Book Donation2018-11-22T22:10:20+05:30

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන ‘ගෞතම බුදුරජුන්ගේ සාම සන්දේශය’ පැතිරවීම පිණිස අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය මත සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළක් මහමෙව්නාව භාවනා අසපු සංචිතය විසින් ආරම්භ කරන්නට යෙදුනා. ඒ යටතේ බොහෝ දෙනෙකුට ධර්මය ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙන පරිදි දිවයිනේ නොයෙක් ප්‍රදේශ වල පිහිටි විහාරස්ථාන, දහම් පාසල්, පාසල්, රාජ්‍ය ආයතන, හමුදා කඳවුරු, පුස්තකාල, ප්‍රජා ආයතන රැසකට සදහම් පොත් කට්ටල් 1000 කටත් අධික ප්‍රමාණයක් මේ වනවිටත් පූජා කොට අවසන්. මේ උතුම් ධර්ම දානය සඳහා නන් අයුරින් දායක වූ සියලු පින්වතුන්ට දහම් ඇස පහළ වීම පිණිස මේ පින හේතු වේවා!

මහමෙව්නාව භාවනා අසපු සංචිතය විසින් සිදු කරන මේ උතුම් ධර්ම දානමය පින් කමට හැකි පමණින් දායක වී පින් රැස් කර ගන්නට ඔබටත් පුළුවනි. අපි වගේ ම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබා එහෙත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය කියවන්නට ඉගෙන ගන්නට නොලැබුණු කොයිතරම් නම් පිරිසක් ඇද්ද? ඒ අයටත් මේ ධර්මය ලැබුණොත් ඒ ජීවිතත් සුවපත් කරගන්නට හැකි වේවි!

0+
මේ වන විට පරිත්‍යාග කර ඇති සදහම් පොත් කට්ටල් ප්‍රමාණය

ඡත්ත මානවක ගාථා – Chaththa Manawaka Gatha

(1) යෝ වදතං පවරෝ මනුජේසු සක්‍යමුනී භගවා කතකිච්චෝ පාරගතෝ බලවිරිය සමංගී තං සුගතං සරණත්ථමුපේමි කතා කරන මිනිසුන්ට උතුම් වූ සක්‍යමුනී භගවත් මුනිඳුන් වූ බුදු කිස නිම කළ - බල - [...]

ජයමංගල ගාථා – Jayamangala Gatha

(1) බාහුං සහස්සමභිනිම්මිතසායුධං තං ගිරිමේඛලං උදිතඝෝර සසේනමාරං දානාදිධම්මවිධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි දහසක් අත් ද මවමින් - නොයෙකුත් සැත් ද දරමින් ගිරිමේඛලා ඇතු පිටින් - එන මාරසේනා දානාදි පාරමී බලෙන් [...]

අප භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

අප භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මැනැවින් පිහිටි පාද ඇත්තේ වෙයි. (සුප්පතිට්ඨිතපාදෝ) යටි පතුල්හි චක්‍රයෝ හටගෙන තිබෙති. අර දහසකින් යුතු, රථ වළල්ල සහිත, නැබ සහිත, සියලු අයුරින් පිරිපුන් චක්‍රයෝ ය. (හෙට්ඨාපාදතලේසු චක්කානි ජාතානි හොන්ති [...]

Go to Top