040. දානය-ඛදිරංගාර ජාතකය
“අයියෝ.... මේ පසේබුදුවරයාට සත් දවසකට පස්සේ ආහාරයක් ලැබෙන්ටයි යන්නේ. නොලැබුනොත් මොහු නැසී යනවා. ඒ නිසා මොහු විනාස කරන්ට ම යි ඕනෑ. මේ සිටුවරයා දානෙ දීම වළක්වන්ට ඕනෑ” කියලා පසේබුදුනුත් සිටුමැදුරත් අතර.....
“අයියෝ.... මේ පසේබුදුවරයාට සත් දවසකට පස්සේ ආහාරයක් ලැබෙන්ටයි යන්නේ. නොලැබුනොත් මොහු නැසී යනවා. ඒ නිසා මොහු විනාස කරන්ට ම යි ඕනෑ. මේ සිටුවරයා දානෙ දීම වළක්වන්ට ඕනෑ” කියලා පසේබුදුනුත් සිටුමැදුරත් අතර.....
සමහරුන්ගේ ගතිගුණ හරි පුදුමයි. වැඩිහිටියන් අතරේ, ගුරුන් අතරේ, පිරිසක් අතරේ ඉන්නා විට බොහෝම හොඳට තැන්පත්ව ඉන්නවා. පොඩි වගකීමක් සමග තනිවෙන්ට ලැබුනොත් වෙනස් වෙනවා. ගමනකට පිටත් කළොත් වෙනස් වෙනවා. මේ කතාවෙන් කියවෙන්නේ එබඳු දෙයක්.
අනුන්ව මුළා කොට, අනුන් රවටා, කපටිකමෙන් ජීවත් වීම කිසිම කෙනෙකුට සුදුසු නෑ. හොඳ-නරක ගැන, යහපත-අයහපත ගැන විශ්වාසයක් නැති එබඳු පුද්ගලයන්ගෙන් පොදු ජනයාට කොයි කාලෙත් වුනේ අයහපතක්. ඒ වගේ ම ඔවුන්ටත් හැමදාම කපටිකමෙන් ඉන්ට ලැබෙන්නේ නෑ. මෙයත් එබඳු කතාවක්.
වැඩිමහල්ලන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක දකින්ට ලැබෙන එක් ප්‍රධාන ලක්ෂණයක්. බුද්ධ කාලයේ පවා මඳ නුවණින් යුතු භික්ෂූන් අතින් වැඩිහිටියන්ට ගරු කිරීම නැති වූ අවස්ථා ඇතිවී තියෙනවා. ඒ හේතුවෙන් මහෝත්තම භික්ෂූන් වහන්සේලා පවා අපහසුතාවන්ට පත්ව තියෙනවා. මෙය එබඳු කතාවක්.
ඇතැම් අවස්ථාවල කිසිසේත් නොසිතූ ආකාරයේ අපහසුතාවයන්ට මුහුණ දෙන්ට සිදුවෙනවා. බොහෝවිට සිදුවන්නේ ඒ අපහසුතා මැද ම ඉන්නවා මිස වෙනත් විකල්ප තෝරා නොගැනීමයි. නමුත් වෙනත් විකල්ප තෝරා ගැනීමෙන් අපහසුතාවලට ගොදුරු වී නොසිට එයින් නිදහස් විය යුතු බවයි මේ කතාවෙන් අපට පැහැදිලි කර දෙන්නේ.
ඉස්සර කාලේ පාරමී පුරා බෝ මුලකදී අභිසම්බෝධියට පත් මෛත්‍රී ගුණයෙන් පිරී ගිය සර්වඥ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේලා අවබෝධ කොට වදාළ ධර්මගුණ කියා දෙයක් තියෙනවා. මටත් එකම සත්‍යයක් තියෙනවා. මං හුදෙකලාව තනියම සොබාදහමට මුහුණ දී සිටීම ඒ එකම සත්‍යයයි. මේ සත්‍යානුභාවයෙන්....
විශාල මාළුවෙක් මාළුච්චියක් සමග ප්‍රේමයෙන් වෙලී රාගයෙන් මත් වී ජලයේ සෙල්ලම් කරමින් දැල පැත්තට පීනා ආවා. ඉස්සර වෙලා වතුරේ නට නටා ගියේ මාළුච්චියයි. මාළුවා ඈ පස්සෙන් නට නටා ආවා. ඇයට දැලක් අටවා ඇති වග තේරුනා. ඈ දැලට වටෙන් වටෙන් ගියා. රාගයෙන් මත් වෙලා සිටිය මාළුවා එක්වරම දැල ඇතුළට පිහිනා ගියා.
මං දැල දාපු ගමන් වෙනදා වගේ කෑගැසීමක් නෑ. හැමෝම දැලත් උස්සන් ඉගිල්ලෙනවා. මට තාම හිතා ගන්ට බෑ මොකක්ද මේ වුනේ කියලා. ඊටපස්සේ උන් කටුලැහැබකට පාත්වෙනවා. අස්සෙන් අස්සෙන් රිංගා ඉගිලෙනවා. හැබැයි මං එකක් දන්නවා. ඕකුන්ගෙ සමගිය වැඩිකල් තියෙන්නේ නෑ. එදාට බලාපන්....
එතකොට මොණරා මහත් ආඩම්බරයට පත්වුනා. ‘මුන්දැලා තාම මගේ හැබෑ හැඩරුව දැක්කේ නෑ’ කියලා පිරිස මැද්දේ පිල් කළඹ විදහාගත්තා. කැරකි කැරකී නටන්ට පටන් ගත්තා. එතකොට මොණරාගේ පස්ස පැත්ත හැමෝට ම පේන්ට පටන් ගත්තා. මෙය දැකපු ස්වර්ණ හංසරාජයා මහත් ලැජ්ජාවට පත්වුනා....
සක් දෙවිඳුගේ වචනය ඇසූ මාතලී රථය නැවැත්තුවා. වෙනත් මගකින් යන්ට රථය දෙව්ලොව පැත්තට හැරෙව්වා. රථය නවතාලූ විට අසුරයෝ මෙහෙම හිතුවා. ‘ඒකාන්තයෙන් ම අනිත් සක්වල වලින් ශක්‍රයෝ එනවා වගෙයි. බලය ලබාගෙන අපට බැටදෙන්ට යි රථය හැරෙව්වේ’ කියලා බියට පත්වුනා....