Book Donation2018-11-22T22:10:20+05:30

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන ‘ගෞතම බුදුරජුන්ගේ සාම සන්දේශය’ පැතිරවීම පිණිස අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය මත සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළක් මහමෙව්නාව භාවනා අසපු සංචිතය විසින් ආරම්භ කරන්නට යෙදුනා. ඒ යටතේ බොහෝ දෙනෙකුට ධර්මය ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙන පරිදි දිවයිනේ නොයෙක් ප්‍රදේශ වල පිහිටි විහාරස්ථාන, දහම් පාසල්, පාසල්, රාජ්‍ය ආයතන, හමුදා කඳවුරු, පුස්තකාල, ප්‍රජා ආයතන රැසකට සදහම් පොත් කට්ටල් 1000 කටත් අධික ප්‍රමාණයක් මේ වනවිටත් පූජා කොට අවසන්. මේ උතුම් ධර්ම දානය සඳහා නන් අයුරින් දායක වූ සියලු පින්වතුන්ට දහම් ඇස පහළ වීම පිණිස මේ පින හේතු වේවා!

මහමෙව්නාව භාවනා අසපු සංචිතය විසින් සිදු කරන මේ උතුම් ධර්ම දානමය පින් කමට හැකි පමණින් දායක වී පින් රැස් කර ගන්නට ඔබටත් පුළුවනි. අපි වගේ ම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබා එහෙත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය කියවන්නට ඉගෙන ගන්නට නොලැබුණු කොයිතරම් නම් පිරිසක් ඇද්ද? ඒ අයටත් මේ ධර්මය ලැබුණොත් ඒ ජීවිතත් සුවපත් කරගන්නට හැකි වේවි!

0+
මේ වන විට පරිත්‍යාග කර ඇති සදහම් පොත් කට්ටල් ප්‍රමාණය

ස්වකීය සංසාර විමුක්තිය වෙනුවෙන් කළයුතු වීර්යය කෙසේ කටයුතු ද?

ඒ බුදුරදුන් විසින් වදාරන ලද ධර්මය වූ කලී ‘වීර්යය’ පිළිබඳ දැක්වෙන ආදාසතලයක් වැන්න. දෙව් මිනිසුන් විසින් ස්වකීය සංසාර විමුක්තිය වෙනුවෙන් කළයුතු වීර්යය කෙසේ කටයුතු දැයි බුදුමුවින් ම අනන්ත අප්‍රමාණ ලෙස වර්ණනාවට පාත්‍ර කොට තිබේ.

මහමෙව්නාවේ වෙසක් අසිරිය – ශ්‍රී බුද්ධ වර්ෂ 2570

පින්බර වෙසක් පුන් පොහෝ දා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව ප්‍රධාන දෙස් විදෙස් සියලු මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන්හි සිව්වණක් පිරිස ම එක් ව උතුම් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සමලංකෘත ව උතුම් වෛශාඛ මංගල්‍යය ඉතා....

“ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහාසෑයේ” මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මංගල්‍යය

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවක සංඝරත්නය වන චිරරාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර වූ, හිමාල වනයේ මන්දාකිණි විල් තෙර ඡද්දන්ත හස්තීන්ගෙන් උපස්ථාන ලබමින් හුදෙකලාවේ වැඩසිටි, බුද්ධානුබුද්ධ වූ අපගේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා

Go to Top