ගෞතම බුදුරජාණන් වහන්සේගේ 2600 වැනි උතුම් ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්, උතුම් ශී‍්‍ර සම්බුද්ධාභිෂේකයට උපහාර දක්වනු වස් “ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය පතුරුවමු…!” යන පිව්තුරු අදහසින් යුතුව මහමෙව්නාව සදහම් ග‍්‍රන්ථ පරිත්‍යාග කිරීමේ වැඩපිලිවෙල ආරම්භ කෙරිණි. අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් ඇරඹි මෙම උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මය යටතේ සමස්ථ මහමෙව්නාව භාවනා අසපු සංචිතය මඟින් මේ වන විට දිවයින පුරා පිහිටි විහාරස්ථාන, දහම් පාසැල්, පාසැල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන, පුස්තකාල, හමුදා කඳවුරු, ප‍්‍රජා ආයතන රැසකට සදහම් පොත් කට්ටල් 2500 කට අධික පමණයක් පරිත්‍යාග කොට ඇති බව දන්වන්නේ නිරාමිස සතුටිනි…

මෙසේ ලක් වැසි බොහෝ දනන්ගේ සිත් සතන් සුවපත් කරවමින් පැතිරෙනා ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය කෙරෙහි සුපහන් බොහෝ දෙන එයට මුලූ හදවතින්ම ආශිර්වාද කරන්නටත් ශක්ති පමණින් දායක වන්නටත් වූහ. එසේ අප වෙත එවන්නට යෙදුනු පුණ්‍යානුමෝදනාත්මක ලිපි රැසින් කිහිපයක් පින් කැමති ඔබ සැමට අනුමෝදන් වනු පිණිස මෙසේ අමුණන්නට අදහස් කළෙමු…

මෙම උතුම් ධර්මදානමය පුණ්‍ය කර්මයෙන් ජනිතවන්නට යෙදුනු සියලූ පුණ්‍යධර්මයන්, සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමට මුල්‍යමය දායකත්වය ලබාදුන් සැදැහැවතුනට ද, පින් කැමති සියලූ දෙව් මිනිසුනට ද උතුම් වූ දහම් ඇස උපදවා ගැනීම පිණිසම හේතු වාසනා වේවා…!