැදැක ඔබේ නමිනුත් වන්දනා කරගෙන එන්නම්. ඔබලාත් මේ තාපස ජීවිතේ ගැන කලකිරෙන්නේ නැතිව ඉවසීමෙන් ගුණදහම් වඩමින් ඉන්න. මං ගිහින් ආචාර්යපාදයන් වන්දනා කරගෙන එන්නම්”
“භවත් තාපසවරුනි,.... මං අපගේ ආචාර්යපාදයන් බැහැදැක ඔබේ නමිනුත් වන්දනා කරගෙන එන්නම්. ඔබලාත් මේ තාපස ජීවිතේ ගැන කලකිරෙන්නේ නැතිව ඉවසීමෙන් ගුණදහම් වඩමින් ඉන්න. මං ගිහින් ආචාර්යපාදයන් වන්දනා කරගෙන එන්නම්”
පින්වතුනේ, පින්වත් දරුවනේ, සංසාරය ගැන නොදත් බොහෝ දෙනෙක් අපගේ භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරදා ගිය ආකාරය ගැන නොසතුටු වෙනවා. රාහුල කුමාරයා තනි වුනාලු. අප්පච්චියෙක් නැති වුනාලු. රාහුලමාතාවටත් මහා අසාධාරණයක් වුනාලු. කාම මඩ ගොහොරුවේ නාසයටත් ඉහළින් ගිලී සිටින සාමාන්‍ය ලෝකයාට මේ වගේ දෙයක් ගැන සිහිනෙකින්වත් සිතාගන්නට බැහැ.
අපට වුනත් යහපත් දෙයක් කරන්න ගියවිට මොනතරම් අපහසුතා දුෂ්කරතා වෙනවාද. අපිත් ඒ වෙලාවට සිත කලබල නොකරගෙන ඉන්ට ඕනා. සිත නරක් නොකරගෙන ඉන්ට ඕනා. ඉවසීමෙන් ඉන්ට ඕනා. එතකොට නැවත අපට ඒ යහපත් දේ කරගන්න අවස්ථාව ලැබේවි. ධර්මයේ හැසිරීම එහෙම දෙයක් නේද.
මේ කථාවත් ගොඩාක් වටිනවා. හරි පුදුම විස්තර තියෙන්නේ. මිනිසුන් ගේ යහපත වෙනුවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ කටයුතු කොට වදාළ ආකාරය තේරුම් ගන්ට මේ කතාවත් උදව් වෙනවා. සමහර විට ඔබ අහලා ඇති වාසභඛත්තියා ගැන. මේ ජාතක කතාව දේශනා කරන්ට හේතු වුනේ ඈ නිසයි.
ඉතින් බෝධිසත්වයෝ තම සොයුරන් දෙදෙනාත්, දියරකුසාත් රැගෙන බරණැසට ගියා. ඇමැතිවරු බෝධිසත්වයන්ට රාජ්‍යය පැවරුවා. බෝසත් රජු චන්ද කුමාරයාට යුවරජකමත්, සූරිය කුමාරයාට සේනාපතිකමත් පැවරුවා. රාජ උද්‍යානේ රමණීය පොකුණක් අසල යකාට දෙවොලක් හදලා දුන්නා. අග‍්‍ර මල්මාලා වලින්, අග‍්‍ර පුෂ්පවලින්, අග‍්‍ර භෝජනයෙන් උපස්ථාන ලැබෙන්න සැලැස්සුවා.
අපට ඇති සසර පුරුදු ගැන බලද්දි පුදුම හිතෙනවා. බොහෝ දෙනෙක් කලින් ආත්මවල කරපු දේවල් මේ ආත්මෙත් කරනවා. ඉස්සර කළ මෝඩකම් ආයෙමත් කරනවා. ඉස්සර නුවණින් වැඩ කළ අය මේ ආත්මෙත් නුවණින් වැඩ කරනවා. දැන් අපි ඉගෙන ගන්නේ කලින් ආත්මේ කළ මෝඩකම් ආයෙමත් කළ භික්ෂුවකගේ කතාවකුයි.
පින්වතුනේ, පින්වත් දරුවනේ, ගොඩාක් අය බාහිර අයගේ දියුණුව බල බලා හූල්ලමින් ඉන්නවා. පොඩි වෙළඳාමක්වත් කරන්න ලැජ්ජයි. මහා ඉහළින් පටන් ගන්ට සිතාගෙන ඉන්නවා. සිහින මාලිගා සිතින් හද හදා ඉන්නවා. අනුන්ට ඊර්ෂ්‍යා කර කර ඉන්නවා. නැකැත් නිමිති බල බල, දිසා බල බල ඉන්නවා. උත්සාහය නුවණ තියෙන කෙනා ඉතා සුළුවෙන් පටන් ගෙන දියුණු වෙලා යනවා. මේවා අපට හොඳ පාඩම්.
මේ සේරිවාණිජගේ කතාවෙන් කියැවෙන්නේ ගුණධර්ම නැතිව ආත්මලාභය මුල් කොට වැඩ කරන්න එපා කියලයි. ගුණධර්ම වලින් යුක්තව වැඩ කටයුතු කොට දියුණුව ලබන්න කියලයි. එය තමයි මේ ජාතක කථාවේ සැබෑ අරුත.
එතකොට ඔහු ඒ වචනය පිළිගත්තා. අනිත් හැමෝම වීරිය අත්හැරලා පැත්ත වැටිලා සිටිද්දි මොහු තනියම වලට බැස්සා. වීරිය අත්නොහැර එක දිගට ම ගලට පහර දුන්නා. මහණෙනි..... අත්නොහරින වීරිය හරි සාර්ථක දෙයක්. අර ගල පිපිරුනා නොවැ...... මේන්න දිය සීරාව උඩට මතු වුනා.
මේ කථාව නිසා තිසරණය කියෙන්නේ නිදොස් ප‍්‍රතිපදාව කියල අර උපාසක වරුන්ට වැටහුනා. තිසරණයෙන් බැහැර ඇති පිහිට තියෙනවා කියන තැන් අර අමනුස්සයන් ගේ මායාව වගේ කියලත් අවබෝධ වුනා. භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් පිළිසරණ ඒ උපාසකවරුන්ට තේරුනා. ඔවුන් සියලු දෙනා සෝවාන් ඵලයට පත් වුනා.